ඉමාම්ගේ WhatsApp පණිවුඩ ලීක් වෙයි!

116
©CricketAddictor

පාකිස්තාන ආරම්භක පිතිකරු ඉමාම් උල් හක්, වට්ස්ඇප් හරහා තරුණියන්ට කළ ආරාධනාවන් කිහිපයක් සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කොට තිබෙනවා. ඒ, අදාළ තරුණියන් විසින් එම වට්ස්ඇප් පණිවුඩ වල තිර ඡායාරූ (Screen shots) සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුවයි.

©wp.com – දිගින් දිගටම ඒ පසුපස හඹා යන්නේ නම් දියාරු වන්නේ ඔබේ කීර්තිනාමයයි.

හිටපු ප්‍රකට පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඉන්සමාම් උල් හක්ගේ බෑණනුවන් වන ඉමාම්, තරුණ කාන්තාවන් කිහිපදෙනෙකුටම කාමුක ආරාධනාවන් සිදුකර තිබෙනවා. ඔවුන් විසින් එම ආරාධනාවන් ප්‍රතික්ෂේප කර තිබියදීත් ඉමාම් නොකඩවාම කාමුක අයුරින් හැසිරීම නිසා ඔවුන් එම තිර ඡායාරූ ප්‍රසිද්ධ කළ අතර ඉමාම්ට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සමාව අයැදීමට සිදුවුනා.

ඉමාම් කනගාටු වුනා වගේම සිදුවූ සියලු දේ පිළිබඳව සමාව ඉල්ලා සිටියා. නමුත් අප ඔහුට පැහැදිලිවම කිව්වා, මේක ඔහුගේ පෞද්ගලික ගැටළුවක් වුනත්, අප අපේ ක්‍රීඩකයන්ගෙන් ඉහළ විනයක් සහ සම්මතයක් බලාපොරොත්තු වන බව.” පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළමනාකාර අධ්‍යක්ෂ වසීම් ඛාන් ඉන්දියානු මාධ්‍ය හමුවේ එසේ පවසා තිබුනා.

Video – ක්‍රිකට් දේවත්වයට පත්වූ “ලිට්ල් මාස්ටර්” – Sachin Tendulkar

සචින් ටෙන්ඩුල්කාර් ……

තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් උපයන මුදල් ප්‍රමාණය සහ ඔවුන්ගේ තරු ගුණය නිසා ඔවුන්ට කාන්තාවන් ලංවීම අලුත් පුවතක් නොවේ. එහෙත් ජාත්‍යන්තර ක්‍රීඩකයන් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය හැසිරවීමේදී කල්පනාකාරී වියයුතු බව ඔවුන් නැවත නැවතත් සිහියට ගත යුතුයි. මෙවැනි කරුණු නිසා ඔවුන්ගේ කීර්තිනාමය සහ ගෞරවය දියාරු වනවාක් මෙන්ම ඇතැම් විට ඔවුන්ගේ ක්‍රීඩා දිවියටත් මේවා බලපෑ හැකියි.