Twitter post එකක් නිසා ඉන්දීය ක්‍රිකට් හාස්‍යයට ලක්වෙයි

10422
Getty Images

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගිය දා පැවති තරගයකින් ඇෆ්ගනිස්ථානයට එරෙහිව ප්‍රබල ඉන්දීය කණ්ඩායම නූලෙන් ජාමය බේරා ගත් අතර එම තරගය පිළිබඳ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ට්විටර් ගිණුමෙන් පළවූ සටහනකට මේ වන විට ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ සහ විචාරකයින්ගේ විරෝධය එල්ල වෙනවා.

ඔවුන් එම සටහනේ තඩිබානවා යන අරුත ගෙන දෙන “thump” යන වදන භාවිතා කර තිබුණු අතර ඉන්දියාව ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරගය ජය ගත්තේ අවසන් පන්දු වාරයේ දීයි.

ශාමිගේ කඩුලු ත්‍රිත්වය ඉන්දියාව පරාජයෙන් ගලවා ගනියි!

2019 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය ඊයේ (22) සවුත්හැම්ප්ටන්…

ඇෆ්ගනිස්ථානය ප්‍රබල ඉන්දීය පිතිකරුවන් ලකුණු 224කට සීමා කිරීමට සමත් වූ අතර එම ඉලක්කය හඹා ගිය ඔවුන් අවසන් පන්දුවාරයටම තරගය රැගෙන යන්නට සමත් විය.

මොහොමඩ් නබි ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් සුපිරි දක්ෂතා පෙන්වූ අතර ලකුණු 12ක් අවශ්‍ය වූ අවසන් පන්දුවාරයේ ඉන්දියාව සැනසුම් සුසුම් හෙළුවේ මොහොමඩ් ෂාමි කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් ඉන්දියාවේ ජාමේ බේරා දුන් නිසයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ට්විටර් ගිණුම සටහනක් තබා තිබුණේ “And we march on – #TeamIndia thump Afghanistan by 11 runs” ලෙසයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධි වර්ණනාව දුටු වහාම ලොව පුරා ක්‍රීඩාලෝලීන් එම ට්විටර් සටහන විහිළුවකට ගෙන තිබුණා.

අපේ කණ්ඩායම දවසෙන් දවස ඉදිරියට යනවා – ඇෆ්ගන් නායක

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – ඇෆ්ගනිස්තාන තරගය ඊයේ (22) සදම්ටන් හිදී පැවැත්වුණු අතර….

“අවසන් පන්දුවාරය තෙක් පැමිණි තරගයක ප්‍රතිවාදී කණ්ඩායමට තඩිබානවා යැයි පැවසීම අසාධාරණයි. ඇෆ්ගනිස්ථානය ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඉන්දියාව ගෞරවයෙන් ප්‍රතිවාදියාට සැලකිය යුතුයි.” leebailey නම් ට්විටර් ක්‍රියාකාරියා සටහනක් තබා තිබුණා.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<