ICC ශූරයන්ගේ කුසලානය, පළමු “ස්මාට් ක්‍රිකට් තරගාවලිය”යි

2354
smart cricket

ICC ශූරයන්ගේ කුසලානයට සහභාගී වන සියලුම කණ්ඩායම්වල ක්‍රීඩකයන් ආවරණය වන සේ නව්‍ය තාක්ෂණය යොදා ගැනීමට තරගාවලි සංවිධායකයන් තීරණය කොට ඇත. ඒ අනුව එළඹෙන ICC ශූරයන්ගේ කුසලානය “ලොව පළමු ජාත්‍යන්තර ස්මාට් ක්‍රිකට් තරගාවලිය” වෙයි.

කුමාර් සංගක්කාර, පළමු පෙළින් සමුගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන්ම සඳහන් කළ හැකි කුමාර් සංගක්කාර…

තරගාවලිය සඳහා ඩ්‍රෝන් කැමරා සහ ස්පයිඩර් කැමරා තාක්ෂණය ප්‍රමුඛ වශයෙන් යොදා ගැනීම පිළිබඳ අවධානය යොමු වී ඇති අතරම දත්තයන් සහ සන්නිවේදන කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින්, එකිනෙකට වෙනස් ස්ථානවල පැවැත්වෙන තරගාවලිය මනාව සංවිධානය කිරීම නිසා “ස්මාට් ක්‍රිකට් තරගාවලියක්” ලෙස මෙය නම් කෙරේ.

“අපි එකට වාඩිවෙලා තරගාවලිය සංවිධානය කිරීමේදීයි මේ ගැන හිතුවේ. ස්මාට්කියන්නේ හැමදේකටම තාක්ෂණික විසඳුමක් සහිත නිසයි.” තරගාවලි අධ්‍යක්ෂ ස්ටීව් එල්වර්දි ජාත්‍යන්තර මාධ්‍ය වෙත එසේ පවසා තිබිණි.

“කලින් තරගාවලිවල දී අපට වඩා හොඳින් කළ හැකිව තිබූ දේවල් ගැන අපට හොඳ අත්දැකීමක් තියෙනවා. අපි දත්ත බෙදා ගන්න විදිය සහ සන්නිවේදනය කරන විදිහ ගැනත්, කොටස්කරුවන් හා සම්බන්ධ වීම ගැනත්” ඔහු වැඩිදුරටත් අදහස් දක්වා තිබිණි.

“ක්‍රීඩකයන් වුණත්, තරග විනිසුරුවන් වුණත්, ප්‍රේක්ෂකයන් වුණත් ලබන අත්දැකීම වඩාත් ප්‍රශස්ත කරමින් තරගවලට ප්‍රේක්ෂකයන්ගේ සම්බන්ධ වීම වැඩි කර ගන්නයි අපේ අරමුණ.” එල්වර්දිගේ අරමුණ අනුව තාක්ෂණය ප්‍රශස්ත අයුරින් යොදා ගන්නා දියුණු මට්ටමේ තරග අත්දැකීමක් සියලු දෙනා වෙත ලැබේ යැයි, “ICC ශූරයන්ගේ කුසලාන නිල ඩිජිටල් පට සහකරු ලෙස ThePapare.com” අපගේ ද බලාපොරොත්තුවයි.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට