ඉන්දියාවට 5-0ක පහසු තරග ජයග්‍රහණයක්

81

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර තරග 5කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අවසන් කරමින් අද (22) ෆරිඩාබාද් හිදී නිමා වූ පස්වැනි සහ අවසන් තරගය කඩුලු 10කින් ජය ගත් ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෝ තරගාවලිය ද 5-0කින් නිමා කිරීමට සමත් වූහ.

ඉන්දීය ක්‍රීඩකයෝ සිව්වැනි තරගයත් ජය ගනියි

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය…

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 153ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෝ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 156ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළහ. ඒ තවත් පන්දු 37ක් ඉතිරිව තිබිය දී ය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩි මෙහෙවරක් කළේ චන්දන දේශප්‍රිය ය. ඔහු ලකුණු 52ක් දවා ගත්තේ ය. පන්දු 35කින් සමන්විත වූ එම ඉනිමට හතරේ පහර 6ක් ඇතුලත් විය. ඊට අමතරව සමන් තුෂාර පන්දු 38කට මුහුණ දී ලකුණු 38ක් ලබා ගත්තේ ය.

අනෙක් පිතිකරුවන් වූ ප්‍රියන්ත කුමාර (01), කේ. ඒ. සිල්වා (02), ඩී. චමින්ද (08), දිනේෂ් මතුගම (09), චන්දන සූරියාරච්චි (00), අඩු ලකුණුවලට සීමා වෙමින් තම ඉනිම් අහිමිකර ගත්හ.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට ප්‍රදීප් සමීර නොදැවී ලකුණු 08ක් සහ දිනේෂ් මධුවන්ත නොදැවී ලකුණක් ලබා සිටියහ.

පන්දු යැවීමේ දී ආර්. අජේ කුමාර් ලකුණු 29කට කඩුලු 2ක් දවා ගනිද්දී, දීපාල් මලික් සහ අමල් කාර්චි කඩුල්ල බැගින් හිමිකර ගත්හ.

ඇතුගල්පුරයෙන් පැමිණි විශිෂ්ටයා දකුණු ලකෙන් සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන හිටපු ටෙස්ට් නායකයෙක්…

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ 14 වැනි පන්දු වාරය ක්‍රියාත්මක වෙද්දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කිසිදු කඩුල්ලක් ලබා නොදෙමිනි.

ඉන්දීය ඉනිම ආරම්භ කළ ආර්. අජේ කුමාර් සහ දීපාක් මලික් ඉතා පහසුවෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මුහුණ දුන්හ. ආර්. අජේ කුමාර් පන්දු 37කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා ගත් අතර දීපක් මලික් පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟ නොදැවී ලකුණු 88ක් ලබා ගත්තේ ය.

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ දීපක් මලික් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 8ක් දැවී 153 (20): සමන් තුෂාර 32, චන්දන දේශප්‍රිය 52, ආර්. අජේ කුමාර් 2/20

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කිසිවෙක් නොදැවී 156 (13.5): ආර්. අජේ කුමාර් 53, දීපක් මලික් 88

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය හෙට (21) දිල්ලි තරගයෙන් ආරම්භ වන අතර දෙවැනි තරගය මේ මස 25 වැනිදා භුබනේස්වර් හිදී ද, තෙවැනි තරගය මේ මස 27 වැනිදා කල්කටා හිදී ද පැවැත්වීමට නියමිත ය.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<