ශ්‍රී ලංකාව සමඟ තරග කරන ඉන්දීය සංචිතය

476

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ, තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතය අද (23) එම්. එස්. කේ. ප්‍රසාද් ප්‍රමුඛ ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ලදි.

ශසිකලා හා වැන්ඩොර්ට්ගෙන් සටන්කාමී පිතිකරණයක්

ඩියැන්ඩ්‍රා ඩොටින්ගේ වේගවත් ශතකය නිසාවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා කොදෙව් කාන්තා කණ්ඩායම අතර පැවැත්වූ තෙවන හා අවසන්..

එහි දී අභිනව් මුකුන්ද් වෙනුවට මුරලි විජේ සංචිතයට ඇතුළත් කර ඇති අතර ඉෂාන්ට් ශර්මා ද නැවතත් සංචිතයට ඇතුළත් කර ඇත. මුරලි විජේ ඊට පෙර පැවති ශ්‍රී ලංකා සංචාරය සඳහා සහභාගී වූ සංචිතයට ද ඇතුළත් කර තිබූ අතර පසුව ඔහුගේ මැණික්කටුවේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ශිකර් ධවාන් ඔහුගේ ස්ථානයේ ක්‍රීඩා කරන ලදි. ඊට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලිය සඳහා ද විජේ ක්‍රීඩා කරනු ලැබුවේ මැණික්කටුවේ ආබාධයක් සහිතව වන අතර අනතුරුව ඔහු ඒ සඳහා ශල්‍ය කර්මයක් සිදුකිරීම සඳහා එංගලන්තය බලා පිටත්ව යාම හේතුවෙන් ඔහුට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ද අහිමි විය. අනතුරුව පැවති පුහුණු තරගයක් අතරතුර දී ඔහු සිය දකුණු අතේ මැණික්කටුවේ වේදනාවක් පිළිබඳව පැමිණිලි කර තිබූ අතර ඒ අනුව ඔහුව තවදුරටත් ප්‍රතිකාර කිරීම සඳහා යොමු කිරීම නිසා ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් දිගු විරාමයක් ගැනීමට සිදු විය.  

පසුව පසුගිය දා ‘රන්ජි කුසලානය’ යටතේ තමිල් නාඩු කණ්ඩායම සහභාගී වූ පළමු තරගය වූ අන්ද්‍රා කණ්ඩායම සමඟ පැවති තරගය අතරතුර දී ද විජේගේ වළලුකර ප්‍රදේශයේ ආබාධයක් ඇතිවීම නිසා ඔහුට තරගයෙන් ඉවත්ව යාමට සිදු වූ අතර අනතුරුව ඔහුට ත්‍රිපුරා කණ්ඩායමට එරෙහිව පැවති තරගය ද අහිමි විය. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය නොවැම්බර් මස 16 වන දින ආරම්භ බැවින් ඔහුට ඒ සඳහා සූදානම් වීමට සති 3කටත් අධික කාලයක් ඉතිරිව ඇත.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම එකට එක කරයි

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත නිල නොවන..

විජේ වෙනුවට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තරගාවලිවලට ක්‍රීඩා කරනු ලැබූ අභිනව් මුකුන්ද් අවසන් වරට සහභාගී වූ ශ්‍රී ලංකාව සමඟ ගාල්ලේ දී පැවති තරගයේ දෙවන ඉනිමේ දී ලකුණු 81ක් වාර්තා කර ගැනීමට සමත් විය. කෙසේ නමුත් එහි දී පැවති ඊළඟ තරග දෙක සඳහා කේ. එල්. රාහුල් කණ්ඩායමට ඇතුළත් කිරීම නිසා ඔහුට ඒ සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය. ඔහු ‘රන්ජි කුසලානයේ’ ක්‍රීඩා කරනු ලැබූ ඉනිම් 3කදී අර්ධ ශතක 2ක් වාර්තා කර ගැනීමට සමත් වුවත් ඔහු වෙනුවට විජේව කණ්ඩායමට ඇතුළත් කිරීමට ඉන්දීය තේරීම් කමිටුව තීරණය කර ඇත.

පසුගිය දිනවල දී පැවති සීමිත පන්දුවාර තරග සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් ද නම් කරන ලද සංචිතයට ඇතුළත් කර ඇති අතර තවදුරටත් දඟපන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් ද සංචිතයට තෝරාගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ පල්ලෙකැලේ හිදී පැවති අවසන් ටෙස්ට් තරගයේ දී රවීන්ද්‍ර ජඩේජා වෙනුවට ක්‍රීඩා කරමින් ඉහළ දස්කම් දැක්වූ අක්සර් පටේල් හට සංචිතයේ සිය ස්ථානය අහිමි වී ඇත.

පසුගිය දිනවල පැවති තරගාවලිවල දී සීමිත අවස්ථාවන් පමණක් ලැබූ උමේෂ් යාදව් සහ මොහොමඩ් ශාමි නම් කරන ලද ඉන්දීය සංචිතයේ වේගපන්දු බලඇණිය මෙහෙයවන අතර තවදුරටත් ඊට බුවනේශ්වර් කුමාර්, හර්දික් පාන්ඩියා සහ ඉෂාන්ට් ශර්මා ද ඇතුළත්ව ඇත. ඉෂාන්ට් ශර්මා අවසන් වරට පසුගිය මාර්තු මාසයේ දී පැවති ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි තෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නමුත් ඔහුව ශ්‍රී ලංකා සංචාරය සඳහා ඇතුළත් කර තිබුණේ නැත.

ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමේ උපනායක රෝහිත් ශර්මා හට ශ්‍රී ලංකා සංචාරයේ දී පැවති එකඳු තරගයකට හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබුණත් නම් කරන ලද මෙම සංචිතයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට ඔහු සමත්ව ඇත.

කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය නොවැම්බර් මස 16 වන දින කල්කටාහි ‘ඊඩ්න් ගාර්ඩ්න්ස්’ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර අනතුරුව දෙවන ටෙස්ට් තරගය නොවැම්බර් මස 24 වන දින නාග්පූර්හි ‘VCA’ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. තෙවන ටෙස්ට් තරග දෙසැම්බර් මස 02 වන දින නවදිල්ලි නුවර ‘ෆෙරෝස් ෂා කොට්ලා’ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර ටෙස්ට් තරගාවලිය අවසානයේ දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් සහ පන්දුවාර 20 තරගාවලියක් ද පැවැත්වීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨයන් බෑ කියද්දී විස්සයි විස්ස සුක්කානම තිසරට

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන්…

පළමු ටෙස්ට් තරග දෙක සඳහා නම් කරන ලද ඉන්දීය සංචිතය: විරාත් කෝලි (නායක), මුරලි විජේ, කේ. එල්. රාහුල්, ශිකර් ධවාන්, චෙටේශ්වර් පුජාරා, අජින්ක්‍ය රහානේ, හර්දික් පාන්ඩියා, රෝහිත් ශර්මා, ව්රිද්දිමන් සාහා (wk), රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යාදව්, මොහොමඩ් ශාමි, උමේෂ් යාදව්, බුවනේශ්වර් කුමාර්, ඉෂාන්ට් ශර්මා  

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<