Home Sinhala යොවුන් පිළේ කුළුඳුල් සිහිනය ඉන්දියාව හමුවේ බොඳවෙයි!

යොවුන් පිළේ කුළුඳුල් සිහිනය ඉන්දියාව හමුවේ බොඳවෙයි!

93
hindustantimes.com

මේ දිනවල දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා පිළෙන් අද (19) ගිලිහී ගියේය. ඒ තමන් මුහුණ දුන් පළමු තරගයේ දීම ප්‍රබල ඉන්දීය යොවුන් කණ්ඩායම හමුවේ ලකුණු 90ක පරාජයක් හිමිවීමත් සමඟයි. 

සිම්බාබ්වේ පිළේ නොසිතූ දස්කම් නිසා ශ්‍රී ලංකාවට දෙලෝ රත්වෙයි!

ශ්‍රේණිගත කිරීම් වල පහළින් සිටින, මෑත කාලයේ ICC ක්‍රිකට් තහනමකට ද ලක්වූ සිම්බාබ්වේ පිළ අද (19) ටෙස්ට්….

තරගාවලියේ සත්වැනි තරගය වූ මෙහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් වූ අතර ඔවුන් තීරණය කළේ මුලින් පන්දු යැවීම වඩාත් උචිත වන බවයි. කෙසේ නමුත් මෙම තීරණයට සාධාරණයක් ඉටු කරනු වස් ප්‍රතිවාදී කඩුලු කිහිපයක් ඉක්මනින් බිඳ හෙලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකි වීමත් සමඟ තරගයේ පාලනය අතට ගත්තේ ඉන්දියානු කණ්ඩායමයි.

එහිදී සෑම කඩුල්ලක් වෙනුවෙන්ම ඉතාමත් හොඳ ශක්තිමත් ලකුණු සම්බන්ධතා වර්ධනය කර ගැනීම ඉන්දීය පිළේ සාර්ථකත්වයට සෘජුවම බලපෑවේය. එහිදී ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් ලකුණු 59ක් රැස් කරගත් අතර ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් වර්ණවත් විය. ඔහුගේ සහාය ආරම්භක පිතිකරු දිව්යන්ශ් සක්සීනා ලකුණු 23යි. එය සටහන් වූයේ ඉන්දීය ඉනිමේ අඩුම ලකුණ ලෙසයි.

මීට අමතරව ලකුණු 46ක් ලබාගෙන අර්ධ ශතකය අභිමුව සිටි තිලක් වර්මාව පිටියෙන් ඉවත් කිරීමට ඇශියන් ඩැනියෙල්ට හැකි වන්නේ කඩුල්ල පිටුපස සිට කමිල් මිශාර සිදුකළ ඉතාමත් තියුණු සහ විශිෂ්ට කඩුලු රැකීමක් නිසාවෙනි. ඉන්දීය යොවුන් නායක ප්‍රියාම් ගාග් අද ලකුණු 56ක් රැස් කළේ හතරේ පහර ද්විත්වයක් පමණක් එල්ල කරමිනි. ඔහු ඒ සඳහා පන්දු 72කට මුහුණ දුන්නේය.

ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලියේ ස්ථානයක් වෙනස් වෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ….

කෙසේවෙතත් ඉන්දීය මුල්පෙළ පිතිකරුවන් දමාදුන් ශක්තිමත් අඩිතාලම ඔස්සේ පසුපෙළ පිතිකරුවන්ට ඉතාමත් පහසුවෙන් ලකුණු රැස් කිරීමේ නිදහස අද දිනයේ ඔවුන්ට හිමිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස සිද්දේශ් වීර් නොදැවී ලකුණු 44ක් රැස් කරන්නේ පන්දු 27කට පමණක් මුහුණ දෙමිනි. ඊට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. අනෙක් අන්තයේ නොදැවී පන්දුවට පහර දුන් දෲව් ජුරෙල් ලකුණු 52ක් රැස් කළේ පන්දු 48කට මුහුණ දෙමිනි.

මේ සියල්ලේ එකතුවක් ලෙස ඉන්දීය පිළ තම පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 4කට ලකුණු 297ක් රැස් කරමිනි. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් සිව්දෙනෙකු අතරේ බිඳ වැටුණු කඩුලු 4 බෙදී ගියේය. 

මෙම දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 207කට සීමා වූ අතර මුල සිටම සැලැස්මකට අනුව පන්දු යැවූ ප්‍රතිවාදී පන්දු යවන්නෝ පිතිකරුවන්ව පහසුවෙන් කොටුකර ගැනීමට සමත් වූහ. එහිදී වඩාත් කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ ඉන්දීය පන්දු රකින්නන් ද නියත හතරේ පහරවල් පවා වෙහෙස වී නවතාලමින් ශ්‍රී ලංකා පිළ වටා දැවැන්ත පීඩනයක් ගොඩ නැගීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ආකාශ් සිං, සිද්දේශ් වීර් සහ රවී බිශ්නෝයිට කඩුලු 2 බැගින් දඩයම් කර ගැනීමේ අවස්ථාව උදාවිය.

පිතිකරණ අංශයෙන් සුපුරුදු පරිදි සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජය සමත් වූ අතර ඔහු පන්දු 59කදී අර්ධ ශතකය කරා ලඟාවිය. ඒ හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟයි. මීට අමතරව කමිල් මිශාර සහ රවිඳු රසන්ත ඉනිමේ මුල් කොටසේ යම් සබඳතාවයක් ගොඩ නැගීමට උත්සාහ කළද අවසානයේ ඒ සඳහා වැඩි පන්දු ගණනක් භාවිතා කර තිබියදී දැවී ගියහ.

සිම්බාබ්වේ ඉඩෝරය නිම කරන ශ්‍රී ලංකාවට යළිත් වසන්තය?

සිම්බාබ්වේ කණ්ඩායමේ සහ ඔවුන්ගේ දේශයේ ක්‍රිකට් ඉඩෝරය නිමා කරමින් ආරම්භ වන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ…..

මේ නිසා ශ්‍රී ලංකාවට පන්දුවාර 45.2ක් අවසානයේ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 207ක් පමණි. තරගයේ වීරයා සම්මානය පිත්තෙන් ලකුණු 44ක් සහ පන්දුවෙන් කඩුලු 2ක් බිඳ හෙලූ සිද්දේශ් වීර්ට හිමිවිය. යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මීලඟ අභියෝගය ලබන 22 වැනිදා නවසීලන්ත පිළට එරෙහිව පැවැත්වෙනු ඇත.

Result


Sri Lanka U19
207/10 (45.2)

India U19
297/4 (50)

Batsmen R B 4s 6s SR
Yashasvi Jaiswal c Kamil Mishara b Dilshan Madusanka 59 74 8 0 79.73
Divyansh Saxena c Nipun Dananjaya b Amshi De Silva 23 27 3 0 85.19
Thakur Tilak Varma st Kamil Mishara b Ashian Daniel 46 53 3 0 86.79
Priyam Garg st Kamil Mishara b Kavindu Nadeeshan 56 72 2 0 77.78
Dhruv Jurel not out 52 48 3 1 108.33
Siddhesh Veer not out 44 27 6 1 162.96


Extras 17 (b 0 , lb 1 , nb 1, w 15, pen 0)
Total 297/4 (50 Overs, RR: 5.94)
Fall of Wickets 1-66 (11.5) Divyansh Saxena, 2-112 (21.4) Yashasvi Jaiswal, 3-171 (31.3) Thakur Tilak Varma, 4-234 (42.2) Priyam Garg,

Bowling O M R W Econ
Amshi De Silva 6 0 40 1 6.67
Matheesha Pathirana 8 0 49 0 6.12
Ashian Daniel 10 1 39 1 3.90
Dilshan Madusanka 10 0 69 1 6.90
Kavindu Nadeeshan 10 0 58 1 5.80
Navod Paranavithana 6 0 41 0 6.83


Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Akash Singh b Sushant Mishra 6 13 0 0 46.15
Kamil Mishara b Siddhesh Veer 39 59 4 1 66.10
Ravindu De Silva b Yashasvi Jaiswal 49 70 5 0 70.00
Thaveesha Abhishek c Thakur Tilak Varma b Karthik Tyagi 15 33 0 0 45.45
Nipun Dananjaya lbw b Akash Singh 50 59 2 1 84.75
Sonal Dinusha c Dhruv Jurel b Akash Singh 16 16 0 1 100.00
Kavindu Nadeeshan b Ravi Bishnol 4 11 0 0 36.36
Ashian Daniel lbw b Ravi Bishnol 0 1 0 0 0.00
Amshi De Silva c Priyam Garg b Siddhesh Veer 5 4 1 0 125.00
Dilshan Madusanka not out 4 4 1 0 100.00
Matheesha Pathirana run out (Divyansh Saxena) 0 3 0 0 0.00


Extras 19 (b 4 , lb 1 , nb 1, w 13, pen 0)
Total 207/10 (45.2 Overs, RR: 4.57)
Fall of Wickets 1-19 (3.6) Navod Paranavithana, 2-106 (22.5) Ravindu De Silva, 3-113 (24.5) Kamil Mishara, 4-148 (33.2) Thaveesha Abhishek, 5-181 (38.2) Sonal Dinusha, 6-195 (41.5) Kavindu Nadeeshan, 7-195 (41.6) Ashian Daniel, 8-203 (43.4) Amshi De Silva, 9-203 (44.3) Nipun Dananjaya, 10-207 (45.2) Matheesha Pathirana,

Bowling O M R W Econ
Karthik Tyagi 7.2 0 27 1 3.75
Sushant Mishra 7 0 34 1 4.86
Akash Singh 9 1 29 2 3.22
Siddhesh Veer 6 0 34 2 5.67
Ravi Bishnol 10 0 44 2 4.40
Subhang Hegde 2 0 10 0 5.00
Yashasvi Jaiswal 3 0 18 1 6.00
Tilak Varma 1 0 6 0 6.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<