Home Sinhala හුදකලා වූ ශෙහාන්ගෙන් මන්දගාමී ශතකයක්

හුදකලා වූ ශෙහාන්ගෙන් මන්දගාමී ශතකයක්

263

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියට මුල පුරමින් අද (06) පැවැත්වූ පළමු නිල නොවන එක්දින තරගයෙන් ලකුණු 48ක ජයක් ලැබීමට ඉන්දීය A කණ්ඩායම සමත් විය.

කමිඳු සහ විශ්ව දෙදෙනාගේ අවසන් උත්සාහයත් අපතේ යයි

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ හුබ්ලි හිදී පැවති දෙවන නිල නොවන ටෙස්ට් තරගයෙන් ලකුණු 152ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා……

දිවා තරගයක් ලෙස බෙලගාම්හිදී පැවැත්වූ මෙම තරගයේ උදෑසන කාලගුණ තත්ත්වය තරමක් අයහපත් වීම හේතුවෙන් නියමිත වේලාවට තරමක් ප්‍රමාද වී ආරම්භ වූ අතර එම හේතුවෙන් තරගය පන්දුවාර 42කට සීමා කෙරුණි.

තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දු යැවීමට ශ්‍රී ලංකා නායක අශාන් ප්‍රියන්ජන් තීරණය කළ අතර එහි දී ඉන්දීය A කණ්ඩායම තම නියමිත පන්දුවාර 42 තුල කඩුලු 4ක් දැවී ලකුණු 317ක් ලබා ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක් ලබා දෙමිනි.

ඉන්දීය ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ රුටුරාජ් ගයික්වාඩ් සහ ෂුබ්මන් ගිල් දෙදෙනා අතරින් වැඩි වේලාවක් යාමට මත්තෙන් ඉන්දීය පළමු කඩුල්ල ලෙසින් ෂුබ්මන් ගිල්ව දවා ගැනීමට ලහිරු කුමාර සමත් විය. කඩුලු රකින දික්වැල්ලට උඩ පන්දුවක් ලබා දී ඔහු ලකුණු 5කට දැවී ගියේ ඉන්දීය ලකුණු පුවරුව 11ක්ව තිබිය දීය.

ඉන්පසු පිටියට පිවිසියේ අන්මෝල්පරිට් සිං ය. ධනාත්මක ආරම්භයකට මුල පුරමින් අනෙක් අන්තයේ සිටි ගයික්වාඩ් සමඟ සාර්ථක සබඳතාවයක් පිහිටුවීමට ඔහු සමත් වූයේ පිටිය සිසාරා පහරවල් එල්ල කරමිනි. ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 163ක දැවැන්ත සබඳතාවයක් පැවැත්වූයේ මුළු ලකුණු සංඛ්‍යාව 174ක් දක්වා ගෙන යමිනි. එයින් ලකුණු 65ක් ලබාගත් අන්මොල්පරිට් සිං දැවී ගියේ අෂාන් ප්‍රියන්ජන්ගේ පන්දුවක් හමුවේ අකිල ධනංජය අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

ඉන් පසුව ගයික්වාඩ්ගේ සහයකයා වශයෙන් පිටියට පිවිසියේ ඉන්දීය නායක ඉෂාන් කිශාන් ය. ආරම්භයේ පටන්ම ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූ කිෂාන් ගයික්වාඩ් සමඟ මුළු ලකුණු 273ක් දක්වා රැගෙන ගිය අතර ලකුණු 99ක සබඳතාවකින් පසුව කිෂාන් දැවී ගියේ පන්දු 34ක දී වේගවත් ලකුණු 45ක් ලබා ගනිමිනි. ලහිරු කුමාරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් ඔහු දැවී යන විටත් ඉන්දීය ඉනිම ඉතා ස්ථාවර මට්ටමකට පැමිණ තිබුණේ ය.

නමුත් ඉන්පසු පිටියට පිවිසි ශිවාම් ඩුබේ වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට පෙර ලහිරු කුමාර විසින්ම දවා ගනු ලැබුවේ ලකුණු 6ක් ලබා සිටිය දීය. ඔහු ද පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව 299/4 ලෙස දැක්විණි.

AB ලෝක කුසලානයෙන් ප්‍රතික්ෂේප වේ

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගොස් සිටින දකුණු අප්‍රිකාවෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන එබී ඩිවිලියර්ස් 2019…..

ඉන්දීය පිතිකරණ බලඇණියේ සම්පූර්ණ බර කරට ගනිමින් ඉනිමේ නැංගුරම බවට පත් වූ රුටුරාජ් ගයික්වාඩ් ඒ වන විටත් අනෙක් අන්තයේ රැඳී සිටියේ ඉන්දීය පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් තුට්ටුවකටවත් මායිම් නොකරමින් පිටිය සිසාරා පහරවල් එක් කරමින් ඉන්දීය ඉනිම අවසන් වන තුරුම නොදැවී සිටින්නට ගයික්වාඩ් සමත් වූයේ පන්දු 136ක දී විශිෂ්ට ලකුණු 187ක් ලබා ගනිමිනි.

ඔහු වටා එක් වූ අන්මොල්පරිට් සිං සහ නායක ඉෂාන් කිශාන් දෙදෙනා ඔහුට නොමද සහයක් ලබා දුන් අතර නියමිත පන්දුවාර 42 අවසානයේ ඉන්දීය ඉනිම 317/4ක් ලෙස දැක්වුණේ ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් ඉදිරිපත් කරමිනි.

ඉන්දීය ඉනිම අවසන් වන විට ගයික්වාඩ් සමඟ නොදැවී පිටියේ රැඳී සිටි රිකී බුයි පන්දු 6ක දී ලකුණු 7ක් ලබා සිටියේ ය.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර 62/3ක් ලෙස ද, අශාන් ප්‍රියන්ජන් 29/1ක් ලෙස ද තම පන්දු යැවීම් වාර්තාව සටහන් කළ අතර අන් කිසිදු පන්දු යවන්නෙකුට සාර්ථක වීමට එහි දී අවකාශ නොලැබුණි.

ලකුණු 318ක විශාල ඉලක්කයක් හඹා යාම සඳහා පිළිතුරු ඉනිම ඇරඹීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ නිරෝෂන් දික්වැල්ල සහ සධීර සමරවික්‍රමයි.

එහෙත් ඉනිම ලකුණක් ලෙස සටහන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් සධීර ලකුණු නොලබාම දැවී ගියේ අසාර්ථක ආරම්භයක් ලබා ගනිමිනි. සන්දීප් වෝරියර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ඔහු දැවී ගියේ ය.

රෝහිත් හා චාහල් දකුණු අප්‍රිකානුවන් අසරණ කරයි!

ලෝක කුසලාන තරගාවලියේ අටවැනි තරගය අද (05) එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හිදී සාර්ථකව නිමාවට පත්විය. දකුණු අප්‍රිකාව හා ඉන්දියාව…..

ඉන්පසු පිටියට පිවිසියේ අවසන් ටෙස්ට් තරගයේ ශතකලාභී පිතිකරු භානුක රාජපක්ෂයි. ඒ සමඟම දික්වැල්ල ද වැඩි වේලාවක් යාමට මත්තෙන් ලකුණු 19කට දැවී ගියේ තුෂාර් දේශ්පන්ඩේගේ පන්දුවක් හමුවේ ෂුබ්මන් ගිල් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඉනිමේ පළමු කඩුලු 2 දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ 22ක් ලෙසිනි.

නො.4 පිතිකරු ලෙසින් ශෙහාන් ජයසූරිය පිටියට පිවිසියේ ඉන් අනතුරුවයි. ඔහු සහ භානුක අතර ලකුණු 59ක සබඳතාවයක් පැවැත්වූ අතර මුළු ලකුණු සංඛ්‍යාව 81ක් වන විට තෙවැනි කඩුල්ල ලෙසින් භානුක ද දැවී ගියේ ශිවාම් ඩුබෙගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි.

අනතුරුව පිටියට පිවිසියේ ශ්‍රී ලංකා නායක අශාන් ප්‍රියන්ජන් ය. අනෙක් අන්තයේ සාර්ථකව පිතිකරණයේ යෙදී සිටි ශෙහාන් සමඟ අශාන් ද ලකුණු 59ක සබඳතාවයක් පැවැත්වූ අතර ඔහු ද ලකුණු 29කටම දැවී ගියේ ශෙහාන්ව පිටියේ හුදකලා කරමිනි.

කෙසේ නමුත් පන්දු 15ක දී අශාන් එම ලකුණු 29ක් ලබා ගත් අතර ඉනිමේ 23 වැනි පන්දු වාරයේ දී සිව්වැනි කඩුල්ල ලෙසින් ඔහු දැවී ගියේ මයන්ක් මාකන්ඩේගේ පන්දුවකට කඩුලු රකින කිශාන් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 132/4ක් ලෙසින් දිස් විය.

අනතුරුව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස්ට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට නොහැකි වූ අතර ලකුණු 9ක් ලබා සිටි ඔහු දැවී ගියේ දීපක් හූඩාගේ පන්දුවක් හමුවේ ගයික්වාඩ් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ 145/5ක් ලෙසිනි.

ඉන්පසු පිටියට එක් වූයේ ප්‍රවේගකාරී පිතිකරු දසුන් ශානක යි. අනෙකුත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාපේක්ෂව ඔහු සාර්ථක ලෙස පිතිහරඹයක නිරත වූ අතර අනෙක් අන්තයේ රැඳී සිටි ශෙහාන් සමඟ ලකුණු 92ක සබඳතාවයක් පිහිටුවීමට ඔහු සමත් විය. පන්දු 31කින් වේගවත් ලකුණු 44ක් ලබා ගත් දසුන් මාකන්ඩේගේ පන්දුවක් හමුවේ රිකී බුයි අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 237/6ක් ලෙස දිස් විය.

අනෙක් අන්තයෙන් එකපිට එක කඩුලු දැවී යද්දී හුදකලා ඉනිමක් දියත් කළ ශෙහාන් ජයසූරිය පන්දු තෝරා බේරා ගනිමින් ආරක්ෂාකාරී ලෙස පිතිකරණයේ නිරත වූ අතර ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට ඔහු පන්දු 120ක දී ලකුණු 108ක් ලබා ගත්තේ ය.

ඔහු ලබා ගත්තේ විශාල ලකුණු සංඛ්‍යාවක් වුවද පන්දුවාරයකට 7.57ක හඹා යෑමේ වේගයක් අපේක්ෂා කළ මොහොතක ඔහු අවසන් වන තුරු කඩුල්ලේ රැඳී සිටිමින් දියත් කළ මන්දගාමී ඉනිම කිසි සේත් ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රමාණයවත් නොවීය.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට ශෙහාන් සමඟ අනෙක් අන්තයේ රැඳී සිටි නො.8 පිතිකරු ඉෂාන් ජයරත්න පන්දු 16ක දී නොදැවී ලකුණු 20ක් ලබා සිටියේ ය.

කෙසේ වෙතත් නියමිත පන්දුවාර 42 අවසන් වන විට ලකුණු පුවරුව 269/6ක් ලෙස සටහන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 48ක පරාජයක් අත්කර දෙමිනි.

පන්දු යැවීමේ දී මයන්ක් මාකන්ඩේ 66/2ක් ලෙස තම පන්දු යැවීම සටහන් කළේ ඉන්දීය කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වෙමිනි.

මෙම ජයග්‍රහණයත් සමඟින් තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය A කණ්ඩායම සමත් විය. තරගාවලියේ දෙවන නිල නොවන එක්දින තරගය එළඹෙන 8 වැනිදා බෙලගාම්හීදීම පැවැත්වීමට නියමිතව ඇත.

Result


Sri Lanka A Team
269/6 (42)

India A Team
317/4 (42)

Batsmen R B 4s 6s SR
Shubman Gill c Niroshan Dickwella b Lahiru Kumara 5 6 1 0 83.33
Ruturaj Gaikwad not out 187 136 26 2 137.50
Anmolpreet Singh c Akila Dananjaya b Ashan Priyanjan 65 67 6 0 97.01
Ishan Kishan b Lahiru Kumara 45 34 4 1 132.35
Shivam Dube b Lahiru Kumara 6 3 0 1 200.00
Ricky Bhui not out 7 6 1 0 116.67


Extras 2 (b 0 , lb 2 , nb 0, w 0, pen 0)
Total 317/4 (42 Overs, RR: 7.55)
Fall of Wickets 1-11 (2.4) Shubman Gill, 2-174 (27.6) Anmolpreet Singh, 3-273 (38.5) Ishan Kishan, 4-299 (40.2) Shivam Dube,

Bowling O M R W Econ
Lahiru Kumara 9 1 62 3 6.89
Asitha Fernando 6 0 48 0 8.00
Ishan Jayaratne 6 0 52 0 8.67
Akila Dananjaya 6 0 51 0 8.50
Kamindu Mendis 5 0 29 0 5.80
Shehan Jayasuriya 3 0 23 0 7.67
Ashan Priyanjan 5 0 29 1 5.80
Dasun Shanaka 2 0 21 0 10.50


Batsmen R B 4s 6s SR
Sadeera Samarawickrama lbw b Sandeep Warrier 0 5 0 0 0.00
Niroshan Dickwella c Shubman Gill b Tushar Deshpande 19 21 3 1 90.48
Bhanuka Rajapaksa b Shivam Dube 29 37 1 2 78.38
Shehan Jayasuriya not out 108 120 8 2 90.00
Ashan Priyanjan c Ishan Kishan b Mayank Markande 29 15 2 2 193.33
Kamindu Mendis c Ruturaj Gaikwad b Deepak Hooda 9 10 0 0 90.00
Dasun Shanaka c Ricky Bhui b Mayank Markande 44 31 3 2 141.94
Ishan Jayaratne not out 20 16 3 0 125.00


Extras 11 (b 3 , lb 1 , nb 3, w 4, pen 0)
Total 269/6 (42 Overs, RR: 6.4)
Fall of Wickets 1-1 (1.5) Sadeera Samarawickrama, 2-22 (4.4) Niroshan Dickwella, 3-81 (17.2) Bhanuka Rajapaksa, 4-132 (22.4) Ashan Priyanjan, 5-145 (25.2) Kamindu Mendis, 6-237 (36.6) Dasun Shanaka,

Bowling O M R W Econ
Tushar Deshpande 7 1 48 1 6.86
Sandeep Warrier 7 0 39 1 5.57
Washington Sundar 9 0 53 0 5.89
Shivam Dube 7 0 35 1 5.00
Mayank Markande 7 0 66 2 9.43
Deepak Hooda 5 0 24 1 4.80



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<