“සැවොම වෙනුවෙන් නඩු මගට යන්න මම සූදානම්” – අවිශ්ක

144

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පසුගියදා (10) අවිශ්ක ගුණවර්ධන සහ නුවන් සොයිසා යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා හට චෝදනා ගොනු කළ අතර එය එසේ සිදුකිරීම නීත්‍යානුකූල නොවන බව අවිශ්ක ගුණවර්ධන මහතාගේ පාර්ශවය පවසා සිටියි.

තවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට දූෂණ චෝදනා

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ හා අවිශ්ක ගුණවර්ධන එක්සත් අරාබි….

2017නුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නුවන් සොයිසා සහ අවිශ්ක ගුණවර්ධන යන දෙදෙනාට මෙසේ චෝදනා ගොනුකර ඇත.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහිදී අනුගමනය කරපු ක්‍රියා පිළිවෙත පිළිබඳව මට නම් සෑහීමකට පත්වෙන්නේ බැහැ. මේ චෝදනා පිළිබඳව අවිශ්කගෙන් එහෙම විමසීමක්වත් ICC එක කළේ නැහැ. අනික් කාරණාව ICC ගොනු කරන චෝදනාවට අපි පිළිතුරු දෙන්න ඩුබායි වලට යන්න ඕනේ අපේ වියදමින්. ඒක සාධාරණයි කියලා මම හිතන්නේ නැහැ.” යැයි අවිශ්ක ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා පැවසීය.

Photos: Press meet of Avishka Gunawardene

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කිව්ව ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් අවිශ්ක මහතාව ශ්‍රී ලංකා ‘A’ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් කරන්න තීරණය කළා. මේ රටේ නීතියට අනුව, තමා කරපු වැරැද්ද පිළිගන්න කළින් ඒ වැරැද්ද මොකක්ද කියලා දැනගන්න අයිතියක් තියෙනවා. එහෙම නැතිනම් අදාළ ආයතන මේ මහත්මයාව සම්බන්ධ කරගෙන යම් විමසීමක් හෝ කරන්න ඕනේ. එහෙම විමසීමක් මේ වෙනතාක් නම් කරලා නැහැ.” යැයි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා වැඩිදුරටත් පවසන ලදි.

මෙම අවස්ථාවේදී පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී සියලු කරුණු පිළිබඳව පැවසීමට නොහැකි බවත්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව සියලු කරුණු හෙළි කිරීමට පහසු වන බව එහිදී අදහස් දැක්වූ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා පැවසූවේය.

මෙම හමුවේදී අවිශ්ක මහතා විශේෂ ප්‍රකාශයක් කළ අතර එහි වීඩියෝව පහත දැක්වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අවිශ්ක මහතා පැවසූවේ තමා ඉදිරියට පැමිණෙන මෙම අවස්ථාවේදී සිය සහෝදර ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වෙත පිවිසෙන බවයි.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) දී පැවැති මෙම මාධ්‍ය හමුව සඳහා අවිශ්ක ගුණවර්ධන මහතා, ඔහුගේ නීතිඥවරුන් සහ ගුණවර්ධන මහතාගේ පවුලේ හිතවතුන් රැසක් පැමිණ සිටියහ.


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<