ජාදේව්- දෝනි ඕස්ට්‍රේලියාවෙන් පළිය ගනී

487

කේඩර් ජාදේව්ගේ සහ මහේන්ද්‍ර සිං දෝනිගේ නොබිදුණු විශිෂ්ට සබඳතාවය හේතුවෙන් සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් හිමිකරගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (02) සමත් විය.

හයිද්‍රාබාද් හී රජිව් ගාන්ධි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/ රාත්‍රි තරගයක් ලෙස පැවති තරගයේ ඕස්ට්‍රේලියානු නායකයා කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය.

මැක්ස්වෙල්ගේ ගිණිකෙළි මැද ඉන්දියාව මව් බිමේ දී ම දණ නමයි!

පසුගිය මාස කිහිපය පුරාවට මුනිවත රැකි ග්ලේන් මැක්ස්වෙල්ගේ පිත්ත කතා කිරීමට පටන් ගත්තේ මීට දින කිහිපයකට පෙර ඕස්ට්‍රේලියානු පිළේ ඉන්දීය තරග සංචාරය ආරම්භ…

ඒ අනුව උස්මාන් කවාජා සමඟින් නායක ඒරන් ෆින්ච් ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කළ ද ෆින්ච්ට වැඩි වේලාවක් පිටියේ රැඳීමට ජස්ප්‍රිත් භුම්රා ඉඩ සැලසුවේ නැත. පන්දු 3කට පමණක් මුහුණ දුන් ෆින්ච් දෝනි අතට උඩ පන්දුවක් ලබා දී ලකුණු නොලබා ඔහු දැවී ගියේය.

අනතුරුව මාර්කස් ස්ටොයිනස් දෙවන කඩුල්ලට කවාජා සමඟින් එකතුව ලකුණු 87ක සබඳතාවයක් ගොඩ නගන ලදි. ස්ටොයිනස් ලකුණු 37කට දැවී යන විට ඔහු පන්දු 53කට මුහුණ දී හතරේ පහර 6ක් එල්ල කර තිබුණි.

පසුව පීටර් හෑන්ඩ්ස්කොම්බ් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි අතර ඔහු කවාජා සමඟ ලකුණු 10ක සබඳතාවයක් ගොඩනගා තිබිය දී ඕස්ට්‍රේලියානු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස කවාජා දැවී ගියේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කවාජා පන්දු 76කින් ලකුණු 50ක් ලබා සිටි අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

අනතුරුව විස්සයි විස්ස තරගාවලියේ ඉන්දියානු පන්දු යවන්නන් අසරණ කරමින් දැඩි ප්‍රහාරයක් දියත් කළ ග්ලේන් මැක්ස්වෙල් සිව්වැනි කඩුල්ලට පිටියට පිවිසිය ද ඔහුට නිදහසේ පහරවල් වෙත යාමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත.

හෑන්ඩ්ස්කොම්බ් සමඟින් මැක්ස්වෙල් සිව්වැනි කඩුල්ලට ලකුණු 36ක් එක්කර තිබිය දී කුල්දිප් යාදේව් යොමු කළ පන්දුවකට මහේන්ද්‍ර සිං දෝනී දක්ෂ ස්ටම්ප් කිරීමක් සිදු කළ අතර ඒ අනුව හෑන්ඩ්ස්කොම්බ්ගේ ඉනිම ලකුණු 19කට අවසන් විය.

අනතුරුව පස්වැනි කඩුල්ලට ඇස්ටන් ටර්නර් පිටියට එක්වූ අතර ඕස්ට්‍රේලියානු ඉනිමට තවත් ලකුණු 36ක් එකතු වී තිබිය දී මොහොමඩ් සාමි යැවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී ටර්නර් ලකුණු 21කට දැවී ගියේය.

ගේල්ගේ උත්සහය අපතේ යයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති සිව්වැනි එක්දින තරගයේ සුවිශේෂි පිතිකරණ වාර්තා කිහිපයක් අලුත් කරමින්…

මැක්ස්වෙල් ක්‍රීඩා පිටියේ රැඳී සිටීමෙන් අවසන් පන්දුවාර 10 තුල ඕස්ට්‍රේලියාව වැඩි ලකුණු සංඛ්‍යාවක් වෙත යාමට ඉඩ පවතින බවට ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු තබාගෙන සිටිය ද ඊට හරස්වෙමින් ක්‍රියාත්මක වූ මොහොමඩ් සාමි 40 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුව කෙළින්ම කඩුල්ලටම යොමු කරමින් මැක්ස්වෙල් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය. මුළු ලකුණු 176ක්ව තිබිය දී මැක්ස්වෙල් දැවී යන විට ඔහු පන්දු 51කින් හතරේ පහර 5ක් සමඟ ලකුණු 40 ලබා සිටියේය.

අනතුරුව කඩා වැටී තිබූ ඕස්ට්‍රේලියානු ඉනිම යම් සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් වෙත රැගෙන යාමට සමත් සබඳතාවය හත්වැනි කඩුල්ලට ගොඩනැගුණු අතර පිටියට පිවිසි නේතන් කෝල්ට්‍රනයිල්, ඇලෙක්ස් කෙරී සමඟ එක්ව පන්දු 60කින් ලකුණු 62ක් ලබා ගත්හ.

අවසාන පන්දුවාරයේ පස්වැනි පන්දුවෙන් කෝල්ට්‍රනයිල් දැවී යන විට ඔහු පන්දු 27කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියේය. දක්ෂ ඉනිමක් දියත් කළ ඇලෙක්ස් කෙරී හතරේ පහර 5ක් සමඟින් පන්දු 37කට ලකුණු 36ක් ලබා ගත්තේය.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ඕස්ට්‍රේලියානුවන් ලකුණු 236ක් ලබා ගත්තේය.

ඉන්දියාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් සාමි ලකුණු 44කට කඩුලු 2ක්, කුල්දීප් යාදෙව් ලකුණු 46කට කඩුලු දෙකක්, ජස්ප්‍රිත් භුම්රා ලකුණු  60කට කඩුලු දෙකක් සහ කේඩර් ජාදේව් ලකුණු 31කට කඩුල්ලක් ද බැගින් දවා ගත්හ.

ඒ අනුව දෙරට අතර විස්සයි විස්ස තරගාවලියේ ලැබූ අමිහිරි පරාජයත් හිතේ තබා ගනිමින් එහි වාඩුව ගැනීමට ලකුණු 237ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දියානුවන් පන්දුවාර 48යි පන්දු 2ක් තුල කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 240ක් ලබා ගනිමින් ජය වාර්තා කළේය.

ඉන්දීය ඉනිම ආරම්භ කරමින් ශිකර් දවාන් සමඟින් රෝහිත් ෂර්මා පිටියට පිවිසිය ද දවාන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම මැක්ස්වෙල් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

ක්‍රිකට් ජීවිතයේ ගත් සංවේදී තීරණයක් ගැන තරංග හෙළි කරයි!

අත්දැකීම් සහිත ආරම්භක පිතිකරු උපුල් තරංග ඊයේ දිනයේ (28) හොඳින් පිත්ත හසුරුවමින් පන්දු 34ක් තුල ලකුණු 45ක් රැස්කර ගත්තේය. ඒ දකුණු අප්‍රිකානු ආරාධිත පිළට…

පසුව නායක විරාත් කෝලි, රෝහිත් ෂර්මා සමඟින් එක්ව ඉන්දීය ඉනිමට ලකුණු 80ක් එක්කළ අතර දෙවන කඩුල්ල ලෙස කෝලි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ඇඩම් සැම්පා සමත්වන අතර කෝලි දැවී යන විට ඔහු පන්දු 45කින් ලකුණු 44ක් ලබා සිටියේ හතරේ පහර 6ක් සහ හයේ පහරක් ක්‍රීඩාංගණයේ සීමාවෙන් එපිටට යොමු කරමිනි.

කෝලිගේ දැවී යාමෙන් පසු අම්බති රයිදු තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසියේය. ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 95ක් වන විට 21 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ කෝල්ට්‍රනයිල් එහි පස්වැනි පන්දුවෙන් ලකුණු 37ක් ලබා සිටි රෝහිත් ෂර්මා දවා ගත්තේය. මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළ ෂර්මා ලකුණු 37ක් රැස්කිරීමට පන්දු 66ක් වැය කළ අතර ඊට හතරේ පහර 5ක් අන්තර්ගත විය.

ෂර්මා දැවී යාමේ උණුසුම පහවන්නටත් මත්තෙන් ඉන්දීය කණ්ඩායම ඉතා අසීරු අඩියකට දමමින් ලකුණු 99ක් වන විට රයිදු ලකුණු 13කට දවා ගැනීමට යළි ක්‍රියාත්මක වූ ඇඩම් සැම්පා සමත් විය.

ලකුණු 99කට කඩුලු 4ක් දැවී ගොස් ඉතා අසීරු තත්ත්වයක සිටි ඉන්දිය කණ්ඩායමට නැවත වරක් කෙමින් කෙමින් ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ඒමට පස්වැනි සහ හයවැනි කඩුලු වෙනුවෙන් පිටියට පිවිසි මහේන්ද්‍ර සිං දෝනි සහ කේඩර් ජාදේව් පියවර ගත්තේය.

ඒ අනුව පන්දු යවන්නන් වෙනුවෙන් වැඩි සහයෝගයක් දැක්වූ හයිද්‍රාබාද් තණ තීරුවේ රිද්මය වටහාගත් කේඩර් ජාදේව් සහ මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 141ක නොබිදුණු විශිෂ්ට සබඳතාවයක් පිහිටුවමින් ඉන්දියාවට ජයග්‍රහණය ගෙන ආහ.

මොවුන් දෙදෙනා එක්වන විට පන්දු 159කින් ජයග්‍රහණයට ලකුණු 137ක් අවශ්‍ය වූ අතර එහි දී ජාදේව් පන්දු 87කින් ලකුණු 81ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

පිට පිට එල්ල කළ දර්ශනීය හතරේ පහර දෙකකින් ඉන්දියාව වෙනුවෙන් ජයග්‍රාහි ලකුණ සටහන් කළ මහේන්ද්‍ර සිං දෝනි පන්දු 72කින් ලකුණු 59ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත්ය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් නේතන් කෝල්ට්‍රනයිල් ලකුණු 46කට කඩුලු දෙකක් සහ ඇඩම් සැම්පා ලකුණු 49කට කඩුලු 2ක් දවා ගත්හ. තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ කේඩර් ජාදේව් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

ඒ අනුව දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට 1-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම පෙරමුණ ගෙන සිටින අතර මීළඟ තරගය ලබන මාර්තු 05 නාග්පූර් හීදි පැවැත්වේ.

ඕස්ට්‍රේලියා කණ්ඩායම: කඩුලු 7ක් දැවී 236 (50) උස්මාන් කවාජා 50,  ග්ලේන් මැක්ස්වෙල් 40, මාර්කස් ස්ටොයිනස් 37, ඇලෙක්ස් කෙරී 36, නේතන් කෝට්‍රනයිල් 28, මොහොමඩ් සාමි 2/44, කුල්දීප් යාදේව් 2/46, ජස්ප්‍රිත් භුම්රා 2/60, කේඩර් ජාදේව් 1/31

ඉන්දීය කණ්ඩායම: කඩුලු 4ක් දැවී ලකුණු 240 (48.2) කේඩර් ජයදේව් 81, මහේන්ද්‍ර සිං දෝනි 59, විරාත් කෝලි 44, රෝහිත් ෂර්මා 37, නේතන් කෝට්‍රනයිල් 2/46, ඇඩම් සැම්පා 49/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<