“නිලවරණයට මගේ කිසිම සම්බන්ධයක් නෑ” – සංගක්කාර

500
Kumar-Sangakkara

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙක් වන කුමාර සංගක්කාර මහතා ඊයේ (15) දිනයේ දී නව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාව ක්‍රීඩා අමාත්‍යංශයේ දී මුණගැසී තිබේ. එහි දී අමාත්‍යතුමා හා කුමාර සංගක්කාර අතර ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියේ දී තවදුරටත් ගොඩනංවන්නේ කෙසේ ද සහ ඒ සඳහා ගැනීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

සංගක්කාරට ජාත්‍යන්තර උපදේශක තනතුරක්

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනයේ (FICA) උපදේශක මණ්ඩලයට ශ්‍රී

එම සාකච්ඡාවෙන් අනතුරුව සංගක්කාර අමාත්‍යාංශයෙන් නික්ම යන අවස්ථාවේ දී මුණ ගැසුණු මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් පවසා සිටියේ,  

“නිලවරණයට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මම ක්‍රීඩකයෙක්, කවුරු ක්‍රිකට් පාලනය ආවත් එහි ව්‍යුහය, ව්‍යවස්ථාව, ඉතාමත් ශක්තිමත්ව හොඳින් හදලා යම් දෙයක් අපේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරන්න පුළුවන්. මේක සාමූහික ප්‍රයන්තයක් වෙන්න ඕන. පරිපාලන ව්‍යුහය හදන එක තමයි ඉතාමත් වැදගත්.” යැයි කුමාර සංගක්කාර පවසන ලදි.

“අපේ කණ්ඩායමට හොඳ පුහුණුකරුවෙක් වන චන්දික හතුරුසිංහව ලැබිලා තියෙනවා. දැන් නැවතත් අත්දැකීම් බහුල කණ්ඩායමක් සැකසිලා ඉන්නවා. අපේ කාලේදිවත් ඕස්ට්‍රේලියාව මෙරට දී සම්පූර්ණ තරගාවලි පරාජයකට ලක්කරන්න බැරි වුනා, නමුත් මේ ඉන්න තරුණ කණ්ඩායම ඒ දේ සාර්ථකව කළා. ඒක නිසා මේ කණ්ඩායම අවතක්සේරුවකට ලක්කරන්න බැහැ.” යැයි ඉදිරියේ දී ආරම්භ වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය පිළිබඳව අදහස් දක්වමින් සංගක්කාර මාධ්‍යයට පවසන ලදි.

නව ක්‍රීඩා ඇමති ක්‍රිකට් නිලවරණය නතර කරයි?

නව ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවට පටහැනි වාර්ෂික මහා සභා

නිලවරණය සඳහා නාමයෝජනා භාර දිය හැකි අවසාන දිනය අප්‍රේල් 27 වැනිදා වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා නිලවරණය පැවැත්වෙන දිනය මැයි 31 වැනිදා බව මීට පෙර තහවුරු කර තිබුණි.   

ThePapare.com වෙත වාර්තා වී ඇති අන්දමට තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාස, නිශාන්ත රණතුංග හා මොහාන් ද සිල්වා යන මහත්වරු සභාපති පුටුවට තරග වදිනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<