මම සුවෙන් ඉන්නවා, ලොකු බඩගින්නක් තිබ්බ, හොඳට කෑවා – දිමුත්

1003

ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු අද (2) උදෑසන දරුණු සිදුවීමකට මුහුණ දුන් අතර ඔහු නිරුපද්‍රිතව සිටින බව දක්වමින් අද සවස් වරුවේ ඔහු විසින්ම ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. මෙම සිදුවීම ඇති වුණේ ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන ඔස්ට්‍රේලියාව සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේ දී පැට් කමින්ස්ගේ පන්දුවක් දිමුත්ගේ බෙල්ලේ ගැටීමත් සමඟයි.  

දිමුත්ගේ ඇබැද්දියෙන් පසු ඕස්ට්‍රේලියාවට ඉක්මන් කඩුලු 3ක්!

ඕස්ට්‍රේලියානුවන් තම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කරගත් ලකුණු 534ක දැවැන්ත ඉලක්කය හඹා….

ශ්‍රී ලංකාවේ හා ලොව වටා සිටින මාගේ සියලුම ප්‍රේක්ෂකයින්ටයි, මම හිතනවා වේදනාවකින් තොරව ලැබෙන ජයග්‍රහණයක් නැහැ කියලා, ඔබ මා ගැන අද සන්ධ්‍යාවේ සිතා සුසුමක් හෙලුවා නම්, මම කියන්න කැමතියි මම ජිවතුන් අතර හා සුවෙන් සිටිනවා, මම බොහොම බඩගින්නෙන් සිටියා සහ හොඳ ආහාර වේලක් රස වින්දා

දිමුත් සමාජ ජාලා මධ්‍ය ඔස්සේ සිය ප්‍රේක්ෂකයින්ට පණිවිඩයක් එකතු කර තිබුණේ එසේයි.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ ඕස්ට්‍රේලියානු අභියෝගයට ඔහු සූදානම් බවයි.

මට දැන් කරන්න අවශ්‍ය එකම දෙය අද විවේක ගෙන හෙට නැවත ගොස් ඕස්ට්‍රේලියාවට එරෙහිව සටන් කිරීමයි

ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස්ගේ පැයට කිලෝමීටර 142.5ක් පමණ වේගයෙන් පැමිණි පන්දුවක් කරුණාරත්නගේ හිසේ වැදුණේ ශ්‍රී ලංකා ඉනිමේ 31 වන පන්දු වාරයේ දීයි. ඔහු එසැණින් බිම ඇද වැටුණු අතර ශ්‍රී ලංකා වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම ඕස්ට්‍රේලියානු කාර්ය මණ්ඩලය ද පිටියට දිවගොස් මූලික ප්‍රතිකාර ලබා දෙන ලදි. මිනිත්තු 15ක පමණ පමාවකින් පසු දිමුත් කරුණාරත්නව පිටියෙන් ඉවතට රැගෙන ගොස් රෝහල්ගත කරන ලදි.

ඔහුගේ සියලු වෛද්‍ය පරීක්ෂණ සාමාන්‍ය බව වෛද්‍යවරුන් දැනුම් දීමෙන් අනතුරුව ඔහුව කැන්බරා රෝහලෙන් නිදහස් කර තිබුණි. කෙසේ වෙතත් දෙවන තරගයට ඔහුගේ සහභාගිත්වය තීරණය කිරීමට හෙට උදෑසන ද පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 123ක් රැස් කරගෙන සිටින්නට සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<