කිවියන් T20 තරගාවලියේ වාඩුව එක්දින තරගාවලියෙන් අල්ලයි!

88
India vs New Zealand
AP Photo

මීට දින කිහිපයකට පෙර නිමාවූ විස්සයි විස්ස තරගාවලියේ දී තමන්ව පූර්ණ තරගාවලි පරාජයකට ලක් කිරීමේ වාඩුව සංචාරක ඉන්දීය පිළෙන් පියවා ගැනීමට අද (11) නවසීලන්ත කණ්ඩායමට හැකිවිය. ඒ ඉන් පසුව ඇරඹි එක්දින තරගාවලියේ දී ඉන්දියාව 3-0ක පූර්ණ තරගාවලි පරාජයකට ලක් කරමිනි. අද පැවති තෙවැනි එක්දින තරගය නවසීලන්තය පහසුවෙන් ජය ගත්තේ කඩුලු 5කිනි.

ඉන්දියාව මවිත කරමින් යොවුන් ලෝක කුසලානය බංග්ලාදේශයට!

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට බංග්ලාදේශයට ලෝක කුසලානයක පහස විඳ ගැනීමට ඉඩ ලබා

තරගය ජය ගැනීමේ පළමු පියවර වශයෙන් නවසීලන්ත නායක කේන් විලියම්සන් කාසියේ වාසිය දිනා ගනිමින් තීරණය කළේ තම ප්‍රතිවාදීන්ව මුලින් පිතිකරණය සඳහා කැඳවීමටයි. ඒ අනුව තරගයේ මුල් හෝරාවක කාලය තුල ඉන්දියානුවන්ගේ මුල්පෙළ කඩුලු 3ක් ඩැහැ ගැනීමට නවසීලන්තයට හැකිවිය. ඒ අතරට ලකුණු 9දී හේමිශ් බෙනට්ගේ පන්දුවකට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගිය විරාත් කෝලිගේ කඩුල්ලද ඇතුළත් විය. නවක ක්‍රීඩක ප්‍රිත්වි ශෝ දුවද්දී දැවී යනවිට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියේය.

ඉන්පසු නැවතත් ඉන්දියානු ආධිපත්‍යය බේ ඕවල් පිටියේ ගොඩ නැගුණු අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩ නගන්නට ශ්‍රෙයාස් අයර්ට සහ ලෝකේෂ් රාහුල්ට හැකිවිය. මේ දිනවල අසාමාන්‍ය පිතිකරණ දක්ෂතා ප්‍රකට කරන ලෝකේෂ් රාහුල් ඒ අතරතුර තම සිව්වැනි එක්දින ශතකයද වාර්තා කර ගත්තේය. පන්දු 113ක් තුල වාර්තා වූ ඔහුගේ ලකුණු 112ට හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. ඔහුට සමාන ලකුණු වේගයක් රඳවා ගත් ශ්‍රෙයාස් අයර් ලකුණු 62ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සමඟයි.

ශ්‍රෙයාස් අයර්ගේ දැවී යාමෙන් පසුව ලෝකේෂ් රාහුල් පස්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ශතක සබඳතාවයකට මුල පිරුවේ මනිශ් පාන්ඩේ සමඟයි. එහිදී පන්දු 48කට මුහුණ දුන් මනිශ් පාන්ඩේ හතරේ පහර 2ක් පමණක් එල්ල කරමින් ලකුණු 42ක් රැස් කළේය. මැදපෙළ පිතිකරුවන් ලබාදුන් මෙම ශක්තිය නිසාම ඉන්දියානු පිළට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 296ක් රැස්කර ගැනීමද අසීරු නොවීය. එහිදී ඔවුන්ට කැපී පෙනෙන අභියෝගයක් වූ හේමිශ් බෙනට් කඩුලු 4ක් දවා ගත්තේය.

එංගලන්තය එක්දින තරගාවලියත් බේරා ගනියි!

සත්කාරක දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට ඊයේ (09)

ලකුණු 300කට ආසන්න මෙම ඉලක්කය හඹා යාමේදී කිසිදු නවසීලන්ත පිතිකරුවෙකු ශතකයක් වාර්තා නොකළද කණ්ඩායමක් ලෙස පිතිකරණ අංශයෙන් සාර්ථක වූ නිසා ඔවුන්ට අද ජය කණුව පසු කිරීම අපහසු නොවීය. ඒ වෙනුවෙන් ඔවුන් වැයකළේ පන්දුවාර 47.1ක් පමණි. පළමු කඩුල්ල වෙනුවෙන්ම මාර්ටින් ගප්ටිල් සහ හෙන්රි නිකොල්ස් අතරේ ගොඩ නැගුණු ශතක සබඳතාවය නවසීලන්ත ජයග්‍රහණය තව තවත් පහසු කළේය. එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා බවට පත්වූ නිකොල්ස් සහ ගප්ටිල් පිළිවෙලින් ලකුණු 80ක් සහ 66ක් රැස්කර ගත්හ. 

මැදපෙළ පිතිකරුවන්ගෙන් එතරම් විශාල ඉනිම් දැකිය නොහැකි වුවද තැනට ගැලපෙන ඉනිම් ක්‍රීඩා කිරීම නිසා නවසීලන්තය ලකුණු වේගය සපුරා ගැනීමට නොහැකිව අසරණ වූයේද නැත. එම අඩුව පිරවීමට වැඩිම දායකත්වය කොලින් ඩි ග්‍රැන්ඩ්හොම්ගෙන් ලැබුනු අතර ඔහු පන්දු 28කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තේය. ඔහුගේ අති ප්‍රවේගකාරී ඉනිමට අලංකාර හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වූයේ ඉන්දියානු පිළේ අවසන් ජයග්‍රහණ බලාපොරොත්තුවත් බොඳකර දමමිනි. පන්දු යැවීමේ දී යුශ්වේන්ද්‍ර චහාල් කඩුලු 3ක් දවා ගත්තේය.

හොකී පිටියෙන් ක්‍රිකට් පිටියට ස්ලොග් ස්වීප් පහර ගෙන ආ ටේලර්

රොස් ටේලර් නවසීලන්තය වෙනුවෙන් වගකීම තම කරට ගත් ක්‍රීඩකයෙකු බව පසුගිය ඉන්දීය තරග කීපයේ දී බොහෝ

තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිවූයේ ලකුණු 80ක් ලබමින් නවසීලන්ත ජයග්‍රහණය වෙනුවෙන් පදනම සැකසූ හෙන්රි නිකොල්ස්ටයි. තරගයේ වීරයා ලෙස මුල් තරග දෙකේදීම සත්කාරක පිළ වෙනුවෙන් පිත්තෙන් විශිෂ්ට සේවයක් සැපයූ රොස් ටේලර් නම් විය. මේ සමඟින් දෙරට අතර එක්දින තරගාවලිය නිමාවට පත්වූ අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන 21 වැනිදා වෙලින්ටන් හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

ඉන්දියාව – කඩුලු 7ක් දැවී ලකුණු 296 (පන්දුවාර 50)

ලෝකේෂ් රාහුල් 112, ශ්‍රෙයාස් අයර් 62, මනිශ් පාන්ඩේ 42, ප්‍රිත්වි ශෝ 40, විරාත් කෝලි 9, හේමිශ් බෙනට් 4/64, ජිමී නීශම් 1/50, කයිල් ජැමීසන් 1/53.

නවසීලන්තය – කඩුලු 5ක් දැවී ලකුණු 300 (පන්දුවාර 47.1)

හෙන්රි නිකොල්ස් 80, මාර්ටින් ගප්ටිල් 66, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් 58, ටොම් ලැතම් 32*, කේන් විලියම්සන් 22, යුශ්වේන්ද්‍ර චහාල් 3/47, රවින්ද්‍ර ජඩේජා 1/45.