කිවියන්ට අන්ත පරාජයක්

56
Photo : outlookindia.com

තම මව් රටේදී ලැබිය හැකි උපරිම අපකීර්තිය අත් විඳිමින් සත්කාරක නවසීලන්ත පිළ අද (02) ඉන්දියාව හමුවේ තරග 5-0ක දැවැන්ත පරාජයක් ලබා ගත්හ. ඒ මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර බොහෝ දෙනා නවසීලන්තය පැත්තට වැඩි බරක් තබා පළ කළ අනාවැකි පුස්සක් බවට පත් කරමිනි. කෙසේවෙතත් තරග 5න් 2ක්ම සුපිරි පන්දුවාරය කරා ඇදී ගිය උණුසුම් තරග බවට පත්වූ අතර සමහරක් පරාජයන්ට ඉන්දීය පිළේ දක්ෂතාවයන්ට වඩා නවසීලන්ත පිළේ දුර්වල ක්‍රීඩා රටාව හේතුවිය.

නවසීලන්තයේ සුපිරි පන්දුවාර අපලය

නවසීලන්තයට ඇත්තටම සුපිරි පන්දුවාර අපල ද? මෙම ගැටළුව බොහෝ ක්‍රීඩා….

ඉන්දීය නිත්‍ය නායක විරාත් කෝලි මෙම තරගයෙන් විවේක ලබාගෙන තිබූ නිසා වැඩ බලන නායකත්වය සුපුරුදු පරිදි පැවරුනේ රෝහිත් ශර්මාටයි. ඔහු අද දින කාසියේ වාසිය දිනා ගැනීමට ද වාසනාවන්ත විය. ඒ අනුව ඔහු මෙවර තීරණය කළේ මුලින් පිතිකරණයේ යෙදීමටයි. කෙසේවෙතත් තරගය ක්‍රියාත්මක කළ දෙවැනි පන්දුවාරයේ දීම ඉන්දීය පිළට තම පළමු කඩුල්ල අහිමි වූ අතර එහිදී දැවී ගියේ ඉන්දීය පිළේ නවමු අත්හදාබැලීමක් වූ සංජු සැම්සනුයි.

කෙසේවෙතත් ගැඹුරු ඉන්දීය පිතිපෙළ සොලවන්නට මෙම තනි කඩුල්ලට හැකි නොවූ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88ක සබඳතාවයක් පිහිටුවමින් ඉන්දීය පිළ නැවතත් තරගය තම පාලනය යටතට ගත්හ. එහිදී වර්තමානයේ සීමිත පන්දුවාර තරග වල නම් දැරූ ක්‍රීඩකයෙකු ලෙස අවිවාදයෙන්ම සඳහන් කළ හැකි රෝහිත් ශර්මා වගකීම කරට ගනිමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 60ක් වාර්තා කළේය. ඒ පන්දු 41කදීයි.

බයිලා නොගැසූ එම්. එස්

එම්.එස් යන නාමය ප්‍රසිද්ධ බයිලා වලටය. නමුත් මේ ලිපියෙන් විමසා බැලෙන්නේ….

මේ දිනවල ලකුණු අතර සිටින තවත් ඉන්දියානු තුරුම්පුවක් වන ලෝකේෂ් රාහුල් මෙම සබඳතාවයට පණ පොවමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 45කි. කෝඩුකාර වේග පන්දු යවන්නෙකු වන හේමිශ් බෙනට්ගේ පන්දුවක් හමුවේ දැවී යනවිට රාහුල් පන්දු 33කට පමණක් මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් එල්ල කර සිටියේය. ඉන්පසු ශ්‍රෙයාස් අයර් නොදැවී ක්‍රීඩා කළ ලකුණු 33ක ඉනිමද ඉන්දීය ලකුණු පුවරුව 163ක් දක්වා ගෙන යන්නට උපකාරී වුවද ඔහුට එතරම් වේගවත්ව ලකුණු රැස් කරන්නට අද දිනයේ ඉඩ ලැබුනේ නැත.

පසුගිය තරග වලදී අසාර්ථක වීම නිසා ප්‍රේක්ෂකයින්ගේ උසුළු විසුළු වලට ලක් වීමටද සිදුවූ ටිම් සවුති ගැන නවසීලන්ත තේරීම් කමිටුව තවදුරටත් විශ්වාසය තැබුවද නියමිත පන්දුවාර 4 දී ඔහු ලකුණු 52ක් ප්‍රතිවාදීන්ට තිලිණ කළේ කිසිදු කඩුල්ලක් දවා නොගෙනයි.

එබැවින් තරග සිය ගණනක අත්දැකීම් වලට වඩා වර්තමාන දස්කම් පිලිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීමට එරට තේරීම් කමිටුව මෙවන් අවමන් සහගත පරාජයක් ලැබීමෙන් පසුව හෝ තීරණය කළහොත් ඇඟට ගුණදායක වනු ඇත. අද නවසීලන්තය වෙනුවෙන් කඩුලු දවා ගත්තේද, ස්කොට් කුග්ලෙයින් සහ හේමිශ් බෙනට් නම් අඩු තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති නවක ක්‍රීඩකයින් දෙදෙනා පමණි.

ශ්‍රී ලාංකිකයෙකුට එවරස්ට් ප්‍රිමියර් ලීග් වරම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග නේපාලයේ එවරස්ට් ප්‍රිමියර් ලීග්……..

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට උත්සාහ කළ කිවියන් අද දිනයේත් හොඳ තරගයක් ලබා දුන්නද වාසනාව නම් වෙනදා මෙන්ම ඔවුන් සමඟ සිටියේ නැත. ඒ ඉන්දියාවට වඩා ලකුණු 7ක් මෙපිටින් නවසීලන්ත ඉනිම අහවර වීම නිසයි. දෙවැනි, තෙවැනි සහ සිව්වැනි පන්දුවාර වලදී ලකුණු 17කට මුල් කඩුලු 3 බිඳ වැටීමෙන් පසු ටිම් සයිෆට් සහ රොස් ටේලර් ලකුණු 99ක විශිෂ්ට සබඳතාවයක් පැවැත්වුවද නවසීලන්ත පිළේ දෛවය වෙනස් කරන්නට එය ප්‍රමාණවත් වූයේ නැත.

කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ ටිම් සයිෆට් අර්ධ ශතකයක් රැස්කර ගැනීමට වැයකළේ පන්දු 30ක් පමණි. ඒ අතර ඔහු හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් එල්ල කළේය. ඊට සාපේක්ෂව මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළ රොස් ටේලර් පන්දු 47කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 53කි. ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් සහ හයේ පහර 2කින් හැඩවිය. කෙසේවෙතත් සයිෆට් සහ ටේලර් පිටියේ ඉන්නා විට පන්දුවාර 12.3කදී ලකුණු 116කට කඩුලු 3ක් ලෙස වරෙක දිස්වූ ඉනිම කඩා වැටුනේ පසුපෙළ පිතිකරුවන් අසාර්ථක වීමත් සමඟයි.

ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයන්ට විනය පුහුණුවක්

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය……

ටේලර්ගෙන් පසු ලකුණු 5 සීමාවටවත් ලඟා වීමට සමත් වූයේ අවසන් මොහොතේ නොදැවී ලකුණු 16ක් රැස්කළ ඉශ් සෝඩි පමණි. මෙම ඇද වැටීම හමුවේ නවසීලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 156ක් පමණි.

පන්දු යැවීමේ දී ශිවාම් ඩුබේ පමණක් තනි පන්දුවාරයට ලකුණු 34ක්ම ලබා දෙමින් අන්ත අසරණ වුවද අනෙක් ක්‍රීඩකයින් සියල්ලම පාහේ සාර්ථක වූහ. ඩුබේගේ මෙම ලකුණු දන්සැල දෙවැනි වන්නේ පන්දුවාරයක දී ඉන්දියානු ප්‍රවේගකාරී පිතිකරු යුවරාජ් සිංට හයේ පහර 6ක් එල්ල කිරීමට ඉඩ ලබාදුන් ස්ටුවර්ට් බ්‍රෝඩ්ට පමණි. අද ජස්ප්‍රිට් බුම්රාහ්ට කඩුලු 3ක් සහ නව්දීප් සයිනි සහ ශාදුල් තකූර්ට කඩුලු 2 බැගින් හිමිවිය.

මෙන්ඩිස්ගේ අපල දුරු කරමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්!

පසුගිය කාලය පුරාවට මෙරට ප්‍රේක්ෂකයින්ගේ විවිධ දෝෂාරෝපණ……

මෙම තරගාවලිය ඉතිහාසයට එක් වන්නේ ඉන්දියාව විදෙස් රටකදී තරග 5කින් සමන්විත T20 තරගාවලියක් සම්පූර්ණයෙන්ම ජයගත් මුල්ම අවස්ථාව ලෙසයි. එසේම තම මව්බිමේදී වැඩිම විස්සයි විස්ස තරග පරාජය වූ කණ්ඩායම ලෙස නවසීලන්තය අද ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳ ගත්තේ තරග 23 බැගින් පරාජය වෙමිනි!

ඉන්දියාව – කඩුලු 3ක් දැවී ලකුණු 163 (පන්දුවාර 20) : රෝහිත් ශර්මා 60, ලෝකේෂ් රාහුල් 45, ශ්‍රෙයාස් අයර් 33*, මනිශ් පාන්ඩේ 11*, ස්කොට් කුග්ලෙයින් 2/25, හේමිශ් බෙනට් 1/21.

නවසීලන්තය – කඩුලු 9ක් දැවී ලකුණු 156 (පන්දුවාර 20) : රොස් ටේලර් 53, ටිම් සයිෆට් 50, ඉශ් සෝඩි 16*, කොලින් මන්රෝ 15, කොලින් මන්රෝ 3/12, නව්දීප් සයිනි 2/23, ශාදුල් තකූර් 2/38.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<