ටේලර්ගේ ශතකය නිසා කිවියන්ගෙන් වාර්තාගත හඹා යෑමක්!

76
Credit : Getty Images

තරග 5-0ක් ලෙස විස්සයි විස්ස තරගාවලියේ දී අමිහිරි පරාජයකට ලක්වුණු නවසීලන්ත පිළ අද (05) පළමු එක්දින තරගයට මුහුණ දුන්නේ ඒ සියලු අඳුරු මතකයන් අමතක කර දමමිනි. එහිදී ලකුණු 347ක වාර්තාගත ලකුණක් හඹාගිය කිවියන් ජයග්‍රහණය තහවුරු කර ගත්තේ කඩුලු 4ක් අතැතිවයි. සුපිරි මැදපෙළ පිතිකරු රොස් ටේලර් මෙම ජයග්‍රහණයේ මූලිකයා වූයේ ප්‍රවේගකාරී ශතකයක් සමඟයි.

ගිලීගේ ක්‍රීඩාශීලීත්වය පිටුපස තිබූ අඳුරු පැතිකඩ!

2003 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ…

කලකට පෙර ආසියානු තණතිලි වල පමණක් පිත්තෙන් වැඩ පෙන්වන බවට හංවඩු ගැසී සිටි ඉන්දියාව මේ වනවිට එම චෝදනා වලට නිසි පිලිතුරු ලබා දෙන්නේ වේගවත් තණතිලි වල ඉහළ ලකුණු සංඛ්‍යා නිරන්තරයෙන්ම වාර්තා කරමිනි. අද හැමිල්ටන් හි සෙඩන් පාර්ක් පිටියේදී ද එය වෙනසක් නොවූ අතර කිවියන්ගේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහර දුන් ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4කට ලකුණු 347ක් වාර්තා කර ගත්හ.

සාර්ථක පිටපතකට අනුව ගොඩ නැගුණු නාට්‍යයක් බඳුවූ ඉන්දියානු ඉනිම අවස්ථාවට ගැලපෙන ලෙස චරිතය වෙනස් කරගත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන්ම සමන්විත විය. එහිදී ප්‍රිත්වි ශෝ (20) සහ මායන්ක් අගර්වාල් (32) යන කෝඩුකාර ආරම්භක පිතිකරුවන් දෙදෙනා තම කණ්ඩායමට හොඳ වේගයක් සහිතව අර්ධ ශතක සබඳතාවයක් ලබා දුන් අතර එම කඩුලු දෙකම ඉන්දියාවට අහිමි වූයේ අනුයාත පන්දුවාර දෙකකදීයි.

ඒ අනුව වහාම ගියරය මාරු කළ විරාත් කෝලි සහ ශ්‍රෙයාස් අයර් ප්‍රහාරයට යොමු වීම පසෙකලා ඉන්දීය ඉනිම ගොඩ නැගීම ආරම්භ කළහ. එහිදී තම රිද්මය අඛණ්ඩව පවත්වාගෙන යන විරාත් කෝලි අද තම 58 වැනි එක්දින අර්ධ ශතකයත් රැස්කර ගත්තේ පන්දු 63කට මුහුණ දෙමිනි. ඒ අතරතුර ඔහු හතරේ පහර 6ක් තම ඉනිමට එක්කාසු කර ගත්තේය. කණ්ඩායමට ශතකයක අවශ්‍යතාවය දැනුනු මොහොතේ එම වගකීම අකුරටම ඉටුකළ ශ්‍රෙයාස් අයර් අද ලකුණු 103ක් ලබා ගත්තේ හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟයි. 

පළමු තරගයේ ජය දකුණු අප්‍රිකාවට!

දකුණු අප්‍රිකානු දේශයේ ගෙවෙන දීර්ඝ තරග සංචාරයේ තවත් එක් නව පරිච්ඡේදයක් අරඹමින්…

ඔහුට අමරණීය සිහිවටනයක් වන පරිදි විදෙස් රටකදී ලොව මුල්පෙළේ වේග පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දී ලබාගත් මෙම මංගල එක්දින ශතකයට පන්දු 107ක් පමණක් වැයවිය. එහිදී කෝලි සහ ශ්‍රෙයාස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩ නැගීමට ද සමත් වූහ. මේ අනුව ඉන්දියාවට විශාල ලකුණු පුවරුවක් කරා යාමේ මාවත පැහැදිලි වූ අතර මේ දිනවල උපරිම දස්කම් අතර සිටින ලෝකේෂ් රාහුල් සහ කෙඩාර් ජාදෙව් ලකුණු වේගය ඉහළ නැංවීමේ ජවනිකාව භාර ගත්හ.

එහිදී ලෝකේෂ් රාහුල් තවත් ශතකයක් ආසන්නයට පැමිණෙමින් නොදැවී ලකුණු 88ක් රැස්කර ගත්තේ පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක්ම එල්ල කරමිනි. ඉනිමේ අවසන් කොටසේදී පන්දු 15කට පමණක් මුහුණ දුන් කෙඩාර් ජාදෙව් නොදැවී ලකුණු 26ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී තම ක්‍රිකට් දිවියේ අමිහිරි කාලයක් ගත කරමින් සිටින ටිම් සවුති ප්‍රතිවාදීන්ට ලකුණු 85ක්ම ලබා දෙමින් කඩුලු 2ක් බිඳ හෙලද්දී ඉශ් සෝඩි සහ ග්‍රැන්ඩ්හොම් ඉතිරි කඩුලු 2ට වග කියූහ.

කෙසේවෙතත් නවසීලන්ත පිළේ අවස්ථාවට අනුකූලව පිතිකරණයේ යෙදීම මීටත් වඩා විශිෂ්ට වූ අතර ඔවුන් ඊට ආරම්භය තබන්නේ පළමු කඩුල්ලට ලකුණු 85ක් එක් කරමිනි. එහිදී මාර්ටින් ගප්ටිල් ලකුණු 32ක් රැස් කරද්දී හෙන්රි නිකොල්ස් ලකුණු 78ක් රැස්කළේ ඉන්දියානුවන්ගේ ජයග්‍රහණ බලාපොරොත්තු අභියෝගයට ලක් කරමිනි. දුවද්දී දැවී යාමකට ලක්වී පිටිය හැරයන විට නිකොල්ස් හතරේ පහර 11ක් එල්ල කර සිටියේය. අද එක්දින වරම් දිනාගත් ටොම් බ්ලන්ඩෙල්ට තම මංගල ඉනිම සාර්ථක කර ගැනීමට හැකි නොවූ අතර ලකුණු 9කට දැවී ගියේය.

නවසීලන්ත පිළේ දෛවය වෙනස් කරන සබඳතාවය ඉන්පසු ගොඩ නැගුනේ පරිණත පිතිකරු රොස් ටේලර් සහ ටොම් ලැතම් අතරයි. නවසීලන්ත ලකුණු පුවරුව 171 දී පිටියේ එක්වුණු ඔවුන් දෙදෙනා ලකුණු 309ක් දක්වාම ඉනිම ගොඩ නැගුවේ ලකුණු 138ක තරග දිනවන සබඳතාවයක් ගොඩ නගමිනි. වසර ගණනාවක් පුරාවට මැදපෙළ පිතිකරුවෙකු ලෙස තම සේවය ලබාදෙන රොස් ටේලර් අද පන්දු 84කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 109ක් රැස්කළේ නවසීලන්තයේ ගැලවුම්කරුවා බවට පත්වෙමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 10කින් සහ හයේ පහර 4කින් හැඩවිය.

නිහඬ බව බිඳි මැක්සි නැවතත් සටන් පෙරමුණට

මේ මස අවසානයේ දී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග…

ටේලර්ට අගනා සහයක් ලබාදුන් ටොම් ලැතම් ලකුණු 69ක් රැස්කළේ පන්දු 48කට පමණක් මුහුණ දෙමිනි. ඒ හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟයි. මෙම පිතිකරුවන් දෙදෙනාම ශතක සබඳතාවයක් ගොඩ නැගීම පමණක් නොව ඉතාමත් හොඳ ප්‍රහාරක වේගයක් ද පවත්වා ගැනීම නිසා ඉන්දියානුවන්ට සිදුවූයේ සිදුවන දේ බලා සිටීමට පමණි. තරගයේ වීරයා සම්මානය නිතරගයෙන්ම සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රොස් ටේලර්ට හිමිවිය. දෙරට අතර දෙවැනි එක්දින තරගය 08 වැනිදා ඕක්ලන්ඩ් හිදී පැවැත්වෙයි.

ඉන්දියාව – කඩුලු 4ක් දැවී ලකුණු 347 (පන්දුවාර 50)

ශ්‍රෙයාස් අයර් 103, ලෝකේෂ් රාහුල් 88*, විරාත් කෝලි 51, මායන්ක් අගර්වාල් 32, කෙඩාර් ජාදෙව් 26*, ප්‍රිත්වි ශෝ 20, ටිම් සවුති 2/85, ඉශ් සෝඩි 1/27, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් 1/41.

නවසීලන්තය – කඩුලු 6ක් දැවී ලකුණු 348 (පන්දුවාර 48.1)

රොස් ටේලර් 109*, හෙන්රි නිකොල්ස් 78, ටොම් ලැතම් 69, මාර්ටින් ගප්ටිල් 32, මිචෙල් සැන්ට්නර් 12, කුල්දීප් යාදෙව් 2/84, මොහොමඩ් ශමී 1/63.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<