ප්‍රබලයින් හලා ඉන්දීය කණ්ඩායම මෙරටට

477
India name T20I squad

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක විරාත් කෝලි ඇතුළු ප්‍රබලතම ක්‍රීඩකයින් හය දෙනකු විවේක ගැන්වූ ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙය වීමේ වගකීම රෝහිත් ශර්මාට හට පවරා ඇත.

[rev_slider LOLC]

විස්සයි විස්ස තරගාවලියක් වන නිදහස් කුසලාන තරගාවලිය මාර්තු මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

කුසල් සාර්ථක පිතිකරණයේ රහස හෙළිදරව් කරයි

පසුගිය නොවැම්බර් මාසයේ පැවති ඉන්දීය තරග සංචාරයේ දී කණ්ඩායමේ ස්ථානය පවා..

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 70 වන සමරුව වෙනුවෙන් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියකි.

දිගින් දිගටම තරගවලට සහභාගි වෙමින් සිටි ඉන්දීය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් හය දෙනකු නිදහස් කුසලාන තරගාවලියෙන් නිදහස් කරමින් තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් රෝහිත් ශර්මාට ලබා දී තිබේ.

විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, හර්දික් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රීට් බුම්රා ඒ විවේක ගැන්වූ ක්‍රීඩකයෝ වෙති. කඩුලු රකින්නා වූ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ස්ථානය දිල්ලි පිලේ රිෂාබ් පන්ට්ට හිමිවී ඇතත් කණ්ඩායමේ සිටින දිනේෂ් කාර්තික්ට ද කඩුලු රැකීමේ හැකියාව තිබේ.

“නිදහස් කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම තෝරා ගැනීමේ දී අපි ක්‍රීඩකයන්ගේ වෙහෙස ගැනත් කල්පනාවෙන් කටයුතු කළා. මේ වගේ උසස් දස්කම් දක්වන කණ්ඩායමක් විවිධ ආබාධවලට ලක්නොවී ආරක්‍ෂා කරගන්න නම් අවශ්‍ය තරමට විවේකයත් ඕනෑ වෙනවා.” යයි ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා වන එම්. එස්. කේ. ප්‍රසාද් මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත පැවසීය.

කණ්ඩායමට අලුතින් එක්වන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තේරීම් කමිටුව විශාල විශ්වාසයක් තබා තිබේ. දීපක් හූඩා ඉතා වේගයෙන් ලකුණු රැස්කළ හැකි මෙන්ම දැවැන්ත පහර කරා යා හැකි ක්‍රීඩකයෙකි. පසුගිය දා නිමා වූ විජය හසාරේ කුසලාන තරගාවලියේ දී පන්දු 50කින් ශතකයක් ලබා ගැනීමට දීපක් හූඩා සමත් විය. තවත් තරගාවලියක දී ඔහුගේ ප්‍රහාරාත්මක වේගය පන්දු 100කට ලකුණු 150කි.

අසේලට නිදහස් කුසලානයේ ප්‍රවේශ පත් අහිමි වේ

දකුණු අතේ ආබාධ තත්වයක් නිසාවෙන් නිමා වූ විස්සයි විස්ස තරගාවලිය අහිමි වූ..

වොෂින්ටන් සුන්දර් පිට දඟපන්දු යවන්නකු වන නමුත් ලකුණු වේගය මෙන්ම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ද වැඩි කළ හැකි පිතිකරුවෙකි. දිල්ලි පිලේ නායකයා ද වන රිෂාබ් පන්ට් කඩුලු රකින්නා පමණක් නොව වේගයෙන් ලකුණු ලබාගත හැකි පිතිකරුවෙක් ද වෙයි. හිමචාල් ප්‍රාන්ත පිලට එරෙහිව පැවති තරගයක දී පන්දු 38කින් ලකුණු 116ක් ලබා ගැනීමට ද පන්ට් සමත් විය.

නවකයන් පස්දෙනෙක් සිටින නමුත් සුරේෂ් රයිනා, ශිකාර් ධවාන්, ලෝකේෂ් රාහුල් මෙන්ම දිනේෂ් කාර්තික් යන පළපුරුදු ක්‍රීඩකයෝ ද ඉන්දීය පිලට ඇතුළත්ව සිටිති. මේ තරගාවලියට සහභාගී වන ඉන්දීය කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම ලබන 4 වැනිදා මෙරටට පැමිණෙනු ඇත.

ඉන්දීය සංචිතය

රෝහිත් ෂර්මා (නායක), ශිකාර් ධවාන් (උප නායක), ලෝකේෂ් රාහුල්, සුරේෂ් රයිනා, මනීෂ් පාණ්ඩේ, දිනේෂ් කාර්තික්, දීපක් හූඩා, වොෂින්ග්ටන් සුන්දර්, යුෂ්වේන්ද්‍ර චාහල්, අක්ෂර් පටෙල්, විජේ ශන්කර්, ෂර්දුල් ඨාකූර්, ජයදේව් උනද්කට්, මොහොමඞ් සිරාජ්, රිෂාබ් පන්ට්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <