​ශ්‍රී ලංකාව ලෝක විස්සයි විස්ස ශූරයන් අභිබවා ඉදිරියට

1166

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (3) නිකුත් කරන ලද නවතම විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 9 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට තවත් කළු පැල්ලමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (2) නිකුත් කරන ලද නවතම එක්දින හා ටෙස්ට් ජාත්යන්තර

මේ වසරේ මැයි මස ආරම්භ වන විට මේ ශ්‍රේණිගත කිරීම් හි සිටියේ රටවල් 18ක් පමණක් වුවත් 2019 වසරේ ජනවාරි 1 වැනිදා සිට එම රටවල් ප්‍රමාණය රටවල් 18 සිට රටවල් 104 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කළේය. ඒ අනුව අලුතින් එකතු වූ රටවල් 86 විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයට ඇතුළත් කොට නිකුත් වූ පළමු විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම ලෙස මෙය ඉතිහාසයට එකතු වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සෑම තරගයක් අවසන් වූ වහාම (ටෙස්ට් තරග නම් තරගාවලිය අවසානයේ දී) ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම යාවත්කාලීන කරනු ලබන නමුත් සෑම වසරකම මැයි මස මුල දී ශ්‍රේණිගත කිරීමේ මේ සිදු වන වෙනස සිදු වන්නේ අවසන් වසර 4 තුල ඒ එක කණ්ඩායම් දැක්වූ දස්කම් පමණක් සලකා බලන නිසාවෙනි.

එනම් අද දින නිකුත් වූ ශ්‍රේණිගත කිරීම් සඳහා ඒ ඒ කණ්ඩායම් 2016 වසරේ මැයි මස සිට අද දක්වා සහභාගී වූ විස්සයි විස්ස තරග සලකා බලයි. එහිදීත් ගෙවී ගිය අවසන් වසරේ (2018 මැයි මස සිට) තරග ප්‍රතිඵල 100%ක් ගණනය සඳහා ලබා ගන්නා අතර 2016 වසරේ සිට 2018 අප්‍රේල් මස අවසානය දක්වා පැවැත්වුණු තරගවල ප්‍රතිඵල 50% ප්‍රමාණයෙන් සලකා බලනු ලැබේ.

එදා මෙදා තුර ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ක්‍රිකට් පිටිය වූ බලපෑම්

පසුගිය 21 වැනි දා නොහොත් පාස්කු ඉරිදා දින සිට ශ්‍රී ලාංකිකයින් නැවතත් යුද බියෙන් ඇලලී ගියේ මිනිස් ජීවිත 250කට අධික පිරිසකට

මේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එහි පළමු ස්ථානය ලබාගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 286ක් ලබාගෙන ඇති පාකිස්තානය වන අතර එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් දකුණු අප්‍රිකාව හා එංගලන්තය විසින් දිනාගෙන ඇත.

එසේම බොහෝ දෙනා පුදුමයට පත්වූ කරුණ නම් පෙර ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයේ සිටි ඉන්දියාව (ප්‍රසාද ලකුණු 260) නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 5 වැනි ස්ථානය දක්වා ස්ථාන 3ක් පහතට වැටී තිබීමයි. තවද පෙර ශ්‍රේණිගත කිරීමේ 5 වැනි තැන සිටි දකුණු අප්‍රිකාව 2 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීමයි.

ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව ද නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ එක් පියවර බැගින් ඉදිරියට පැමිණ පිළිවෙළින් 7 වැනි හා 8 වැනි ස්ථානය දිනාගෙන ඇත්තේ 2016 වසරේ ලෝක විස්සයි විස්ස ශූරතාවය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 9 වැනි ස්ථානය දක්වා පහතට ඇද දමමිනි.

2019 මැයි මස 3 වැනිදා නිකුත් වූ නවතම විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම

  1. පාකිස්තානය – 286
  2. දකුණු අප්‍රිකාව – 262
  3. එංගලන්තය – 261
  4. ඕස්ට්‍රේලියාව – 261
  5. ඉන්දියාව – 260
  6. නවසීලන්තය – 254
  7. ඇෆ්ගනිස්ථානය – 241
  8. ශ්‍රී ලංකාව – 227
  9. බටහිර ඉන්දීය කොදෙව්- 226
  10. බංග්ලාදේශය – 220
  11. නේපාලය – 212
  12. ස්කොට්ලන්තය – 199
  13. සිම්බාබ්වේ – 192
  14. නෙදර්ලන්තය – 187
  15. අයර්ලන්තය – 182
  16. එක්සත් අරාබි එමීර් රාජ්‍යය – 181
  17. පපුව නිව් ගිනියාව – 172
  18. ඕමානය – 155
  19. හොංකොං – 152
  20. නැමීබියාව – 141
  21. කටාර් – 129
  22. සෞදි අරාබිය – 121
  23. සිංගප්පූරුව – 118
  24. ඩෙන්මාර්කය – 116
  25.  කැනඩා – 111
  26. ජර්සි – 106
  27. කුවේට් – 104
  28. ඝානාව – 100
  29. කෙන්යාව – 95
  30. බොට්ස්වානා – 93
  31. ඇමරිකා එක්සත් ජනපදය – 84
  32. ඔස්ට්‍රියාව – 73
  33. මැලේසියාව – 73
  34. ගුවර්සි – 68
  35. උගන්ඩා – 68
  36. ජර්මනිය – 64
  37. ස්වීඩනය – 58
  38. ටැන්සානියා – 56
  39. නයිජීරියාව – 55
  40. ලක්සම්බර්ග් – 55
  41. ස්පාඤ්ඤ – 53
  42. පිලිපීනය – 48
  43. ප්‍රංශය – 45
  44. බෙලිස් – 42
  45. බෙල්ජියම – 40
  46. පේරු – 40
  47. බහරේන් – 37
  48. මෙක්සිකෝව – 36
  49. ෆීජී – 35
  50. සැමෝවා – 34
  51. වැනුවාටු – 33
  52. පැනමා – 32
  53. ජපානය – 32
  54. කොස්ටාරිකා – 32
  55. තායිලන්තය – 31
  56. ආර්ජෙන්ටිනාව – 31
  57. හංගේරියාව – 30
  58. මොසැම්බික් – 29
  59. චිලී – 25
  60. මලාවි – 25
  61. ඊශ්‍රායලය – 25
  62. භූතානය – 62
  63. ෆින්ලන්තය – 63
  64. දකුණු කොරියාව – 64
  65. අයිල් ඔෆ් මෑන් – 21
  66. මෝල්ටා – 14
  67. බල්ගේරියා – 14
  68. සියෙරා ලියෝන් – 12
  69. බ්‍රසීලය – 12
  70. චෙක් ජනරජය – 09
  71. සාන්ත හෙලේනා – 09
  72. මාලදිවයින – 08
  73. ග්රිබෙල්ටා – 04
  74. මියන්මාරය – 03
  75. ඉන්දුනීසියාව 00
  76. චීනය 00
  77. ගැම්බියාව 00
  78. ස්වාසිලන්තය 00
  79. රුවන්ඩා – 00
  80. ලෙසතෝ – 00

කේමන් අයිලන්ඩ්, සයිප්‍රස්, එස්ටෝනියාව, ඉතාලිය, නෝර්වේ, පෘතුගාලය, රුමේනියාව, තුර්කිය, කැමරන් දේශය හා බර්මියුඩාව යන රටවල් සඳහා ද ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රීඩා කිරීම සඳහා වරම් හිමිව තිබෙන නමුත් සැලකිය යුතු ප්‍රමාණයේ තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර නොතිබීම නිසාවෙන් මේ ශ්‍රේණිගත කිරීමට ඔවුන්ව ඇතුළත් කර නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<