කැන්ගරුවන් අභිබවා ඉන්දියාව යළිත් ඉස්සර වෙයි

283

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී නිමා වූ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 137කින් ජය ගත් ඉන්දීය කණ්ඩායම තරග 4කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 3-1ක් ලෙස නැවත වතාවක් පෙරමුණ ගැනීමට සමත් විය.

නවසීලන්තයට වාර්තා ගත ටෙස්ට් ජයක්

ක්‍රයිස්චර්ච් හෙග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ දී අද (30) අවසන් වූ ශ්‍රී ලංකා – නවසීලන්ත…

මේ බොක්සිං දින ටෙස්ට් තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සඳහා ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් සමඟ ඕස්ට්‍රේලියානු සම නායක ආර්චි ශීලර් පිටියට පැමිණි අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක විරාත් කෝලී පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

තරගාරම්භයෙන් පසුව හනුමා විහාරිගේ දැවී යාමෙන් අනතුරුව පිටියේ එක්වූ චේතෙශ්වර් පුජාරා හා කෝඩුකාර මයාන්ක් අගර්වාල් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක අගනා සබඳතාවයක් ගොඩනැංවූයේය.

මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ අගර්වාල් 4 පහර 8ක් හා එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 76ක් ලබා ගත් අතර ඕස්ට්‍රේලියාවේ දී මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඉන්දියානුවකු ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද එය ඉතිහාසයට එකතු විය.

පන්දු 319කට මුහුණ දී 4 පහර 10ක් සමඟින් පුජාරා නායක විරාත් කෝලි හා එක්ව තුන්වැනි කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 170කි. ඉන් අනතුරුව රෝහිත් ශර්මා නොදැවී ලකුණු 63ක් ලබා සිටිය දී පිතිකරුවන් ආපසු ක්‍රීඩාගාරයට කැඳවූ නායක විරාත් කෝලි කඩුලු 7ට ලකුණු 443ක් ලබා සිටිය දී ඉන්දීය මුල් ඉනිම නතර කළේය. මේ තරගයේ පළමු ඉනිමේ දී නායක කෝලි 4 පහර 9ක් සමඟින් ලකුණු 82ක් ලබා ගත්තේය.

ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධයේ නවතම තත්වය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකාව සහ…

කෝලිගේ අරමුණ වූයේ දෙවන දිනයේ අවසන් ඕවර කිහිපයේ දී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවකු දවා ගැනීම වුවත් සන්ධ්‍යාවේ දී යැවුණු ඕවර 6 ඇතුළත දී සිය කඩුලු ආරක්‍ෂා කරගැනීමට මාර්කස් හැරිස් සහ ඒරන් ෆින්ච් දෙදෙනාට හැකි විය.

තරගයේ තෙවන දිනයේ කාර්තු කිහිපයක් තුල ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට නැවතීමේ තිත තැබූ මද වේගපන්දු යවන ක්‍රීඩක ජාස්ප්‍රිට් බුම්රා ලකුණු 33කට කඩුලු 6ක් දවා ගනිමින් ඉතාමත් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ව පාලනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 151කට සීමා විය.

එවැනි අවම ලකුණු මට්ටමකට ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරණ බල ඇණිය සිය නිජබිමේ දී ම අසරණ කළ ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 292ක මුල් ඉනිමේ වාසියක් තිබියදීත් දෙවැනි ඉනිම සඳහා පිති අතට ගත්හ.

දිනෙන් දින  පිතිකරණයට උචිත නොවන අතට පරිවර්තනය වන මෙල්බර්න් තණතීරුව මත ජස්ප්‍රීට් බුම්රා කළ පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියානු පිලේ දුර්වල පිතිහරඹය ප්‍රදර්ශනය විය. කිසිම ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකුට ලකුණු 22 පසුකර යා නොහැකි වීමෙන් පෙනුණේ කණ්ඩායමේ සිටි පලපුරුදුම පිතිකරුවන් දෙදෙනා වන ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් දෙදෙනා නැති අඩුවයි. වසරක කාලයක් සඳහා තරග තහනමකට ලක්ව සිටින ස්මිත් සහ වෝනර්ගේ තහනම මාර්තු මාසයේ දී අවසන් වීමට නියමිතයි.

මහේල – සංගා කුසලානය සංගාගේ පාසලට

සිංගර් කුසලාන පළමු පෙළ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ…

දෙවැනි ඉනිමේ දී මායන්ක් අගර්වාල් සහ හනුමා විහාරි එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 28ක සම්බන්ධතාවක් ගොඩනැංවීමෙන් පසුව සිය රිද්මය හඳුනා ගත් පැට් කමින්ග්ස් ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේය.

හනුමා විහාරි සහ රෝහිත් ශර්මාගේ දැවී යාම් දෙක අතරතුර ඉන්දීය පිලට එක්වූයේ ලකුණු 16ක් පමණි. ඉන්දීය පළමු ඉනිමේ දී ලකුණු 170ක සම්බන්ධතාවක් ගොඩනැංවූ චේතෙශ්වර් පුජාරා සහ විරාත් කෝලි ලකුණු නොලබා දැවී ගියහ.

මායන්ක් අගර්වාල් සමඟ එක්වූ ආරම්භක පිතිකරු මාකස් හැරිස්ගේ ඉනිම ලකුණු 13කට සීමා කළ රවින්ද්‍ර ජදේජා, ඉන් නොනැවතී මිචෙල් මිචෙල් (10) සහ නායක ටිම් පේන්ද (26) පිටියෙන් ඉවත් කළේ විරාත් කෝල්ගේ සහ රිෂාබ් පාන්ට්ගේ සහාය ද ඇතිවය. ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අසරණ කිරීම සඳහා රවින්ද්‍ර ජඩේජාට අනගි සහායක් දුන් ජස්ප්‍රීට් බුම්රා සහ මොහොමඩ් ශාමි කඩුලු 2 බැගින් දවා ගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 399ක ඉලක්කයක් හඹා යමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 258ක් ලබා අසීරු තත්වයකට පත්ව සිටියේය.

චතුරංග ද සිල්වාගෙන් කඩුලු ත්‍රිත්වයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට්…

පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ කමින්ග්ස් හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමඟ ලකුණු 61ක්ද, නේදන් ලයන් ලකුණු 6ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 43කි. ඒ සබඳතාවයට තවත් ලකුණු 3ක් එක්වෙද්දී එම සබඳතාවය අවසන් වීමත් සමඟම ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම අවසන් විය. කමින්ග්ස් ලකුණු 63යි. පන්දු යැවීමේ දී තරගය පුරාවට පන්දුවෙන් දස්කම් දැක්වූ  ජස්ප්‍රිට් බුම්රා කඩුලු 9යි.

ඉන්දීය පළමු ඉනිම – 443/7d (169.4): චේතෙශ්වර් පුජාරා 106, විරාත් කෝලී 82, රෝහිත් ශර්මා 63*, පැට් කමින්ග්ස් 3/72.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – 151 (66.5): ජස්ප්‍රිට් බුම්රා 6/36.

ඉන්දීය දෙවන ඉනිම – 106/8d (37.3): මායන්ක් අගර්වාල් 42, පැට් කමින්ග්ස් 6/27.

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම – 261 (89.3): පැට් කමින්ග්ස් 63, ජස්ප්‍රිට් බුම්රා 3/53, රවින්ද්‍ර ජඩේජා 3/82.

තරගයේ වීරයා – ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව)

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි මස 3 වැනිදා සිඩ්නි ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර එම තරගය ද යම්හෙයකින් ඉන්දීය කණ්ඩායම ජය ගතහොත් ඉන්දීය නායකයෙකු ඔවුන්ගේ රටෙන් එපිට දී වැඩිම ටෙස්ට් ජයග්‍රහණ වෙත සිය කණ්ඩායම මෙහෙය වූ නායකයා ලෙස කෝලි අභිෂේක ලබනු ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<