Home Sinhala සිංහ පැටවුන් අත තිබූ ජය කිවියන් අවසන් මොහොතේ ඩැහැ ගනියි!

සිංහ පැටවුන් අත තිබූ ජය කිවියන් අවසන් මොහොතේ ඩැහැ ගනියි!

89
Image courtesy : ICC-Cricket.com

ක්‍රිකට් ක්‍රීඩාව තුල සැඟව ඇති අවිනිශ්චිතතාවය යළිත් වරක් පසක් කරමින් ශ්‍රී ලංකා යොවුන් පිළ අත තිබූ පැහැදිලි ජයග්‍රහණයක් පැහැර ගැනීමට අද (22) නවසීලන්ත කණ්ඩායමට හැකිවිය. ඒ මේ දිනවල දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන යොවුන් ලෝක කුසලානයේ මූලික වටයේ තරගයක් අතරතුරයි. ඒ අනුව ශ්‍රී ලංකා පිළට ඉදිරි වටයට පිවිසීම සඳහා තිබූ අවස්ථාව අහිමිව ගියේය.

යොවුන් පිළේ කුළුඳුල් සිහිනය ඉන්දියාව හමුවේ බොඳවෙයි!

මේ දිනවල දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට්…….

ලෝක කුසලානය අරඹමින් තමන් සහභාගි වූ මුල්ම තරගයේ දී ඉන්දීය යොවුන් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තරගයට එක්වන්නේ තවත් අමතර පීඩනයක් ද සහිතවයි. ඒ ඉන්දියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ ජපානය සිටින A කාණ්ඩයේ තරගකාරීත්වය ද තරමක් ඉහළ නිසාවෙනි. කෙසේ නමුත් ආරම්භක වාසි ප්‍රතිවාදීන්ට හිමිකර දෙමින් කාසියේ වාසිය පෙරලී යන්නේ නවසීලන්තය දෙසටයි.

ඒ අනුව මුලින් පන්දු යැවීම තෝරා ගන්නා ඔවුන් ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් වෙත හොඳ පීඩනයක් එල්ල කිරීමට ද සමත්කම් දැක්වූහ. එහිදී ඉදිරිපෙළ පිතිකරුවන් සිව් දෙනාම සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ලකුණු 20 සීමාව පසුකර ගියද ඉන් එකදු පිතිකරුවෙකු හෝ ලකුණු 30 සීමාව ඉක්මවා නොයාම කණ්ඩායමට දැවැන්ත අවාසියක් විය. නායක නිපුන් ධනංජය ද ඉතාමත් විරල අන්දමින් අද ලකුණු නොලබාම දැවී ගියේ කණ්ඩායම කබලෙන් ලිපට ඇද දමමිනි.

නවසීලන්ත පන්දුකරණය හමුවේ ක්‍රම ක්‍රමයෙන් නාය ගිය ශ්‍රී ලංකා ඉනිම එක් මොහොතකදී ලකුණු 141කට කඩුලු 6ක් ලෙස දිස්වන්නේ මේ අනුවයි. මෙවන් තත්ත්වයක් යටතේ මුළු ලකුණු 200 සීමාවට ද ලඟා වීම අපහසු බව පෙනෙන්නට තිබූ අතර ඒ වනවිට ඉතිරිව තිබුනේද පන්දුවාර 14ක් පමණි. කෙසේවෙතත් මේ මොහොතේ සිට පිටියේ එක්වූ සොනාල් දිනූෂ සහ අහන් වික්‍රමසිංහ සත්වැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් පිහිටුවමින් කණ්ඩායමට සැනසිල්ලක් විය.

ප්ලෙසිස් සමුගැනීමට සූදානම්?

එංගලන්ත – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය දකුණු අප්‍රිකානු ප්‍රබල……

එහිදී අංක 8 පිතිකරුවා ලෙස අවතක්සේරුවට ලක්වුනු අහන් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පිළේ ගැලවුම්කරුවා බවට පත්වෙමින් ලකුණු 64ක් රැස්කළේ පන්දු 48කට පමණක් මුහුණ දෙමිනි. කණ්ඩායමේ ලකුණු වේගය ඉහළ දැමීමට මූලික වශයෙන් හේතුවුනු අහන්ගේ මෙම ඉනිමට දර්ශනීය හතරේ පහර 9ක් ඇතුළත් විය. ඇත්තෙන්ම පිතිකරුවෙකු ලෙසම කණ්ඩායමට ඇතුළත්ව සිටින අහන් මෙතරම් පහළින් පිතිකරණයේ යෙදවීම ඔහුටත්, කණ්ඩායමටත් අවාසියක් බව තේරීම් කමිටුවට නොතේරෙන්නේ ඇයිද යන්න ගැටලුවකි!

අහන්ට උපරිම සහයක් ලබා දුන් මේ දිනවල ලකුණු අතර සිටින සොනාල් දිනූෂ අද ලකුණු 46ක් රැස් කළේ පන්දු 52ක් පමණක් වැය කරමිනි. කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 242ක් දක්වා ඉහළ දමා ගැනීමට උපකාරී වූ ඔහුගේ වටිනා ඉනිමට හතරේ පහර 4ක් ඇතුළත් විය. පන්දු යැවීමේ දී ආදිත්‍ය අශෝක් කඩුලු 3ක් බිඳ හෙලද්දී, ක්‍රිස්ටියන් ක්ලාක් සහ ජෙසී ටැශ්කොෆ් කඩුලු 2 බැගින් දවා ගත්හ.

වේගපන්දුවෙන්, හිතුවක්කාරකමෙන් ලොව දිනූ ඩෙනිස් ලිලී

හැත්තෑව සහ අසූව දශකවල ඕස්ට්‍රේලියානු පන්දු බලඇණියේ……

මෙම ඉලක්කය හඹා යාමට උත්සාහ දැරූ කිවියන්ට එතරම් පහසුවෙන් ලකුණු ලබා ගැනීමට ශ්‍රී ලංකා පිළ ඉඩ ලබා නොදුන් අතර ලකුණු 47ක් වෙද්දී මුල් කඩුලු 2 බිඳ ගැනීමට ද ඔවුන්ට හැකිවිය. නමුත් එතැන් සිට ශතක සම්බන්ධතාවක් ගොඩ නැගූ කිවියන් තරගයේ පාලනය මුළුමනින්ම පාහේ තමන් යටතට ගත්හ. එහිදී රිස් මරියු පන්දු 106කට මුහුණ දී ලකුණු 86ක් රැස්කර ගනිද්දී වීලර් ග්‍රීනල් පන්දු 111ක් පිළි ගනිමින් ලකුණු 80ක් ලබා ගත්තේය.

ඒ වනවිට ඇති තරම් කඩුලු ඔවුන් අත තිබූ නිසා ශ්‍රී ලංකාවට නැවතත් තරගයට පිවිසීම ඉතාමත් අසීරු වන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. නමුත් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට උපරිම වශයෙන් උත්සාහ දැරූ මෙම යොවුන් ක්‍රීඩකයෝ උපරිම පාලනයකින් පන්දු යවමින් හැකි සෑම ලකුණක්ම නතර කරමින් පෙරළිකාර ජයක් සඳහා මාන බැලූහ. මෙම මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස ඉනිමේ අවසන් පන්දුවාර තුනේදී කඩුලු 4ක් බිඳ හෙලමින් පීඩනය උපරිම වශයෙන් ඉහළ දැමීමට ශ්‍රී ලංකා පිළට හැකිවිය.

ඒ අනුව අවසන් පන්දුවාරය සඳහා නවසීලන්තයට ලකුණු 12ක් අවශ්‍ය වූ අතර එහි මුල් පන්දු 4ම ලකුණු 6කට සීමා කළ ශ්‍රී ලංකා පිළ ජයපැන් බීම සඳහා සූදානම් වූයේ ඒ වනවිට කඩුල්ලේ රැඳී සිටියේ පසුපෙළ පිතිකරුවන් වීම නිසයි. නමුත් පස්වැනි පන්දුවේ දී තරග ප්‍රතිඵලය උඩු යටිකුරු කළ ක්‍රිස්ටියන් ක්ලාක් ඩිල්ශාන් මධුශංකගේ වේග පන්දුවට හයේ පහරක් එල්ල කරන්නේ කිවියන් අත නොතිබූ ජයක් තහවුරු කර ගනිමිනි.

ශ්‍රී ලංකා – කොදෙව් තරග කාලසටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකාව සමඟ එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග දෙකකට…….

කෙසේවෙතත් ශ්‍රී ලංකා පිළ අඩු ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කිරීම වෙනුවෙන් ලබාදුන් සටන තරගය පුරාවට කැපී පෙනුණි. පන්දු යැවීමේ දී සුදීර තිලකරත්න කඩුලු 2ක් දවා ගත්තේය. තරගයේ වීරයා ලෙස නවසීලන්ත ඉනිමේ පදනම සැකසූ වීලර් ග්‍රීනල් සම්මාන හිමිකර ගත්තේය. ශ්‍රී ලංකාව මුහුණ දෙන මූලික වටයේ අවසන් තරගය ලබන 25 වැනිදා ජපානයට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත.

Result


Sri Lanka U19
242/9 (50)

New Zealand U19
243/7 (49.5)

Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Beckham Wheeler-Greenall b William O’Rourke 23 39 3 0 58.97
Kamil Mishara c Quinn Sunde b Simon Keene 21 35 2 0 60.00
Ravindu De Silva st Quinn Sunde b Jesse Tashkoff 29 44 0 0 65.91
Thaveesha Abhishek c Quinn Sunde b Adithya Ashok 25 45 2 0 55.56
Nipun Dananjaya c Quinn Sunde b Adithya Ashok 0 3 0 0 0.00
Sonal Dinusha c Kristian Clarke b Jesse Tashkoff 46 87 4 0 52.87
Dilum Sudheera c Rhys Mariu b Adithya Ashok 6 33 0 0 18.18
Ahan Wicrkamasinghe c Jesse Tashkoff b Kristian Clarke 64 48 9 0 133.33
Kavindu Nadeeshan not out 7 7 1 0 100.00
Ashian Daniel b Kristian Clarke 0 1 0 0 0.00


Extras 21 (b 4 , lb 0 , nb 0, w 17, pen 0)
Total 242/9 (50 Overs, RR: 4.84)
Did not bat Dilshan Madusanka,

Fall of Wickets 1-42 (8.5) Navod Paranavithana, 2-58 (13.4) Kamil Mishara, 3-106 (24.2) Thaveesha Abhishek, 4-106 (24.5) Nipun Dananjaya, 5-112 (27.5) Ravindu De Silva, 6-141 (36.1) Dilum Sudheera, 7-219 (47.1) Sonal Dinusha, 8-241 (49.3) Ahan Wicrkamasinghe, 9-242 (49.6) Ashian Daniel,

Bowling O M R W Econ
Joey Field 9 2 55 0 6.11
Kristian Clarke 8 1 36 2 4.50
William O’Rourke 6 0 23 1 3.83
Simon Keene 7 0 46 1 6.57
Adithya Ashok 10 0 38 3 3.80
Jesse Tashkoff 10 1 40 1 4.00


Batsmen R B 4s 6s SR
Rhys Mariu lbw b Navod Paranavithana 86 106 6 0 81.13
Ollie White c Nipun Dananjaya b Ashian Daniel 4 9 0 0 44.44
Fergus Lellman c Navod Paranavithana b Dilum Sudheera 13 25 1 0 52.00
Beckham Wheeler-Greenall run out (Ashian Daniel) 80 111 4 1 72.07
Jesse Tashkoff c Sonal Dinusha b Dilshan Madusanka 30 35 2 0 85.71
Simon Keene run out (Sonal Dinusha) 3 2 0 0 150.00
Quinn Sunde c Matheesha Pathirana b Dilum Sudheera 2 4 0 0 50.00
Joey Field not out 5 4 0 0 125.00
Kristian Clarke not out 9 3 0 0 300.00


Extras 11 (b 4 , lb 3 , nb 0, w 4, pen 0)
Total 243/7 (49.5 Overs, RR: 4.88)
Fall of Wickets 1-15 (3.6) Ollie White, 2-47 (11.4) Fergus Lellman, 3-158 (37.1) Rhys Mariu, 4-217 (47.1) Jesse Tashkoff, 5-221 (47.4) Simon Keene, 6-229 (48.3) Beckham Wheeler-Greenall, 7-229 (48.4) Quinn Sunde,

Bowling O M R W Econ
Dilshan Madusanka 9.5 0 56 1 5.89
Ashian Daniel 10 0 30 1 3.00
Dilum Sudheera 10 0 52 2 5.20
Navod Paranavithana 9 0 43 1 4.78
Kavindu Nadeeshan 10 0 48 0 4.80
Sonal Dinusha 1 0 7 0 7.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<