ක්‍රිකට් මහත්වරුන්ට ශ්‍රී ලංකාවෙන් පාඩමක්

336
Charith-Asalanka

බංග්ලාදේශයේ ඩකා නුවර අද පැවති අවසන් පුර්ව වටයේ තරඟයේදි ප්‍රබල එංගලන්ත පිළට එරෙහිව කඩුළු 6ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා පිළ අද(7) සමත් විය.

කාසියේ වාසිය හිමිකරගත් එංගලන්තය මුලින්ම පන්දුවට පහරදිමට තිරණය කළ අතර ඔවුන් පන්දුවාර 49.02කදි සියළු දෙනා දැවි ලකුණු 184ක් රැස් කළේය. ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වු සි.ජේ. ටෙලර් පන්දු 52කදි අගනා ලකුණු 47ක් රැස් කළේ හතරේ පහර හතරක් සමගිනි. බි.එෆ් ග්‍රින් ලකුණු 26ක් රැස් කළ අතර එස්.එම් කරන් ලකුණු 25ක් රැස් කළේ එක් හතරේ පහරක් සමගිනි. පන්දු යැවිමේදි ඩි.සිල්වා ලකුණු 34කට කඩුළු 03ක් බිද හෙළු අතර එම්. ප්‍රනාන්දු ලකුණු 16කට කඩුළු 02ක් දවාගත්තේය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35.04ක් අවසානයේ කඩුළු 04ක් පමණක් දැවි ලකුණු 186ක් රැස් කරමින් අවසන් වටයේ තම ස්ථානය වෙන්කරගත්තේය. ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වු අයි.ඒ ප්‍රනාන්දු ලකුණු 95ක් රැස් කළ අතර ඔහුගේ ඉණිම හතරේ පහර 11කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් විය. චරිත් අසලංක පන්දු 57කදි ලකුණු  34ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය සදහා කැදවා ගෙනගිය අතර ඔහුගේ ඉණිමට හතරේ පහර හයක් ඇතුළත් විය. අයි.ඒ ප්‍රනාන්දු තරඟයේ විරයා ලෙස සම්මාන ලැබිය.