වසර දෙකක්, කණ්ඩායම් නවයක්, තරගාවලි 27ක්, ටෙස්ට් තරග 72ක්

1530

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (29) ලෝක ටෙස්ට් ශූරතාව නිල වශයෙන් ආරම්භ කළේ සාම්ප්‍රදායික ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට නවමු අත්දැකීමක් ගෙනෙමින්.

2019 වසරේ අගෝස්තු මස 1 සිට ආරම්භ වන තරගාවලිය සඳහා ලොව හොඳම ටෙස්ට් කණ්ඩායම් නවය (ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව්) තරග වදිනු ලබයි. 

කණ්ඩායම් තරග 71ක් ක්‍රීඩා කරන්නේ තරගාවලි 27ක දී එකිනෙකා හමුවෙමින්. මෙම තරගාවලි 27 වසර දෙකක් පුරා ඇදී යන අතර 2021 වසරේ ජුනි මාසයේ දී ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකට පත් වන කණ්ඩායම් ICC ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය සඳහා තරග වදිනු ඇත. එම තරගය පැවැත්වෙන්නේ එක්සත් රාජධානියේ දීයි. 

මහේල ජයවර්ධන ICC වෙත සැකසූ ලිපියක සිංහල අනුවර්තනයක්

අපිට අනෙක් හැම අංශයකම ලෝක ශූරයන් ඉන්නවා………..

“ලොව හොඳම කණ්ඩායම් නවය එළඹෙන වසර දෙක පුරා තරග 71ක් ක්‍රීඩා කරනු ඇත.”

ICC විධායක කළමනාකරු Geoff Allardice මහතා තරගාවලිය පිළිබඳ මෙසේ අදහස් දක්වා තිබුණා. “ICC ක්‍රිකට් ලෝක කුසලානය අපිට පෙන්වා දුන්නා ලොව හොඳම කණ්ඩායම් එකිනෙකා හා තරග වැදීම කෙතරම් වැදගත් ද කියලා. ලෝක ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ සියලුම කණ්ඩායම් ද්වන්ද ටෙස්ට් ක්‍රිකට් තරගාවලිවල දී එකිනෙකා හමුවනු ඇත. මේ නිසාම ලෝක කුසලානය මෙන්ම දින පහේ ටෙස්ට් තරග ද ඉතා තරගකාරී වනු ඇත.”

“ක්‍රිකට් ක්‍රීඩාවේ සාරය තමයි ටෙස්ට් ක්‍රිකට්.” එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වන ජේම්ස් ඇන්ඩර්සන් පවසා තිබුණා. “එය ක්‍රීඩාවේ සාරයයි. ගොඩක් ක්‍රීඩකයින්ට අවශ්‍යයි හොඳම ක්‍රිකට් ආකෘතිය වන ටෙස්ට් ක්‍රිකට් වැඩිපුර ක්‍රීඩා කරන්න. එම නිසාම ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව ක්‍රීඩාව වෙනුවෙන් ඉතා හොඳ දෙයක් වේවි. සෑම ටෙස්ට් තරගයක්ම ඉතා වැදගත් වේවි.”

“අපි බොහොම බලාපොරොත්තු ඇතුව බලාගෙන ඉන්නාවා ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග වදින්න. මේක නිසා දීර්ඝතම ක්‍රිකට් ආකෘතියට නව අරුතක් ලැබෙනවා.” ඉන්දියානු ක්‍රිකට් නායක විරාත් කෝලි පවසා තිබුණා. “ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ලොකු අභියෝගයක්, ඒ වගේම සාම්ප්‍රදායික ක්‍රිකට් ආකෘතියේ තරග ජය ගැනීම බොහොම සතුටක් ගෙන එනවා. ඉන්දියානු කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කරනවා හා ඔවුන්ට ලොකු අවස්ථාවක් තිබෙනවා තරගාවලිය ජය ගන්න.”

“ලෝක ටෙස්ට් ශූරතාව ඉතා හොඳ අදහසක්” ඕස්ට්‍රේලියානු නායක ටීම් පේන් පවසා සිටියා. “අපි බොහොම කැමතියි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්න. එය ඕස්ට්‍රේලියාවේ ඉතා ජනප්‍රියයි. එම නිසාම ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් මේ සඳහා ඉතා හොඳ සහයක් ලැබෙනවා, ප්‍රේක්ෂකයින් හා මාධ්‍යත් එලෙසමයි. කොළ පැහැ ඕස්ට්‍රේලියානු ටෙස්ට් තොප්පිය පැළඳීමට ලැබීම සෑම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේම සිහිනයක්. ලෝක ටෙස්ට් ශූරතාව නිසා සියලුම රටවල් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි අවධානයක් යොමු කරයි. එය පොදුවේ ක්‍රීඩාවට මෙන්ම ටෙස්ට් ක්‍රීඩාවේ අනාගතයට ද ඉතා වැදගත් වේවි.”

සෑම තරගයක දී ම කණ්ඩායම්වලට ප්‍රසාද ලකුණු හිමි වන අතර සියලුම කණ්ඩායම් සිය රට තුළ දී තරගාවලි තුනක් හා රටෙන් පිටත තරගාවලි තුනක් බැගින් ක්‍රීඩා කළ යුතුයි. සෑම තරගාවලියක් සඳහාම ලකුණු 120ක් බැගින් හිමි වන අතර එම ලකුණු සංඛ්‍යාව සෑම තරගයකටම බෙදී යනු ඇත. 

උදාහරණයක් ලෙස තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියක් සඳහා එක් තරගයකට ලකුණු 60 බැගින් හිමි වනු ඇත. තරග තුනකින් යුතු තරගාවලියක් නම් එක් තරගයක් සඳහා ලකුණු 40ක් බැගින් හිමි වනු ඇත. තරගයේ ලකුණු සම වීමක් නම් එක් කණ්ඩායමකට ප්‍රසාද ලකුණු 50% බැගින් හිමි වන අතර තරගය ජය පරාජයෙන් තොරව අවසාන වීමක් නම් 3:1 අනුපාතයට ප්‍රසාද ලකුණු බෙදී යනු ඇත.  

තරගාවලි සියල්ල සංවිධානය කෙරෙන්නේ ICC සාමාජික රටවල් සියල්ලේම ඒකමතික කැමැත්තෙන් වන අතර ක්‍රියාත්මක වන තරග සියල්ල සඳහා මේ වන විටත් සියලු රටවල් ගිවිසුම් ගත වී තිබේ. 

එක් තරගාවලියක ඇති තරග ගණන දෙකේ සිට තරග පහ දක්වා විය හැකියි. ලෝක ටෙස්ට් ශූරතාවයේ පළමු වටයේ දී ICCය විසින් මුලින් නම් කළ තරගාවලි හැර අනෙක් තරගාවලි පවත්වන්නේ නම් ඒවා ටෙස්ට් ශූරතාවට අන්තර්ගත වන්නේ නැත.

සියලුම තරගාවලි නීති රීති සඳහා හා ICCය වගකියන අතර තරග සඳහා තරග නිලධාරීන් පත් කිරීම ද ඔවුන්ගේ වගකීමක් වනු ඇත. ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන්  මහා තරගය සඳහා ද සම්පූර්ණයෙන් වගකියන්නේ ICC යයි. 

ලෝක ටෙස්ට් ශූරතාව පිළිබඳ මේ කරුණු ඔබ දන්නවා ද? ICC ලෝක ටෙස්ට් ශූරතාව යනු කුමක් ද?

ICC ලෝක ටෙස්ට් ශූරතාව එළඹෙන අගෝස්තු මස 1 ආරම්භ වන අතර කණ්ඩායම් නවයක්, තරගාවලි 27ක් පුරා තරග 71ක දී තරග වදිනු ඇත. තරගාවලිය වසර දෙකක් දක්වා දිව යන අතර ලොව හොඳම ටෙස්ට් කණ්ඩායම් නවය මේ සඳහා සහභාගී වනු ඇත. 

සෑම කණ්ඩායමක්ම සිය රටේ දී තරගාවලි තුනක් හා සිය රටෙන් පිටත තරගාවලි තුනක් බැගින් ක්‍රීඩා කරනු ඇත. වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් දෙක 2021 වසරේ දී එංගලන්තයේ පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කරන අතර එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරයින් ලෙස කිරුළු පලඳිනු ඇත.

ලෝක ටෙස්ට් ශූරතාව ආරම්භ කරන්නේ ඇයි?

ලෝක ටෙස්ට් ශූරතාව හඳුන්වා දෙන්නේ ද්වන්ද ටෙස්ට් ක්‍රිකට් තරගාවලිවලට නව පසුබිමක් හඳුන්වා දීමේ අරමුණින්. ලොව හොඳම කණ්ඩායම් එකිනෙකා තරග වදිද්දී සෑම තරගයකින්ම ඔවුන්ට ප්‍රසාද ලකුණු හිමි වනු ඇත. ලෝක ටෙස්ට් ශූරතාව මගින් ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝතම ආකෘතියට නව ජවයක් ලබා දෙන අතර එහි ආකෘතිය ද ලෝක කුසලාන ආකෘතියට සමාන වීම විශේෂත්වයක්.

කුලසේකරගේ නමින් නම් වූ තරගයත් දිනන්නට සිංහයින් සීරුවෙන්

මාස 44කට පසුව සිය රටේ දී එක්දින ක්‍රිකට් ……….

ලෝක ටෙස්ට් ශූරතාවට සහභාගී වන කණ්ඩායම් තීරණය කරන්නේ කොහොමද?

2018 වසරේ මාර්තු 31 දා වන විට ICC ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු කණ්ඩායම් නවය ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවට සුදුසුකම් ලබයි. ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දේශය මෙවර තරගාවලියේ දී තරග වදිනවා.  

කවදා ද? කොහේ ද?

ලෝක ටෙස්ට් ශූරතාව වසර දෙකක් පුරා මහද්වීප කිහිපයකම ක්‍රියාත්මක වන්නේ එළඹෙන අගෝස්තු 1 දා සිටයි. සාමාන්‍ය ද්වන්ද ටෙස්ට් තරගාවලි ආකෘතියටම මෙම තරගාවලිය ක්‍රියාත්මක වන නමුත් මෙවර එක් චක්‍රයක් අවසානයේ නව ශූරයෙකු බිහි වන බැවින් සාමාන්‍ය තරගාවලි ද ඉතා තරගකාරී වනු ඇත. 

කණ්ඩායම් නවය තරගාවලි 27ක් ක්‍රීඩා කරන අතර අවසන් මහා තරගය ද ඇතුළුව තරග 72ක් පැවැත්වෙනු ඇත. 2021 ජුනි මාසයේ දී අවසන් තරගය පැවැත්වීමට නියමිතයි.

ලීග් ආකෘතිය?

කණ්ඩායම් නවයම සිය රටේ හා සිය රටෙන් පිටත තරගාවලි තුන බැගින් ක්‍රීඩා කරයි. සුපුරුදු පරිදි එම තරගාවලි සංවිධානය වන්නේ සාමාජික රටවල් අතර ක්‍රියාත්මක වන අභ්‍යන්තර ගිවිසුම් මගිනුයි. තරගාවලියක තරග සංඛ්‍යාව තරග දෙකේ සිට පහ දක්වා සිය හැකියි.

තරග දෙකේ තරගාවලි තරග තුනේ තරගාවලි තරග හතරේ තරගාවලි තරග පහේ තරගාවලි
ශ්‍රී ලංකාව හා නවසීලන්තය  (2019) බටහිර ඉන්දීය කොදෙව් හා ඉන්දියාව (2019) ඉන්දියාව හා දකුණු අප්‍රිකාව  (2019) දකුණු අප්‍රිකාව හා එංගලන්තය  (2019-20) එංගලන්තය හා ඕස්ට්‍රේලියාව  (2019)
පාකිස්ථානය හා ශ්‍රී ලංකාව  (2019) ඉන්දියාව හා බංගලාදේශය (2019) ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය  (2019-20) ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව (2020-21) ඉන්දියාව හා එංගලන්තය (2021)
ඕස්ට්‍රේලියාව හා පාකිස්ථානය  (2019) පකිස්ථානය හා බංගලාදේශය (2020) එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව්  (2020)
නවසීලන්තය හා ඉන්දියාව  (2020) ශ්‍රී ලංකාව හා එංගලන්තය  (2020) ශ්‍රී ලංකාව හා බංගලාදේශය  (2020)
බංගලාදේශය හා ඕස්ට්‍රේලියාව  (2020) බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාව (2020) එංගලන්තය හා පාකිස්ථානය  (2020)
බංගලාදේශය හා නවසීලන්තය (2020) නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් (2020) බංගලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව්  (2021)
නවසීලන්තය හා පාකිස්ථානය  (2020) ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව  (2021) දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව  (2021)
පාකිස්ථානය හා දකුණු අප්‍රිකාව (2021) බටහිර ඉන්දීය කොදෙව් හා ශ්‍රී ලංකාව  (2021)

එක්දින තරගත් ඇතුළත් ද? දිවා රාත්‍රි ටෙස්ට් තරගත් ක්‍රීඩා කළ හැකි ද?  

ලෝක ටෙස්ට් ශූරතාවයේ පළමු චක්‍රයේ දී ක්‍රියාත්මක වන්නේ දින පහේ ටෙස්ට් තරග පමණයි. ඒ සඳහා දිවා රාත්‍රි ටෙස්ට් තරගත් ඇතුළත්. තරගාවලි සංවිධානය වන්නේ ICCයෙන් නොව ඒ එක් එක් රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධයෙන්.

ප්‍රසාද ලකුණු ලැබෙන්නේ කොහොමද ?

සෑම කණ්ඩායමක්ම තරගාවලි හයක් ක්‍රීඩා කරන අතර ඉන් එක් තරගාවලියක් සඳහා ලකුණු 120ක් ලැබෙනවා. එම ලකුණු 120 තරගාවලියේ පැවැත්වෙන තරග ගණන ඔස්සේ බෙදී යන අතර තරග දෙකකින් සමන්විත තරගාවලියක් සඳහා එක් තරගයකට ලකුණු 60ක් බැගින්, තරග තුනේ තරගාවලියක් සඳහා එක් තරගයකට ලකුණු 40ක් බැගින් හිමි වනවා. තරගයේ ලකුණු සම වීමක දී කණ්ඩායම් දෙකටම ලකුණු 50% බැගින් හිමි වන අතර ජය පරාජයෙන් තොරව අවසන් වීමක දී 3:1 අනුපාතයට ප්‍රසාද ලකුණු බෙදී යනවා. 

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවයේ ප්‍රසාද ලකුණු බෙදී යන ආකරය
තරගාවලියේ තරග ගණන ජයකදී ලකුණු ගණන ලකුණු සම වීමකදී ලකුණු ගණන ජය පරාජයෙන් තොරව අවසන්

වීමේදී ලකුණු ගණන

2 60 30 20
3 40 20 13
4 30 15 10
5 24 12 8

තරගාවලිය සංවිධානය කරන්නේ ICCය ද?

ICCය සියලු සාමාජික රටවල් සමඟ Future Tours Program වැඩසටහන යටතේ තරගාවලි සංවිධානය කරන්නට කටයුතු කරනවා. මීට පෙර සෑම තරගාවලියක්ම සත්කාරක ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කළා. 

සත්කාරක ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩාංගණ, සජීව විකාශයන්, ප්‍රවේශ පත්‍ර යන කටයුතු සංවිධානය කරනවා, ICCය විසින් එම සංවිධාන කටයුතු සම්බන්ධීකරණය කරන අතර ඔවුන් තරග සඳහා තරග නිලධාරීන් පත් කරනවා. 

නව ආකෘතිය යටතේ ICCය තරගාවලි නියමිත තත්වයෙන් පැවැත්වෙනවා ද යන්න නිරීක්ෂණය කරන අතර තරගාවලිවල නීති රීති ද තීරණය කරනවා. ICC ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ සංවිධාන වගකීම හිමිවන්නේ ද ICCටයි.  

මෙය එක් වරක් පමණක් ක්‍රියාත්මක වන චක්‍රයක් ද?

පළමු චක්‍රය 2019 අගෝස්තු මස 1 සිට 2021 මාර්තු මස 31 දක්වා ක්‍රියාත්මක වන අතර දෙවන චක්‍රය 2021 ජුනි මස සිට 2023 අප්‍රේල් මාසය දක්වා ක්‍රියාත්මක කරන්නට තීරණය කර තිබෙනවා.

සියලුම ටෙස්ට් තරග ලෝක ටෙස්ට් ශුරතාවයට ඇතුළත් ද?

ICCය විසින් ලෝක ටෙස්ට් ශුරතාවයට ඇතුළත් කළ තරගාවලිවලට පමණක් ප්‍රසාද ලකුණු හිමි වනු ඇත. පළමු රටවල් නවයට ඇතුළත් නොවන, ඇෆ්ගනිස්ථානය, අයර්ලන්තය හා සිම්බාබ්වේ සමඟ ක්‍රීඩා කරන තරග මෙම තරගාවලියට ඇතුළත් නොවේ. 

ICC ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට වෙන්නේ මොකද්ද?

කණ්ඩායම් 12ම සලකමින් ICC ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් දිගටම ඉදිරියට පවත්වා ගෙන යනු ඇත. නමුත් ලෝක ටෙස්ට් ශුරතාවයේ ලකුණු සටහන MRF ICC ශ්‍රේණිගත කිරීම්වලින් ස්වාධීනව පවතිනු ඇත.

ලෝක ටෙස්ට් ශූරතාවයේ විකාශන අයිතිය?

එක් එක් සත්කාරක ක්‍රිකට් පාලක මණ්ඩල වලට විකාශන අයිතිය නිකුත් කිරීමට හැකියාව ඇත. එම කටයුතු සඳහා ICCය මැදිහත් නොවන අතර පෙර පරිදිම පවත්වා ගෙන යනු ඇත.  කෙසේ වෙතත් ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයේ විකාශන අයිතිය තීරණය කිරීම ICCය සතුයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<