ඉන්දීය දෘශ්‍යාබාධිතයෝ විස්සයි 20න් ද වැඩ අල්ලයි

82

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර තරග 5කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (15) පූනේ නේහු ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 39ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

තුන්කෝන් තරගාවලියේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති…

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාවෙන් පළමු පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 190ක් ලබා ගත්හ. ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ලට එක් වූ ලකුණු සංඛ්‍යාව 52කි. එහි දී ඒ. ගරියා ලකුණු 16කට දැවී ගියේ ය.  ඩී. රාවෝ  පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟ ලකුණු 27ක් ලබා ගත්තේ ය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආර්. වෙන්කටේෂ්වර ය. ඔහු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 50ක් රැස් කර ගත්තේ ය. ඊට අමතරව එස්. එමේෂ් රැස් කළ ලකුණු සංඛ්‍යාව 26කි. ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේ ය.

ඉනිමේ හය වැනි කඩුල්ල වෙනුවෙන් ඒ. රෙඩ්ඩි සහ ආර්. වෙන්කටේෂ්වර පන්දු 48ක දී ලකුණු 60ක සබඳතාවක් ගොඩ නැගූහ. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද විය.  රෙඩ්ඩි දුවද්දී දැවී යෑමට ගොදුරු වෙද්දී පන්දු 25කට මුහුණ දී ලකුණු 25ක් ලබා ගත්තේ ය.

කඩුලු දවා ගැනීමේ දී සුරංග සම්පත් ලකුණු 25කට කඩුලු 2ක් දවා පත් අතර පී. ඩී. රවින්ද්‍ර ලකුණු 53කට කඩුල්ලක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෝ තම පන්දුවාර 20 අවසානයේ දී ලබා ගත්තේ කඩුලු 9ක් දැවී ලකුණු 151කි.

ජයසූරියට එරෙහිව ICCය චෝදනා ගොනු කරයි

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සනත් ජයසූරිය මහතා ජාත්‍යන්තර ක්‍රිකට්…

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ කේ. ඒ. සිල්වා ය. ඔහු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිමට සහයෝගය දැක්වීමට අනෙකුත් පිතිකරුවන් අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම මේ අයුරින් විනාශ විය.

කෙසේ වෙතත් යටි පෙළින් පිටියට පිවිසි ප්‍රියන්ත කුමාර පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස විය. නමුත් ඔහුගේ උත්සාහය ද සඵල නොවුණේ පිතිකරුවන් 7 දෙනෙක්ම අඩු ලකුණුවලට සීමා වීම හේතුවෙන් ය.

පන්දු යැවීමේ දී ඩී. රාවෝ ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත් අතර ඔහු පිතිකරුවෙක් ලෙසින් ද පෑ දක්ෂතා සැලකිල්ලට ගනිමින් තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.

ඊට අමතරව එස්. රමේෂ් සහ බී. වද්දගෝල් කඩුල්ල බැගින් බෙදා ගත්හ.

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 190 (20.0)  ඒ. ගරියා 16, ඩී. රාවෝ 27, එන්. ටුම්ඩා 18, එස් .රමේෂ් 26, ආර්. වෙන්කටේස්වර නොදැවී 50, ඒ. රෙඩ්ඩි 25,  සුරංග සම්පත් 2/25

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 151 (20.0) කේ. ඒ. සිල්වා 57, ප්‍රියන්ත කුමාර 23, ඩී. රාවෝ 2/24

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය හෙට (16) මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය. තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<