තුන්වන වතාවටත් ඉන්දියාවට දඩ

63

පසුගිය දා නිමා වූ ඉන්දීය නවසීලන්ත පළමු එක්දින තරගයේ දී නියමිත කාලය තුල පන්දුවාර ප්‍රමාණය සම්පූර්ණ නොකිරීම නිසාවෙන් ඉන්දීය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන්ට 80% දඩ මුදලක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබේ.

ටේලර්ගේ ශතකය නිසා කිවියන්ගෙන් වාර්තාගත හඹා යෑමක්!

තරග 5-0ක් ලෙස විස්සයි විස්ස තරගාවලියේ දී අමිහිරි පරාජයකට ලක්වුණු නවසීලන්ත පිළ අද (05) පළමු එක්දින තරගයට……

ඉන්දීය කණ්ඩායමට මෙලෙස slow over rate හෙවත් මන්දගාමී පන්දුවාර වේගය නිසාවෙන් පිට පිට දඩ මුදලක් ගෙවීමට සිදු වූ තුන්වැනි අවස්ථාව මෙයයි. මෙම එක්දින තරගාවලියට පෙර පැවති විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරග දෙකේ දී ම මෙලෙස නියමිත පන්දුවාර වේගය පවත්වා නොගැනීම නිසා දඩ නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබුණි.

එම තරගාවලියේ සිව්වැනි තරගයේ දී තරග මුදලින් 40%ක දඩ මුදලක් ගෙවීමට ඉන්දීය කණ්ඩායමට සිදුව තිබිණි. පස්වැනි තරගයේ දී ඔවුන්ට නියම වූ දඩ මුදල 20%කි. එම තරගය සඳහා විරාත් කෝලි සහභාගි නොවූ අතර කණ්ඩායමේ නායකත්වය හිමිවූයේ රෝහිත් ශර්මා හටය.

නිහඬ බව බිඳි මැක්සි නැවතත් සටන් පෙරමුණට

මේ මස අවසානයේ දී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය සඳහා ප්‍රබල……

එක්දින තරගාවලියේ දී නියම වූ දඩ මුදල සම්බන්ධයෙන් තම වැරැද්ද පිළිගැනීමට විරාත් කෝලි කටයුතු කර තිබේ. එම තරගය ඉන්දීය කණ්ඩායම පරාජය වූයේ කඩුලු 4කිනි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ නීතිවලට අනුව නියමිත කාලය තුල යැවිය යුතු පන්දුවාර ප්‍රමාණයට වඩා එක් පන්දුවාරයක් අඩුවෙන් යවා තිබුණහොත් තරග මුදලෙන් 20%ක දඩ මුදලකට යටත් වන අතර මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර ප්‍රමාණයට වඩා පන්දුවාර 4ක් අඩුවෙන් යවා තිබුණි.

රොස් ටේලර්ගේ නොදැවුනු ශතකය සමඟින් නවසීලන්ත කණ්ඩායම ඉලක්කගත ලකුණු 348 පසුකර ගියේ කඩුලු 6ක් පමණක් අහිමිකර ගනිමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<