“වර්ෂාව නිසා ලෝක කුසලානයට මොකද වෙන්නේ?” ICC පහදයි

6644

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11) දිනයේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර බ්‍රිස්ටල් හිදී පැවැත්වීමට නියමිතව තිබූ තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ප්‍රතිඵලයක් රහිතව අවසන් විය.

අද තරගයටත් වර්ෂාව හරස්වෙන ලකුණු

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ………

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ වනවිට තරග 3ක් වර්ෂාව නිසා අත්හැර දමා තිබෙන අතර එය මේ දක්වා පවත්වා ඇති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් තුළ වර්ෂාව නිසා අත්හැර දැමූ වැඩිම තරග සහිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෙස ඉතිහාසයට එක්විය.

                                 >>ICC Cricket World Cup 2019<< 

“මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග වලට අතිරේක දින නැත්තේ ඇයි කියලා ගොඩාක් ප්‍රේක්ෂකයින් අහනවා. නමුත් මේක වෙන අවුරුදු වල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි  වගේ නෙවෙයි. මේ පාර තරගාවලියේ ආකෘතිය ටිකක් වෙනස්. ඒක නිසා මේක දීර්ඝ ක්‍රිකට් තරගාවලියක් බවට පත්වෙලා තියෙන්නේ. මම හිතන්නේ නැහැ තරග සංවිධායකයින්ට ඔය අනික් අය කියනවා වගේ ලේසියෙන් අතිරේක තරග දිනයක් වෙන් කරන්න පුළුවන් කියලා. මොකද ඒක ටිකක් වියදම වැඩි වැඩක් වගේම ක්‍රීඩකයින්ටත් ටිකක් අමාරු වෙන්න පුළුවන්.” යැයි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ස්ටීව් රූඩ්ස් ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයට පසුව අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස්  දැක්වූ ඔහු මෙසේ පවසා සිටියේය.

“ක්‍රීඩකයින්, තරග සංවිධායකයින් විතරක් නෙවෙයි ප්‍රේක්ෂකයින් පවා මේ ගැන ගොඩාක් පීඩාවට පත්වෙලා ඉන්නේ. මම හිතෙන්නේ යම් තරගයක කාසියේ වාසියවත් දාන්න බැරි වුනොත් ඒ ටිකට් වල සම්පූර්ණ මුදලම ICC එකෙන් ඒ ප්‍රේක්ෂකයින්ට නැවතත් ලබාදෙනවා.”  

මොහොමඩ් ශේශාඩ්ගෙන් බරපතළ චෝදනාවක්

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින…….

“මේ තරගාවලියේ ආකෘතිය ටිකක් වෙනස්. ඒක නිසා මේ හැම තරගයකටම අතිරේක දිනයක් ලබාදෙන එක එතරම් ප්‍රයෝගික නැහැ. ඒ අතිරේක දිනයටත් වැස්සොත් තවත් ප්‍රශ්නයක්. එහෙම කළොත් අපිට එක තරගයක්වත් හරියට සංවිධානය කරගන්න බැරි වෙයි.” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඩේවිඩ් රිචර්ඩ්සන් පැවසීය.

“අනෙක් කාරණාව තමයි අපිට මේ දැන් සකසලා තියෙන තරග කාලසටහනට අනුව ඇරෙන්න අතිරේක දින වල තියෙන තරග රූපවාහිනියේ පෙන්වන්න ගියොත් ඒකත් ලොකු ගැටළුවක් වෙනවා. මොකද රට පුරාම තරග පැවැත්වෙන නිසා ඒ විකාශන කටයුතු කරන ආයතන වලට වගේම නිලධාරින්ටත් මිනිස්සුන්ට තරගය පෙන්නන්න ඕන පහසුකම් සලසා දෙන්න ගියාමත් යම් යම් ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. මම හිතන්නේ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් අතිරේක දින දාන්න ගියොත් අපි ඔක්කොම අමාරුවේ වැටෙනවා කියලයි.” යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රිචර්ඩ්සන් මහතා පැවසීය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දැනට පවත්වා ඇති තරග 16න් ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග 2ක් හා දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් වල එක් තරගය බැගින් අත්හැර දැමීමට තරග සංවිධයාකයින් හට සිදුව ඇත. ඒ නිසාවෙන් ඒ සෑම කණ්ඩායමකටම එක් ප්‍රසාද ලකුණ (අහිමි වූ තරගයකට) බැගින් හිමිවිය.

මේ සතියේ දී පැවැත්වෙන තරග අතරින් හෙට (13) ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී පැවැත්වීමට නියමිත ඉන්දු – නවසීලන්ත ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමට හැකි බව එරට කාලගුණික දෙපාර්තුමේන්තුව විසින් අනාවැකි පළකොට තිබේ.

අද තරගයටත් වර්ෂාව හරස්වෙන ලකුණු

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය…..

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<