මයිකල් ගොවුෆ් හා ජොයෙල් විල්සන්ට උසස්වීම්

14060

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය 2019-20 කාලය සඳහා වන සමාලෝචනය හා නව නිලධාරීන් තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා පසුගිය දා රැස්විය. එහි දී එංගලන්තයේ මයිකල් ගොවුෆ් හා බටහිර ඉන්දීය කොදෙව්හි ජොයෙල් විල්සන් එමිරේට්ස් උත්තරීතර මණ්ඩලය (Elite Panel) සඳහා නම් කිරීමට ඔවුන් තීරණය කර තිබේ. 

ගොවුෆ් හා විල්සන් ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලයේ සිට මෙම උත්තරීතර මණ්ඩලය (Elite Panel) සඳහා තෝරාගෙන ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාන්‍ය අධ්‍යක්ෂක ජෙෆ් ඇලර්ඩයිස් (සභාපති), හිටපු ක්‍රීඩකයෙකු හා  වත්මන් විස්තර විචාරකයෙකු වන සංජේ මංජ්‍රේකාර්, තරග තීරක රන්ජන් මඩුගල්ලේ හා ඩේවිඩ් බූන්ගෙන් සමන්විත වූ තේරීම් කමිටුවක් මඟිනි. 

ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස්ගේ පණ බේරූ පර්සි අබේසේකර

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයකි. සිංහ …….

මෙම විනිසුරුවන් දෙදෙනා ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් බහුල විනිසුරුවන් දෙදෙනෙකු ලෙස සැලකේ. ගොවුෆ් ටෙස්ට් තරග 9ක්, එක්දින තරග 59ක් හා විස්සයි විස්ස තරග 14ක විනිසුරු ලෙස කටයුතු කර ඇති අතර විල්සන් ටෙස්ට් තරග 13ක්, එක්දින තරග 63ක් හා විස්සයි විස්ස තරග 26කට තම දායකත්වය සපයා ඇත. ගොවුෆ් හා විල්සන් මීට පෙර මණ්ඩලයේ සාමාජිකයන් වූ ඉයන් ගොවුල්ඩ් හා රවී සුන්දරම් විශ්‍රාම යාමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු පිරවීමට නියමිතයි. 

විනිසුරුවන් හා තරග තීරකවරුන් සම්බන්ධ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂක ඒඩ්‍රියන් ග්‍රිෆිත් පවසා සිටියේ,

“මේ මණ්ඩලයේ සාමාජිකයෙකු වීම ලොකු අභියෝගයක්. ප්‍රේක්ෂකයන් විසින් තමන් ලබා දෙන සියලු තීරණ සියුම් ලෙස පරීක්ෂා කරනවා. ඒ වගේම මේ සියලු විනිසුරුවන්ට වසර පුරාම තම දක්ෂතා සම්බන්ධයෙන් පරීක්ෂණවලට සහභාගි වීමට සිදු වෙනවා. 

අපි වාසනාවන්‍තයි. අපිට විශිෂ්ට විනිසුරුවන් සිටිනවා. ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ තරගවල පීඩනය දරාගෙන තම රාජකාරිය උපරිමයෙන් ඉටු කිරීමට හැකියාව තියනවා. මයිකල් හා ජොයෙල් මේ තනතුරු සඳහා නියම සුදුස්සන්. මම ඔවුන්ට සුබ පතනවා මේ එළඹෙන අනාගතය සඳහා.”

මහේල ජයවර්ධන ICC වෙත සැකසූ ලිපියක සිංහල අනුවර්තනයක්

අපිට අනෙක් හැම අංශයකම ලෝක ශූරයන් ඉන්නවා………

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මෙම විනිසුරුවන්ගේ උත්තරීතර මණ්ඩලයේ (Umpires Elite Panel) අනෙකුත් සාමාජිකයන් වන්නේ අලීම් ඩාර්, කුමාර් ධර්මසේන, මරාස් ඉරාස්මස්, ක්‍රිස් ග්‍රැෆනි, රිචඩ් ඉලින්වර්ත්, රිචඩ් කෙට්ල්බොරෝ, නයිජල් ලෝන්ග්, බෲස් ඔක්සන්ෆෝඩ්, පෝල් රයිෆල් හා රොඩ් ටකර්ය. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තරග තීරක උත්තරීතර මණ්ඩලයේ (Match Referees Elite Panel) කිසිදු වෙනසක් සිදුව නැත. එහි සාමාජිකයන් ලෙස ඩේවිඩ් බූන්, ක්‍රිස් බ්‍රෝඩ්, ජෙෆ් ක්‍රෝවේ, රන්ජන් මඩුගල්ලේ, ඇන්ඩි පයික්‍රොෆ්ට්, රිචී රිචඩ්සන් හා ජවාගල් ශ්‍රීනාත් කටයුතු කරයි. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල තරග තීරක උත්තරීතර මණ්ඩලය (Match Referees Elite Panel)

තරග තිරක ටෙස්ට් එක්දින විස්සයි විස්ස
ඩේවිඩ් බූන් 55 135 51
ක්‍රිස් බ්‍රෝඩ් 98 316 92
ජෙෆ් ක්‍රෝවේ 95 289 98
රන්ජන් මඩුගල්ලේ 187 359 99
ඇන්ඩි පයික්‍රොෆ්ට් 69 175 76
රිචී රිචඩ්සන් 22 54 31
ජවාගල් ශ්‍රීනාත් 46 220 75

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරු උත්තරීතර මණ්ඩලය (Umpires Elite Panel)

විනිසුරු ටෙස්ට් එක්දින විස්සයි විස්ස
අලීම් ඩාර් 126 206 43
කුමාර් ධර්මසේන 60 103 22
මරාස් ඉරාස්මස් 55 90 26
ක්‍රිස් ග්‍රැෆනි 27 68 20
මයිකල් ගොවුෆ් 9 59 14
රිචඩ් ඉලින්වර්ත් 42 65 16
රිචඩ් කෙට්ල්බොරෝ 58 88 22
නයිජල් ලෝන්ග් 56 128 32
බෲස් ඔක්සන්ෆෝඩ් 55 95 20
පෝල් රයිෆල් 43 68 16
රොඩ් ටකර් 67 83 35
ජොයෙල් විල්සන් 13 63 26

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<