නීතියේ හිඩැස් අවම කරන්න ICCයෙන් නව වැඩපිළිවෙළක්

234

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ක්‍රීඩාවේ ජිවගුණය තවදුරටත් රැක ගැනීම උදෙසා ක්‍රීඩක චර්යා ධර්ම පද්ධතිය සහ ක්‍රීඩකයින්ගේ හැසිරීම හා තරගකාරීත්වය පිළිබඳව පුළුල් පසුවිපරමක් අරඹා තිබේ.

මෙම පසුවිපරම ICC ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් රිචඩ්සන් විසින් මෙහෙයවනු ලබන අතර, ක්‍රීඩාවට සමගාමීව ක්‍රීඩකයින්ගෙන් අපේක්ෂා කළ යුතු හැසිරීම් මට්ටම් හා එකිනෙකාට සහ ක්‍රීඩාවට කරනු ලබන ගෞරවය හා සැලකිල්ල පිළිබඳව මෙම පසුවිපරමේ දී පුළුල් ලෙස සාකච්ඡා කරනු ලබයි.    

ටිම් පේන්, ඕස්ට්‍රේලියානු වේදනාව නිවාවිද?

2018 මාර්තු 29 වැනි දිනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසය කඳුලින් තෙත් කළ දිනයකි. ඕස්ට්‍රේලියානුවන් පමණක් නොව මුළුමහත් ලෝක ක්‍රිකට් ප්‍රජාවම…

මෙම පසුවිපරමේ දී ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් පිළිබඳව සලකා බලන අතර ඉන් පළමු කරුණ ICC චර්යා ධර්ම සංග්‍රහයයි. සිදුවීමේ ස්වභාවය අනුව වරදේ බරපතලකම ශ්‍රේණිගත කිරීම හා විවිධ වැරදිවලට ලබා දෙන දඬුවම් පැහැදිලිව විග්‍රහ කිරීම පළමු කරුණ වේ.      

දෙවන කරුණ ලෙස එකිනෙකාට හා විවිධ සිදුවීම්/ සංස්කෘතීන්වලට ගරු කිරීමට/ සැලකීමට අදාලව ක්‍රීඩාවේ ජිවගුණය පිළිබඳ සංග්‍රහයක් පිහිටුවීමට අදහස් කෙරේ. මේ පනත් සංග්‍රහයට අනුව වර්තමාන තත්වයට අනුව, තරගවල ස්වභාවයට අනුව සහ තරගකාරිත්වයට අනුව ක්‍රීඩා කිරීමේ දී තිබිය යුතු ගුණාංගවල දී ජිවගුණය ආරක්ෂා කරගන්නා ආකාරය පිළිබඳව පුළුල් ලෙස විග්‍රහ කරයි. මේ සඳහා මහජන ගෞරවය දිනූ හිටපු ක්‍රීඩකයින්, තරග නිලධාරීන්, මාලිබෝන් ක්‍රිකට් සමාජය හා වත්මන් ක්‍රීඩකයින්ගේ අදහස් විමසීමට අදහස් කෙරේ.

“පසුගිය සති කිහිපය පුරා සිදු වූ සිදුවීම් පිළිබඳව ලොකු කතිකාවතක් ඇති වුනා, ක්‍රීඩකයින්ගේ හැසිරීම පිළිබඳ ලොකු විවාදයක් ඇති වුනා. සමහර ක්‍රීඩකයෝ දඬුවම් ලැබුවා, තරග නිලධාරීන් ICC චර්යාධර්ම සංග්‍රහයට අනුව කටයුතු කරා, ඔවුන් ක්‍රීඩකයින්ට දඬුවම් නියම කළේ නීතිමය රාමුව ඇතුලේ සිටයි. මේ නීතිමය රාමුවෙන් පිටතට ගියා නම් එය නීති රීති වලට කරන අපහාසයක් වෙනවා” යැයි ICC ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් රිචඩ්සන් මාධ්‍ය හමුවේ පැවසිය.  

”මේක හොඳ අවස්ථාවක්, 21 වැනි ශතවර්ෂයේ ක්‍රීඩාව වෙනස් වෙලා තියන ආකාරය පුළුල්ව බලලා, වර්තමානයේ තිබෙන ගැටලු ගැන සාකච්ඡා කරලා අදට ගැළපෙන ආකාරයට අපි චර්යා ධර්ම සංග්‍රහයක් සකස් කරන්න ඕනේ.”

ඕස්ට්‍රේලියානු පුහුණුකරු ද ධුරයෙන් ඉල්ලා අස්වේ

ඕස්ට්‍රේලියානු කණ්ඩයමේ පුහුණුකරු ඩැරන් ලීමන් එළඹෙන සිකුරාදා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයෙන් පසු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට…

”ක්‍රීඩාවේ ජිවගුණය තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩා නීතියේ පූර්විකාවේ, එය ක්‍රිකට් ක්‍රීඩාවටම අනන්‍ය වූ දෙයක්, මේ පසුවිපරමෙන් අපි සලකා බලනවා ක්‍රීඩකයින් ඇතුළු සියලු දෙනා ක්‍රීඩාවට සහභාගී කරගන්නේ කොහොමද, ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණය රැකගැනීම කෙරෙහි ලා ඔවුන්ගේ කාර්යභාරය, ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණය මැදි කරගෙන ඒ වටා ක්‍රීඩාවේ සෑම දෙනාටම ගෞරව කරන සංස්කෘතියක් ගොඩනැගීම මේ පසුවිපරමේ ප්‍රධාන අරමුණක්.”

“අපිට අවශ්‍ය මේ පසුවිපරම උපයෝගී කරගෙන දීර්ඝ කාලීන ධනාත්මක බලපෑමක් ක්‍රීඩාවට යොමු කරන්න, අපි ක්‍රීඩකයින්ගේ ගෞරවය හා ක්‍රීඩාවේ සංස්කෘතිය පිළිබඳ කොටසත් ඇතුලත් කරනවා, ICC ක්‍රිකට් කමිටුව, මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජය, තරග නිලධාරීන්, වර්තමාන ක්‍රීඩකයින් මේ පසුවිපරමින් ප්‍රතිලාභ ලබන්නන් වේවි, හැකි ඉක්මනින් මේ ක්‍රියාවලිය නිමා වේවි. ICC ක්‍රිකට් කමිටුව හා ICC විධායක කමිටුව මේ පිළිබඳ සාකච්ඡා කර සංශෝධන එකතු කරයි”

“ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාකලාපය පිළිබඳව මම ප්‍රශංසා කරනවා, මම ICC නියෝජිතයන්ට ස්තුතිය පලකරන අතරම, මේ පසුවිපරම තුලින් ක්‍රීඩාවට තිබෙන ගෞරවය යලි තහවුරු කරන්නට බලාපොරොත්තු වෙනවා” යැයි රිචඩ්සන් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<