ක්‍රිකට් තේරීම් කමිටුවේ ලොකු වෙනසක්?

1116
SLC

ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ප්‍රධානියා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික තේරීම් කමිටුවේ වත්මන් කාලසීමාව අදින් (15) අවසන් වන අතර ඉදිරි සති කිහිපය තුළ තේරීම් කමිටුවේ ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදුවෙනු ඇති බවට වාර්තා වේ.

ටිම් මැකාස්කිල් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දුවට

ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් වික්ටෝරියා හි ඉහළ දස්කම් කළමනාකරු වන ටිම්

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන ග්‍රැහැම් ලැබ්රෝයි, ගාමිණී වික්‍රමසිංහ, ජෙරිල් වව්චර්ස්, සජිත් ප්‍රනාන්දු හා අසංක ගුරුසිංහ යන පුද්ගලයින්ගෙන් සැදුම්ලත් නව ක්‍රිකට් තේරීම් කමිටුව ලෙස පත්කළ අතර ඊට පෙර එම තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ සනත් ජයසූරියයි.

නව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වත්මන් තේරීම් කමිටුවේ ධුර කාලය වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සඳහා නව නාමයෝජනා කිහිපයක්ම යෝජනා කර තිබෙන බව විශ්වාසදායි ආරංචි මාර්ගවලින් ThePapare.com වෙත වාර්තා වේ.

අසංක ගුරුසිංහට වැඩි බලයක් සමඟින් අලුත්ම තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ ඉහළ දස්කම් කළමනාකරු ලෙස කටයුතු කළ එංගලන්ත

ලැබ්රෝයි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ කලාපීය තරග තීරකවරයෙක් ලෙස කටයුතු කරන අතර අසංක ගුරුසිංහ පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාරියා ලෙස පත්කරන ලදි.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ දස්කම් කළමනාකරු ලෙස ද ගුරුසිංහ මහතා කටයුතු කරනු ඇත. ජෙරිල් වව්චර්ස් ඉදිරියේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හෝ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ කණ්ඩායම් කළමනාකරු ලෙස පත්වීමට ඉඩකඩ ඇත. සජිත් ප්‍රනාන්දු ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර ලබා ගැනීමට තරග වදිමින් සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තේරීම් කමිටුවට යෝජනා කරන ලද කණ්ඩායම තුළ බ්‍රෙන්ඩන් කුරුප්පු, චමින්ද මෙන්ඩිස්, එරික් උපශාන්ත, ඉන්දික ද සේරම් හා රංජිත් මදුරසිංහ නම් ඇතුළත් අතර ඇති නමුත් ක්‍රීඩා අමාත්‍යතුමා තවමත් ඒ සඳහා අනුමැතිය ලබා දී නොමැත.

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ සංචිතය වත්මන් තේරීම් කමිටුව විසින් තෝරාගනු ලැබූ අවසන් සංචිතය වන අතර ජූලි මාසයේ දී ආරම්භ වන දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම ඉදිරියේ දී පත්වීමට නියමිත නව තේරීම් කමිටුවේ පළමු රාජකාරිය බවට පත්වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<