නවසීලන්ත කණ්ඩායම ඉදිරියට, ඕස්ට්‍රේලියාව පසු බසී

334

පසුගිය දා ටෙස්ට් ක්‍රිකට් පිටියේ සිදු වූ සිදුවීම් හමුවේ ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි වෙනස්කම් කිහිපයක් සිදුව ඇත.

නිමා වූ බංගලාදේශ ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් වීම නිසා ඕස්ට්‍රේලියාව ICC ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ එක් ස්ථානයකින් පහළට වැටී තිබේ. මෙතෙක් දර්ශකයේ 4 වන ස්ථානය හෙබවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මේ වන විට හිමි වී ඇත්තේ 5 වන ස්ථානයයි. 4 වන ස්ථානය හා 5 වන ස්ථානය හිමි කර ගෙන සිටින නවසීලන්ත හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම් ප්‍රසාද ලකුණු 97ක් ලබා සිටිය ද, දශම ස්ථාන සැලකූ විට ඉදිරියෙන් පසු වන්නේ නවසීලන්ත කණ්ඩායමයි.

මැතිව්ස්ට 27, කුසල්ට 30, දික්වැල්ලට 38

ගෙවී ගිය සති කිහිපය තුළ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සිදු වූ බොහෝ සිදුවීම් නිසා මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කරන ශ්‍රේණිගත කිරීම්වල විවිධ වූ වෙනස්කම් සිදුව ඇත.

ප්‍රසාද ලකුණු 125ක් ලබාගෙන සිටින ප්‍රබල ඉන්දීය කණ්ඩායම ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ප්‍රමුඛත්වය හොබවන අතර, ප්‍රසාද ලකුණු 110ක් ලබාගෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන ස්ථානයත්, ප්‍රසාද ලකුණු  105ක් ලබාගෙන සිටින එංගලන්ත කණ්ඩායම එහි තෙවන ස්ථානය ද හොබවයි.

ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි හයවන ස්ථානය ප්‍රසාද ලකුණු 93ක් ලබා සිටින පකිස්ථානය හිමි කර ගෙන සිටින අතර ශ්‍රී ලංකාව එහි හත්වන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 90ක් ලබා ගනිමිනි.

කෙසේ වෙතත් එළඹෙන ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ අවසාන ප්‍රතිඵලයත් සමඟ මෙම ස්ථාන තවත් වෙනස්වීමට ඉඩ අති බව ක්‍රිකට් විචාරකයන් පවසයි.

ප්‍රසාද ලකුණු 75ක් හා 74ක් ලබා ගෙන ශ්‍රේණිගත කිරීම් හි 8 වන හා 9 වන ස්ථාන පිළිවෙළින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම හොබවන අතර සිම්බාබ්වේ කණ්ඩායම එහි 10 වන ස්ථානයේ පසුවෙයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට