ඉන්දියාව දණ ගැස්වූ කැන්ගරුවන්ගේ අවසන් පන්දුවේ වික්‍රමය!

1100

විස්සයි විස්ස තරගවල දී ඉන්දියාව පරාජය කිරීම අපහසුය. එය ඔවුන්ගේ රටේ දී ම සිදු කිරීම ඊට වඩා දස ගුණයක් අපහසුය. නමුත් ඒ දුෂ්කර කාර්යය සාර්ථකව අවසන් කිරීමට ඊයේ (24) සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි විය. ඒ දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ අවසන් පන්දුවේ දී කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කරමිනි.

රෂීඩ් ඛාන් අයර්ලන්තය පලවා හරියි

ඇෆ්ගනිස්තානයේ වමත් දඟපන්දු යවන රෂීඩ් ඛාන්ගේ ….

ප්‍රේක්ෂකයින් 28,000කට ඉඩ පහසුකම් ඇති විශාකාපට්නම් ක්‍රිකට් ක්‍රීඩාංගණය ඊයේත් අතුරු සිදුරු නැතුව පිරී ගියේ සමස්ත ඉන්දියානුවන්ටම ක්‍රිකට් යනු ක්‍රීඩාවක් නොව ආගමක් වන බැවිනි. ඒ අනුව මෙම උණුසුම් තරගයට ආරම්භය ලබා දෙමින් දෙපිළේ නායකයින් කාසියේ වාසිය උරගා බැලූ අතර එහි ජයග්‍රාහකයා වූ ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් මුලින් පන්දු යැවීම තෝරා ගත්තේය. සැබවින්ම IPL තරගාවලි රැසක දී කණ්ඩායම් රැසක් වෙනුවෙන් ක්‍රීඩා කොට, ඉන්දියානු තණතිලි සහ ක්‍රීඩකයින් පිළිබඳ හොඳින් දැන සිටින ඒරන් ෆින්ච් ඕස්ට්‍රේලියානු නායකයා වීම ඔවුන්ට වෙස්වලාගත් ආශීර්වාදයක්ම විය.

ඉන්දියානු ඉනිම ඇරඹී වැඩිකල් ගත වන්නට පෙර ආරම්භක පිතිකරු රෝහිත් ශර්මාට පිටියෙන් ඉවත් වන්නට වූ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගූ ලෝකේෂ් රාහුල් සහ නායක කෝලි ඉන්දියාවට තවත් ජයග්‍රහණයක බලාපොරොත්තු ඇති කළහ. කෙසේ වෙතත් මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හමුවේ ඔවුන්ට සිදු වූයේ තණතිල්ලෙන් උකහා ගත හැකි ලකුණු ප්‍රමාණයට (Par Score) වඩා අඩු ලකුණු ගණනකින් සෑහීමකට පත් වන්නටයි. විශේෂයෙන්ම රිශාබ් පන්ට්, දිනේෂ් කාර්තික් වැනි පිතිකරුවන් තනි ඉලක්කමේ ලකුණු වලට දැවී යද්දී පිටිය මැද ඉතිරි වූයේ මහේන්ද්‍ර සින් දෝනි පමණි.

ඔහුගේ ඉනිම ද විස්සයි විස්ස තරගයකට නොගැලපෙන තරම් මන්දගාමී වූ නිසා විස්තර විචාරයින් මෙන්ම ප්‍රේක්ෂකයින් ද ඒ පිළිබඳව තරමක් නොසතුටට පත්වූ බව පෙනෙන්නට තිබුණි. ඊයේ පන්දු 37කට මුහුණ දුන් දෝනි රැස්කර ගත්තේ ලකුණු 29ක් පමණි. ඔහුගේ ඉනිමට එකම එක හතරේ පහරක් පමණක් ඇතුළත් විය. ඉන්දියානුවන්ගේ මෙම පසුබෑමට කැන්ගරු පන්දු යවන්නන්ගේ, එක් එක් ක්‍රීඩකයා ඉලක්ක කොටගත් පන්දු යැවීමේ සැලසුම් ද හේතු වූ අතර කිසිදු පිතිකරුවෙකුට ඔවුන් හමුවේ දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි වූයේ නැත.

IPL තරග රැසක් ක්‍රීඩා කොට ඇති නේතන් කෝල්ටර්නයිල් එම අත්දැකීම්වලින් ප්‍රයෝජන ගත්තේ ලකුණු 26කට කඩුලු 3ක් දවා ගනිමිනි. එය සිංහල වහරේ එන පරිදි “ඌරාගේ මාළු ඌරාගෙ පිටේ තබා කැපීමක්” බඳුවිය. කෝල්ටර්නයිල් ඊයේ දිනයේ අර්ධ ශතකයක් රැස්කර සිටි ලෝකේෂ් රාහුල්, දිනේෂ් කාර්තික් සහ කෘනාල් පාන්ඩ්‍යා යන පිතිකරණ හැකියාවක් ඇති ක්‍රීඩකයින් තිදෙනෙකුම දඩයම් කර ගැනීමට සමත් වීම ද විශේෂත්වයකි. මීට අමතරව පැට් කමින්ස් ඇඩම් සැම්පා සහ තවමත් වැඩි ජාත්යන්තර තරග අත්දැකීම් නැති ජේසන් බෙරන්ඩෝෆ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා එක්දින සංචිතයෙන් ප්‍රබලයෙකු ඉවතට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සමඟ පැවැත්වෙන තරග පහකින් සමන්විත 5කින් සමන්විත ….

ඒ අනුව සත්කාරක ඉන්දීය කණ්ඩායම තම ප්‍රේක්ෂකයින් ඉදිරියේම අසරණ වූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 126ක් පමණක් ලබා ගනිමිනි. ඒ අනුව ඕස්ට්‍රේලියානුවන්ට පහසු ජයග්‍රහණයක් සඳහා දොරගුළු හැරුණු අතර බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ ඔවුන් සුවපහසු ආකාරයෙන් ජය කණුව පසු කරනු ඇති බවයි. නමුත් බුම්රාහ් ක්‍රියාත්මක කළ තෙවැනි පන්දුවාරයේ දී BBL සුපිරි තරුවක් වන මාර්කස් ස්ටොයිනිස් සහ නායක ෆින්ච් දැවී යාමත් සමඟ නිදා සිටි ඉන්දියානු ප්‍රේක්ෂකාගාරය අවදි වී නැවතත් ඔල්වරසන් නැගීම ආරම්භ කළහ.

ඒ අනුව ලකුණු 5ට කඩුලු 2ක් බිඳ වැටී අසරණ වූ ඕස්ට්‍රේලියාවට නැවතත් බලාපොරොත්තු ගෙන ආවේ ග්ලේන් මැක්ස්වෙල් සහ ඩී. ආචි-ශෝට් අතරේ ගොඩ නැගුණු ලකුණු 84ක සබඳතාවයයි. මේ අතරින් මැක්ස්වෙල් පිළිබඳ ක්‍රිකට් ලෝකයම දන්නා අතර ආචි-ශෝට් යනු මෙවර බිග් බෑශ් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු රැස් කරගෙන මේ දිනවල දස්කම් අතර සිටින පිතිකරුවෙකි. ඊයේ දිනයේ මැක්ස්වෙල් තම විස්සයි විස්ස දිවියේ සයවැනි අර්ධ ශතකය ලෙස ලකුණු 56ක් රැස් කරගත් අතර ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය.

තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු මෙම සම්බන්ධතාවය නිසා ජයග්‍රහණයට අවශ්‍ය පන්දු ගණන සහ ලකුණු ගණන පවා සමාන වූ නමුත් ඕස්ට්‍රේලියානු පසුපෙළ පිතිකරුවන් එකා පසුපස එකා දැවී යන්නට පටන් ගැනීමත් සමඟ නැවතත් තරගයේ උණුසුම දෙගුණ තෙගුණ විය. ඒ අනුව කඩුලු 7ක් දැවී ගොස් සිටි කැන්ගරුවන්ට අවසන් පන්දුවාරයේ දී ලකුණු 14ක ඉලක්කයක් හිමි වූ අතර ඒ වෙනුවෙන් පිටියේ රැඳී සිටියේ පැට් කමින්ස් සහ ජේ රිචඩ්සන් යන පිතිකරණයේ එතරම් හැකියාවක් නැති ක්‍රීඩකයින් දෙපළ පමණි.

සසායිගේ ප්‍රහාරය නිසා වැඩිම T20 ලකුණු වාර්තාව ඇෆ්ගනිස්තානයට!

2007 සිට පුරා වසර 9ක් තිස්සේ ලොව වැඩිම විස්සයි ….

නමුත් උමේෂ් යාදෙව් ක්‍රියාත්මක කළ එම පන්දුවාරය පරිණත පිතිකරුවන් දෙදෙනෙකු පරිද්දෙන් කළමනාකරණය කර ගත් ඔවුන් දෙදෙනා ඉන්දියාවට තම උපන් බිමේ දී ම තියුණු පරාජයක් හිමිකර දුන්හ. පන්දුවාරයේ මුල් පන්දු 5ට ඔවුන් ප්‍රහාරය එල්ල කළ නිසා අවසන් පන්දුව සඳහා ඔවුන්ට අවශ්‍ය වූයේ ලකුණු 2ක් පමණි.

තරගය නිමා වන විට කමින්ස් සහ රිචඩ්සන් නොදැවී ලකුණු 7 බැගින් ලබාගෙන සිටියහ. පන්දු යැවීමේ දී ලකුණු 16කට කඩුලු 3ක් දවාගත් ජස්ප්‍රීට් බුම්රාහ් විචාරකයින්ගේ නොමද ප්‍රශංසාව දිනා ගත්තේය. කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක නේතන් කෝල්ටර්නයිල් විසිනුයි.

ඉන්දියානුවන් ඊයේ දිනයේ තම මව්බිමේ දී T20 තරගයකින් පරාජය වූයේ තරග 7කට පසුව වීම විශේෂත්වයකි. ඒ අනුව තරග දෙකක් පමණක් ඇතුළත් විස්සයි විස්ස තරගාවලිය පරාජය වීමේ අවදානම දැන් ඕස්ට්‍රේලියානුවන්ට නොමැති අතර ලබන 27 වැනිදා චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය ඉන්දීය පිළේ අභිමානයත්, ඕස්ට්‍රේලියානු පිළ තරගාවලි ජයග්‍රහණය වෙනුවෙන් ගන්නා උත්සාහයත් අතරේ දෝලනය වන උණුසුම් තරගයක් වන බවට සැකයක් නැත.

ඉන්දියාව – කඩුලු 7ක් දැවී ලකුණු 126 (පන්දුවාර 20)

ලෝකේෂ් රාහුල් 50, එම්. එස්. දෝනි 29*, විරාත් කෝලි 24, රෝහිත් ශර්මා 5, නේතන් කෝල්ටර්නයිල් 3/26, ජේසන් බෙරන්ඩෝෆ් 1/16, පැට් කමින්ස් 1/19.

ඕස්ට්‍රේලියාව – කඩුලු 7ක් දැවී ලකුණු 127 (පන්දුවාර 20)

ග්ලේන් මැක්ස්වෙල් 56, ඩී. ආචි-ශෝට් 37, පීටර් හැස්කොම්බ් 13, ජස්ප්‍රිට් බුම්රාහ් 3/16, කෘනාල් පාන්ඩ්‍යා 1/17, යුශ්වේන්ද්‍ර චහාල් 1/28.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<