ඉන්දියාවට 2021 ශූරයින්ගේ කුසලානයේ සත්කාරකත්වය අහිමි වන ලකුණු

621

ඊයේ (09) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පැවති කමිටු රැස්වීමකින් අනතුරුව ඔවුන් නිවේදනය කර සිටියේ 2021 වසරේ දී ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සඳහා ඔවුන් වෙනත් විකල්ප රටවල් පිළිබඳව අවධානය යොමු කරන බවයි.

Hero නිදහස් කුසලාන තරගාවලිය ලබන මාසයේ දී

ලබන මාර්තු මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන “Hero නිදහස් කුසලාන…….

ප්‍රමුඛ ක්‍රීඩා ඉසව්වල සත්කාරක රාජ්‍යයේ රජය විසින් එම ඉසව් සඳහා බදු ඉවත් කිරීම සාමාන්‍ය සිරිතක් වන අතර ICCය ද මෙම තරගාවලිය සඳහා එය බලාපොරොත්තුවෙන් පසුවුවත් ඒ සඳහා විධිවිධාන සැකසී නොමැත. ඒ අනුව ICCය විසින් මේ පිළිබඳව ඉන්දීය රජය සමඟ එකඟතාවකට පැමිණීමට වෙර දරන අතරතුර තරගාවලිය පැවැත්විය හැකි එම වේලා කලාපයේම පිහිටි වෙනත් රටවල් පිළිබඳව ද අවධානය යොමු කරමින් සිටී.

“ප්‍රමුඛ ක්‍රීඩා ඉසව් බදුවලින් නිදහස් කිරීම සාමාන්‍ය සිරිතක් වුවත් ICCයේ මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේත් (BCCI) උත්සාහය තිබිය දීත් ඉන්දීය රජය විසින් එම බදු නිදහස් කිරීම ලබානොදීම පිළිබඳව කමිටුවේ අවධානය යොමු වුනා.” ICCය විසින් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් විය.

“ICC කළමනාකාරිත්වය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහයෝගය ඇතිව තවදුරටත් ඉන්දීය රජය සමඟ මේ පිළිබඳව තවත් සාකච්ඡා කරන්න එකඟ වුනා. නමුත් ඒ අතරතුර 2021 ICC ශූරයින්ගේ කුසලාන තරගාවලිය පැවැත්විය හැකි එම වේලා කලාපයේම වෙනත් විකල්ප රටවල් පිළිබඳව ද සොයා බලන්න කමිටුව විසින් කළමනාකාරිත්වය යොමු කළා.”

ඊට අමතරව පසුගිය 2017 වසරේ ජුනි මාසයේ දී ICCයේ පූර්ණ සාමාජිකත්වය හිමිකරගත් ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට ලැබෙන මූල්‍යමය ආධාර ද ඉහළ දැමූ බව මෙහි දී නිවේදනය කෙරිණ.

“නව ආකෘතියට අනුව අයර්ලන්තයට සහ ඇෆ්ගනිස්ථානයට දැන් ලැබෙන මූල්‍යමය ආධාර ප්‍රමාණය ඉහළ දැමෙනවා. ඒ අනුව මේ වන වට ක්‍රියාත්මක අට අවුරුදු වාණිජ අයිති චක්‍රයට අනුව ඔවුන්ට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 40ක මුදලක් ලැබෙනවා.”

එමෙන්ම මෙහි දී තවදුරටත් සඳහන් කෙරුණේ ක්‍රීඩාවේ ගෝලීය ව්‍යාප්තිය ඉහළ නැංවීම සඳහා කෙරෙන ව්‍යවස්ථාමය වෙනස්කම්වල කොටසක් වශයෙන්, PepsiCo සමාගමේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිණිය වන ඉන්ද්‍රා නූයි මහත්මිය ICCයේ ප්‍රථම ස්වාධීන කාන්තා අධ්‍යක්‍ෂවරිය වනු ඇති බවයි.

තරගාවලියේ සත්කාරකත්වයට ශ්‍රී ලංකාව සුදුසුයි ද? ඔබේ අදහස පහතින් comment කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<