ශ්‍රී ලංකා හා ඉන්දීය තරග කාලසටහන නිකුත් වෙයි

2845

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනි දා ආරම්භ වන අතර, එහි පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

අර්ජුනගෙන් සනත්ට දෝෂාරෝපණයක්

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය වෙනුවෙන් නම්කළ සංචිතයට දිනේෂ් චන්දිමාල් නම් නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා වෙත දෝෂාරෝපණයක්…

මෙම තරගාවලිය සඳහා ටෙස්ට් තරග තුනක්, එක්දින ජාත්‍යන්තර තරග 5ක් හා එක් විස්සයි-20 තරගයක් ඇතුළත්ව ඇත. සංචාරක ඉන්දීය කණ්ඩායම මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව තෙවන ස්ථානයේ පසුවන අතර, ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය කණ්ඩායම පෙරමුණේ පසුවෙයි. ප්‍රතිවාදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව 8 වැනි ස්ථානයේ සිටින අතර, ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ රැඳී සිටියි.

මෙම තරගාවලිය ටෙස්ට් තරගයකින් ආරම්භ වන අතර, එය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී මේ මස 26 වන දා සිට 30 වැනි දා දක්වා පැවැත්වේ. ඉතිරි ටෙස්ට් තරග දෙක පිළිවෙළින් එස්.එස්.සී ක්‍රීඩා පිටියේ දී හා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම තරගාවලිය තුල පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරග මාලාවේ පළමු තරගය අගෝස්තු මස 20 වැනි දා දඹුල්ලේ දී පැවැත්වෙන අතර, දෙරට අතර පැවැත්වෙන එකම 20-20 තරගය ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය – ජුලි 26 සිට 30 දක්වා – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී
  • දෙවන ටෙස්ට් තරගය –  අගෝස්තු 3 සිට 7 දක්වා – එස්.එස්.සී පිටියේ දී
  • තෙවන ටෙස්ට් තරගය  – අගෝස්තු 12 සිට 16 දක්වා  – පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී
  • පළමු එක්දින තරගය  – අගෝස්තු 20  – රංගිරි දඹුලු  ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී
  • දෙවන එක්දින තරගය – අගෝස්තු 24 –  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී
  • තෙවන එක්දින තරගය  – අගෝස්තු 27  – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී
  • සිව්වන එක්දින තරගය  – අගෝස්තු 31 – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී
  • පස්වන එක්දින තරගය – සැප්තැම්බර් 3  –  ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී
  • 20-20 තරගය – සැප්තැම්බර් 6 –  ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට