යොවුන් ක්‍රීඩකයන්ගේ අවසන් බලාපොරොත්තුවත් සුන්

72

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සිහිනයේ පළමු වටයෙන්ම ඇද වැටුණ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සැනසිලිදායක ඉසව්වක් වූ පළඟ තරගාවලියට පිවිසෙමින් අද (03) එහි අවසන් තරගයෙන් ද පරාජය වෙමින් ලෝක කුසලාන තරගාවලි සංචාරය අවසන් කළහ. 

ප්‍රේමදාස 1000 පසුකරයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ……

එංගලන්තය සමඟ බෙනෝනි හිදී අවසන් වූ මෙම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලකුණු 152ක පරාජයකට මුහුණ දීමට සිදු වූහ. මෙම පරාජයත් සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් 16 අතුරින් 10 වැනි තැන දක්වා පහත බැස්සේය. මීට පෙර වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළඟ ශූරතාව දිනා ගැනීමට සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට බාර කළහ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 279ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් හඹා යන ඉනිමේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 127ක් පමණි. ඔවුන්ගේ ඉනිමේ තවත් පන්දුවාර 19ක් ම ඉතිරිව තිබුණි. 

එංගලන්ත ඉනිම ගොඩනැගීමේ ප්‍රධානත්වය ගත්තේ ආරම්භක පිතිකරු ඩෑන් මවුස්ලි ය. ඔහු පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 111ක් ලබා ගත්තේය. මෙම නෙල්සන් ඉනිම ඔහු ආරම්භ කරන්නේ අනෙක් ආරම්භක පිතිකරු සැම් යංග් (0) ලකුණු පුවරුව එකක් වෙද්දී ඉනිම හැර යෑමෙන් අනතුරුවය. 

මවුස්ලි දෙවැනි කඩුල්ල වෙනුවෙන් ජෝර්ඩන් කොක් (17) සමඟ ලකුණු 58ක සබඳතාවක් එක් කරමින් එංගලන්ත ක්‍රීඩකයන්ට ජීවය එන්නත් කළහ. අනතුරුව තෙවැනි කඩුල්ලට එක් වූ ජැක් හේන්ස් සමඟ එක්වෙමින් එවර ලකුණු 142ක සබඳතාවක් ගොඩ නැගීමට ඔහු සමත් විය. හේන්ස් පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තේය. 

අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 21ක් තුළ තවත් කඩුලු 2ක් දවාලමින් එංගලන්ත ලකුණු පුවරුව තරමක් පාලනය කරන්නට සමත් වූහ. එහෙත් ජෝයි එවිසන්ගේ මැදිහත් වීම මත නැවත වතාවක් එංගලන්ත ලකුණු පුවරුව වේගයෙන් ක්‍රියාත්මක වූහ. එවිසන් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තේය. 

චතුරංග සහ ලහිරු පන්දුවෙන් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A……

පන්දු යැවීමේ දී ඩිල්ශාන් මධුශංක සහ දිලුම් සුධීර කඩුලු 2 බැගින් දවා ගත්හ. එංගලන්ත ඉනිම පාලනය කිරීමට ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නෝ 7 දෙනෙක්ගේ සේවය ලබා ගත්තේය. ඔවුන් අතුරින් අශේන් ඩැනියෙල්, චමිදු විජේසිංහ සහ කවිඳු නදීශාන් කඩුල්ල බැගින් ලබා ගත්හ.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ නවෝද් පරණවිතාන සහ කමිල් මිෂාර ය. නමුත් ඔවුන්ගේ සබඳතාව පන්දු තුනකට පමණක් සීමා වූයේ ලකුණු පුවරුව 1ක් වෙද්දීය. නවෝද් පරණවිතාන කිසිඳු ලකුණක් ලබා නොගනිමින් පිටියෙන් ඉවත් වූ අතර ඊට පසුව පිටියට එක් වූයේ රවිඳු රසාන්ත ය. 

මෙම තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරු වූයේ රවිඳු රසාන්ත ය. ඔහු පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තේය. අංක 1 පිතිකරු ලෙස පිටියට පිවිස 8 වැනි කඩුල්ල ලෙසින් රවිඳු රසාන්ත තම ඉනිම අතහැර ගියේ එංගලන්ත ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා වූ ලුවිස් ගෝල්ඩ්ස්වර්තිගේ පන්දුවකට කඩුල්ල මුවා කිරිමේ වරදට හසු වෙමිනි. 

බයිලා නොගැසූ එම්. එස්

එම්.එස් යන නාමය ප්‍රසිද්ධ බයිලා වලටය. නමුත් මේ ලිපියෙන් විමසා බැලෙන්නේ…..

රවිඳු රසාන්තට අමතරව ඉලක්කම් දෙකේ ලකුණු රැස් කළේ කාමිල් මිෂාර (15) සහ චමිඳු විජේසිංහ (11) ය. අනෙක් පිතිකරුවන් වූ නිපුන් දනංජය (4), අහන් වික්‍රමසිංහ (9), සොනාල් දිනූෂ (2), දිලුම් සුධීර (1), කවිඳු නදීශාන් (1), අශේන් ඩැනියෙල් (නොදැවී 0) සහ ඩිල්ශාන් මධුශංක (4) තනි ඉලක්කම් පිතිකරුවෝ වූහ. 

පන්දු යැවීමේ දී ලුවිස් ගෝල්ඩ්ස්වර්ති ලකුණු 21කට කඩුලු 5ක් දවා ගත්තේ පන්දුවාර 7ක් පමණක් යවමිනි. 

තරගයේ වීරයා සම්මානය ඩෑන් මවුස්ලි වෙත පිරිනැමුණි. 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; කඩුලු 7ක් දැවී 279 (50) ඩෑන් මවුස්ලි 111, ජැක් හේන්ස් 68, ජෝයි එවිසන් 59, ඩිල්ශාන් මධුශංක 2/41, දිලුම් සුධීර 2/39

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; සියලුම දෙනා දැවී 127 (31) රවිඳු රසාන්ත 66, ලුවිස් ගෝල්ඩ්ස්වරති 5/21

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<