ලෝක කුසලාන තරගාවලියේ ආරක්ෂාව ප්‍රමුඛතාවයක් – ICC

290

පසුගිය දා නවසීලන්ත දේවස්ථානයක දී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ පුවතක් බවට පත්වූයේ අදාළ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් ද ඒ දේවස්ථානයට පැමිණෙමින් සිටි බැවිනි. පසුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂාව ගැන යම් කතාබහක් ඇතිවිය.

ඒ පිළිබඳව ICC ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් රිචඩ්සන් මහතා සිය අදහස් දක්වා තිබුණේ espncricinfo වෙබ් අඩවියටයි.

ආරක්ෂාව ප්‍රමුඛ කරුණක් ලෙස සැලකීම සෑම විටම අපෙන් සිදුව තිබෙනවා. ක්‍රීඩකයන්ට පමණක් නොවෙයි, පැමිණෙන මාධ්‍ය ආයතනවලට, රසිකයන්ට, ප්‍රේක්ෂකයන්ට සහ එතනට පැමිණෙන සෑම දෙනාටම.” ඔහු එසේ කීවේය.

වචනවලින් වෙඩි තබා ඕස්ට්‍රේලියාව කෙලින් කළ මයිකල් චේකාගේ මෙහෙයුම

මනසින් වැටුණු රග්බි කණ්ඩායමක් කෙලින් කරවීමට ඔබට මිනිත්තු 10කින්……

කෙළින්ම ක්‍රිකට් කණ්ඩායමක් ඉලක්ක කොට සිදු වූ 2009 ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය වැනි ප්‍රහාරයක් එතනින් පසුව මෙතෙක් ක්‍රිකට් කණ්ඩායමකට එල්ල වී නැතත්, ලොව පවතින අනේකවිධ බෙදීම් හේතුකොට ගෙන අවිශ්වාසය ගොඩනැගීම සිදුව තිබේ.

නවසීලන්තයේ සිද්ධියත් සමඟ ගොඩක් දෙනා පුදුමයෙන් මෙන් කියා සිටියා ලෝක කුසලානය වැනි තරගාවලියක දී ආරක්ෂාව ගැන උදාසීනව තැකිය නොහැකි බව.” රිචඩ්සන් මහතා වැඩිදුරටත් කීවේය.

නවසීලන්ත ප්‍රහාරය එල්ල වූයේ ඕස්ට්‍රේලියානු වෙඩික්කරුවෙකු විසින් නිරායුධ භක්තිකයන් පිරිසක් ඉලක්ක කොටගෙන ය. මේ වන විට ඉන් මියගිය ප්‍රමාණය 50 දක්වා ඉහළ ගොස් ඇත. බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඒ මොහොතේ නවසීලන්ත සංචාරයකට සහභාගී වී සිටි අතර ඔවුන් ද අදාළ වෙඩිතැබීම සිදු වූ දේවස්ථානයට පැමිණෙමින් සිටිය ද, අනතුරට පත්නොවී ආරක්ෂිත විය. මැයි 30 වැනිදා එංගලන්තයේ දී ඇරඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂාව ගැන නැවතත් ප්‍රේක්ෂක උනන්දුව ගොඩනැගුනේ එයත් සමඟ ය.

එක්සත් රාජධානියේ ආරක්ෂක ඒජන්සි සමඟින් එක්වී ආරක්ෂක අධ්‍යක්ෂවරයා මෙතෙක් සිදුකොට ඇති කාර්යභාරය ගැන මා දන්නවා. ඔවුන් ගලක් වත් අත් නොහැර සෑම දෙයක්ම හාරා අවුස්සා තිබෙනවා. තර්ජන වැඩිවුනොත් අප අපේ සැලසුම් වෙනස් කිරීමටත් සූදානම්.” රිචඩ්සන් මහතා කීවේය.

මෙතෙක් ත්‍රස්ත ප්‍රහාර තර්ජන හේතුවෙන් ක්‍රිකට් තරගාවලි අත්හැර දැමීමේ අවස්ථා කිහිපයක් වාර්තා වී ඇති අතර 2009 ලාහෝර් සිද්ධියට අමතරව 1987 කොළඹට එල්ල වූ ප්‍රහාරයක් නිසා නවසීලන්ත කණ්ඩායම විසින් ඒ වසරේ ශ්‍රී ලංකා සංචාරය අත්හැර දැමුණු අතර 1996 ලෝක කුසලාන තරගාවලියේ දී ද ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම් ශ්‍රී ලංකාවේ පැවති තරග වර්ජනය කළේය.

ඉරාන කාන්තාවන්ට තහනම් “පුරුෂයන්ගේ පිටිය”

රසවිඳීම, ලොව ඕනෑම කෙනෙකුගේ අයිතියකි. එයට ස්ත්‍රී පුරුෂභාවයක් නැත…….

2002 දී කරච්චි නගරයට එල්ල වූ ප්‍රහාරයක් නිසා නවසීලන්ත කණ්ඩායම එම වසරේ පාකිස්තාන සංචාරය අවලංගු කළ අතර මේ වන විටත් පාකිස්තානයේ ටෙස්ට් තරග පැවැත්වෙන්නේ නැති තරම් ය. ත්‍රස්ත තර්ජන නිසා පාකිස්තාන සංචාර සියල්ල එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත හරවා යැවේ.

කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනික කරුණු වල බලපෑම් කෙතරම් ඇතිවුනත් 1975 වසරේ සිට ලෝක කුසලාන නොනවත්වා ක්‍රියාත්මක වේ. මෙවර ලෝක කුසාලානයට ද කිසිදු බලපෑමක් ඇති නොවී ආරක්ෂාව තර වනු දැකීම අපගේ ද ප්‍රාර්ථනාවයි.

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<