ශූරයින්ගේ කුසලානය උණුසුම් කෙරූ ආරංචිය

1434
ICC CHAMPIONS TRPOHY

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අට වන වරටත්  සංවිධානය කරනු ලබන ශූරයින්ගේ කුසලානය සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 15ක් වැනි කෙටි කාලයකි. එවන් වූ මොහොතක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජයග්‍රාහී කණ්ඩායම් වෙත ලබා දෙන මුදල් ත්‍යාග ප්‍රමාණ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙල ලදි.

පූනේ කණ්ඩායම අවසන් තරගයට රැගෙන ගිය 17 හැවිරිදි පන්දු යවන්නා

මෙවර තරග වාරයේ දී සුපිරි දක්ෂතා දක්වමින් කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට.

ජුනි 1 වැනිදා සිට ජුනි 18 වැනිදා දක්වා එංගලන්තය හා වේල්සය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන මෙවර ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇමරිකානු ඩොලර් මිලියන 4.5 (ශ්‍රී ලංකා රුපියල් 685,844,955) ක මුදලක් ත්‍යාග ලෙස ලබා දීමට වෙන් කර ඇති අතර, අවසානයේ ශූරතාවය ජයග්‍රහණය කරන කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 2.2 (ශ්‍රී ලංකා රුපියල් 335,301,978) ක දැවැන්ත මුදලක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිව ඇත. එම මුදල් ප්‍රමාණය ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කරන කණ්ඩායමකට මෙම තරගාවලි ඉතිහාසය තුල ලබා දෙන විශාලතම මුදල් ප්‍රමාණය වේ. තවද මෙවර අනුශූරතාවය ජයග්‍රහණය කරන කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.1 (ශ්‍රී ලංකා රුපියල් 167,650,989) ක මුදලක් පිරිනැමීමට නියමිතව ඇත.

එසේම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් හතර සඳහා ඇමරිකානු ඩොලර් 450,000 (ශ්‍රී ලංකා රුපියල් 68,584,495.50) ක ත්‍යාග මුදලක් හා මූලික කාණ්ඩයේ තෙවන හා සිව්වන ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් වලට පිළිවෙළින් ඇමරිකානු ඩොලර් 90,000 (ශ්‍රී ලංකා රුපියල් 13,716,899.10) ක් හා ඇමරිකානු ඩොලර් 60,000 (ශ්‍රී ලංකා රුපියල් 9,144,599.40) ක් ත්‍යාග මුදල් ලෙස ප්‍රදානය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

2013 වර්ෂයේ දී ශූරයින්ගේ කුසලාන ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස එවකට ඇමරිකානු ඩොලර් මිලියන 2 (එවකට ශ්‍රී ලංකා රුපියල් 256,207,908.24) ක් ප්‍රදානය කර තිබේ.

මෙම තරගාවලියේ පළමු තරගය ලබන ජුනි පළමු වනදා එංගලන්ත හා බංග්ලාදේශ අතර එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන අතර,  ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු පුහුණු තරගය මැයි 26 වන දා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එදිරිව ද, ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු නිළ තරගය ජුනි තුන්වන දා ඕවල් ක්‍රීඩා පිටියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පැවැත්වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට