කෝලි සහ ශර්මා කැන්ගරුවන්ගේ සිහින මානය බිමින් තබයි

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2020 

90
India's Shreyas Iyer and Manish Pandey (C) greet each other after winning the third and last one day international (ODI) cricket match of a three-match series between India and Australia at the M. Chinnaswamy Stadium in Bangalore on January 19, 2020. (Photo by Manjunath KIRAN / AFP) / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අද (19) දින පැවති තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය කඩුලු 7 කින් ජය ගනිමිනි. 

විශාල් මහානාම බලාපොරොත්තු සුන් කරද්දී තර්ස්ටන් විද්‍යාලයට පූර්ණ ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තවත් තරග …

මෙම තරගය ආරම්භ වීමට පෙර කණ්ඩායම් දෙකම තරග 1-1 ක් ලෙස ජයගෙන තිබූ නිසා මෙම තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලිය ජය ගැනීමේ අවස්ථාව උදාවී තිබුනි. පළමු තරගයේ දී ඕස්ට්‍රේලියාව කඩුලු 10 ක දැවැන්ත ජයක් හිමිකර ගත් නමුත් දෙවන තරගයේ දී පළමු තරගයට සාපේක්ෂව ඕස්ට්‍රේලියානු දස්කම් අඩු මට්ටමක තිබුනි. අනෙක් පසින් ඉන්දියාව ඔවුන්ගේ රටේ ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් ඉදිරියේ දී තරගාවලියක් පරාජයට පත්වීමට තිබෙන ලැජ්ජාව සහ බිය නිසාවෙන් ඔවුන්, ඔවුන් සතු දස්කම් උපරිමයෙන් විදහා දක්වන ලදි. 

බැංගලෝර් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් පිතිකරුවන්ට හිතකර වූ මෙම තණතීරුව මත ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 286 කට සීමා කිරීමට ප්‍රබල ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. 

පළමු තරගයේ දී සුපිරි පිතිකරණයක නිරත වූ නායක එරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් යන පිතිකරුවන් දෙදෙනා ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 46 ක් වන විට දවා ගැනීමට මොහොමඩ් ශමී ඇතුළු ඉන්දීය ක්‍රීඩකයින් සමත් විය. ඒ නිසාවෙන් ඔවුන්ගේ ආරම්භය යම් මට්ටමකට බිඳ වැටුනත් ස්ටීව් ස්මිත් සහ මාර්න්ස් ලබුශේන් තවදුරටත් ලකුණු අතරට පිවිසෙමින් පිළිවෙළින් ශතකයක් සහ අර්ධ ශතකයක් වාර්තා කරගත්තේ තවදුරටත් ඔවුන් ඕනෑම තරග රටාවක් සඳහා සුදුසු පිතිකරුවන් බව පසක් කර දෙමිනි. 

තමන් මුහුණදුන් පන්දු ප්‍රමාණයට සමාන ලකුණු ප්‍රමාණයක් රැස්කර ගනිමින් ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළ ස්මිත් සිය එක්දින ක්‍රිකට් දිවියේ 8 වන ශතකය වාර්තා කළ අතර එය වසර 10 ක් වන ඔහුගේ ක්‍රිකට් දිවිය තුළ ඉන්දියාවට එරෙහිව ඉන්දියාව තුළදී රැස්කර ගත් පළමු ශතකය ලෙසට ද වාර්තා පොත් අතරට ගියේය. ඔහුට අනගි සහයක් ලබා දෙමින් සිය ලකුණු පුවරුව සවිමත් කළ ලබුශේන් හතරේ පහර 5 ක් සමඟින් ලකුණු 54 ක් රැස්කර ගෙන සිටියදී දැවී ගියේ රවීන්ද්‍ර ජඩේජාගේ පන්දුවකට යි. 

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ඉන්දීය ක්‍රීඩකයින්ට තරමක මට්ටමේ හිසරදයක් වූ ස්මිත් හතරේ පහර 14 ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 131 ක් රැස්කර ගෙන සිටියදී ඔහුගේ ඉනිමට තිත තැබුවේ දකුණතින් මඳ වේගපන්දු යවන මොහොමඩ් ශමී ය. ශමී මෙම තරගයේ දී සහ දෙවන තරගයේ දී පන්දු යැවීමෙන් ඉන්දියාව වෙනුවෙන් වැඩි දස්කම් දැක්වූයේය. 

කෙසේ නමුත් රවීන්ද්‍ර ජඩේජා ඇතුළු ඉන්දීය දඟපන්දු යවන්නන් හමුවේ ඕස්ට්‍රේලියානු මැදපෙළ බිඳ වැටීම නිසාවෙන් ඔවුන්ට මැදපෙළ පන්දුවාර තුළ පවත්වාගෙන එමින් තිබූ දළ ලකුණු ලබා ගැනීමේ වේගය පවත්වාගෙන ඒමට නොහැකි විය. හතරේ පහර 6 ක් එල්ල කළ ඇලෙක්ස් කේරී රැස්කර ගත් ලකුණු 35 නොවන්නට එවැනි මට්ටමක ලකුණක් වෙත හෝ පැමිණීමට ඕස්ට්‍රේලියාවට වරම් ලැබෙන්නේ නැත. 

Video – පුත්තලමේ පාසල් ක්‍රිකට් අභිමානය – සාන්ත ජෝසප් වාස් විද්‍යාලය Cricket Team Preview 2019/20

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ පාසල් ක්‍රිකට්…

ලකුණු 287 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට රෝහිත් ශර්මා සහ ලෝකේශ් රාහුල් සමත් වූයේ පළමු කඩුල්ල සඳහා ලකුණු 69 ක සබඳතාවයක් ගොඩනංවමිනි. 

ඔවුන්ගේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වන ශිකර් ධවාන්, ඕස්ට්‍රේලියානු ඉනිමේ පස්වන පන්දුවාරය තුළ පන්දුවක් රැකගැනීමට යාමේ දී උරහිස බිම ගැටී තිබීම නිසා යම් ආබාධයකට ලක්ව ප්‍රතිකාර කරමින් සිටීම හේතුවෙන් ඔහු මෙම තරගයේ පිතිකරණය සඳහා පැමිණියේ නැත. 

ධවාන් නොමැති අඩුව ද පිරවීමේ වගකීම සිය කර මතට ගත් ශර්මා හතරේ පහර 8 ක් සහ හයේ පහර 6 ක් එල්ල කරමින් පන්දු 128 කදී ලකුණු 119 ක් රැස්කර ගත්තේ සිය 29 වන එක්දින ශතකය ද සපුරා ගෙනයි. ඇඩම් සැම්පාගේ පන්දුවක් හමුවේ මිචෙල් ස්ටාර්ක් වෙත උඩ පන්දුවක් ලබා දීම නිසා ශර්මාගේ සටන්කාමී ඉනිම නිමා විය.  

ඊට පෙර කෝලි සමඟ එක්වූ ශර්මා දෙවන කඩුල්ල සඳහා ලකුණු 137 ක සබඳතාවයක් ගොඩනගමින් තරගයේ පීඩනය මුළුමනින්ම ඕස්ට්‍රේලියානුවන් වෙත එල්ල කළේය. 

අවසානයේ ඉන්දියාවට එරෙහිව තරගාවලි ජයක් වෙත ඉන්දීය කණ්ඩායම මෙහෙය වූ කෝලි, ලකුණු 89 ක් (හතරේ පහර 8 ක් එල්ල කරමින්) රැස්කර ගෙන සිය ශතකය ආසන්නයේ සිටියදී දැවී ගියේ ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් වෙත තරගය අවසන් කිරීමේ වගකීම ලබා දෙමිනි. ඒ වගකීම නිසියාකරවම ඉටුකළ ශ්‍රෙයාස් අයියර් සහ මනීෂ් පාණ්ඩේ පිළිවෙළින් ලකුණු 44* ක් සහ ලකුණු 8* ක් රැස්කර ගනිමින් ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබා ගත්තේ (තවත් පන්දු 15 ක් ඉතිරිව තිබිය දී) තරග 2-1ක් ලෙස තරගාවලිය ද ජයගෙනයි. 

සිම්බාබ්වේ ඉඩෝරය නිම කරන ශ්‍රී ලංකාවට යළිත් වසන්තය?

සිම්බාබ්වේ කණ්ඩායමේ සහ ඔවුන්ගේ දේශයේ ක්‍රිකට් ඉඩෝරය නිමා කරමින් …

ඕස්ට්‍රේලියාව : 286/9 (50) ස්ටීව් ස්මිත් 131, මාර්න්ස් ලබුශේන්  54, ඇලෙක්ස් කේරි 35, මොහොමඩ් ශමී 4/63. 

ඉන්දියාව : 289/3 (47.3) රෝහිත් ශර්මා 119, විරාත් කෝලි 89, ශ්‍රේයාස් අයියර් 44*, ලෝකේශ් රාහුල් 19. 

තරගයේ වීරයා – රෝහිත් ශර්මා (ඉන්දියාව) 

තරගාවලියේ වීරයා – විරාත් කෝලි (ඉන්දියාව) 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<