මාස 9කට පසු ICCයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්

1122
Picture Courtesy - ICC

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පුරා දින හයක් පුරා පැවැත්වූ විශේෂ රැස්වීමක් ඊයේ (02) ඩුබායි හිදී අවසන් විය. එහි දී විශේෂ සහ ප්‍රමුඛ තීරණ කිහිපයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සල බලධාරීන් ගෙන තිබේ.

එහි දී ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳව වන අතර එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබදව මෙහි දී බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුව තිබේ.

ජාදේව්- දෝනි ඕස්ට්‍රේලියාවෙන් පළිය ගනී

කේඩර් ජාදේව්ගේ සහ මහේන්ද්‍ර සිං දෝනිගේ නොබිදුණු විශිෂ්ට සබඳතාවය හේතුවෙන් සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක්…

මෙහි දී අදහස් දැක්වූ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් රිචඩ්සන් මහතා සඳහන් කළේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ සහ ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දෙන එංගලන්ත ක්‍රිකට් ආයතනයත් සමඟ එක්ව ලෝක කුසලානයට ක්‍රීඩා කරන රටවල් වල ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ස්ථාපනය කරන බවයි.

මේ අතර එළඹෙන ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ පිරිමි තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා කාන්තා තරගාවලිය ස්කොට්ලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට මෙහි දී තීරණය කොට තිබේ.

ඒ අනුව ලෝක කුසලාන කාන්තා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ කාන්තා අංශයේ තරගාවලිය එළඹෙන අගෝස්තු 31 වැනිදා ඇරඹෙන අතර එය අවසන් වන්නේ සැප්තැම්බර් 7 වැනිදායි.

සුදුසුකම් ලබා ගැනීමේ පිරිමි අංශයේ තරග ඔක්තොම්බර් මස 11 වැනිදා සිට නොවැම්බර් මස 3 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ අතර ලෝකයේ කාන්තාවන් අතර ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට සහ ව්‍යාප්ත කිරීමට ද මෙම රැස්වීමේ දී විශේෂ තීන්දු තීරණ කිහිපයක් අරගෙන තිබේ. ඒ අනුව විවිධ වයස් කාණ්ඩ යටතේ කාන්තා ලෝක කුසලාන තරගාවලි කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. අනුග්‍රාහක ක්‍රියාවලිය තුල එම තරගාවලිය ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය කටයුතු ද මෙම රැස්වීමේ දී අදාළ කටයුතු සූදානම් කර තිබේ.

මැක්ස්වෙල්ගේ ගිණිකෙළි මැද ඉන්දියාව මව් බිමේ දී ම දණ නමයි!

පසුගිය මාස කිහිපය පුරාවට මුනිවත රැකි ග්ලේන් මැක්ස්වෙල්ගේ පිත්ත කතා කිරීමට පටන් ගත්තේ මීට දින කිහිපයකට පෙර ඕස්ට්‍රේලියානු පිළේ ඉන්දීය තරග සංචාරය ආරම්භ…

නව සංයුතියකින් යුත් කාන්තා කමිටුවක් පත් කිරීමට ද මෙම රැස්වීමේ දී එකගතාවය පලව තිබේ. එමෙන්ම කාන්තා ක්‍රිකට් තරග කෙරෙහි කාන්තා ප්‍රේක්ෂකයින්ගේ අවධානය ද වැඩි කර ගැනීමට මෙහි දී බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්බ්ලි මෙහි දී ඉදිරි වසර තුනක කාලය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුවේ සභාපති ලෙස තෝරාපත්කර ගැනීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද මෙම විශේෂ හමුවේ දී සාකච්ඡාවට ලක්කර තිබෙන අතර මෙතෙක් නිරීක්ෂණ මට්ටමින් පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යළිත් වරක් පූර්ණ බලතල ලබා දීමට මෙහි දී එකඟතාව පලව තිබේ. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් නිලවරණය පවත්වා අවසන් වීම හේතුවෙනි. ඒ අනුව ඉදිරියේ දී බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙතින් මූල්‍යාධාර හිමි වනු ඇත. මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ද එක්ව සිටියේය.

ශ‍්‍රී ලංකාවට මෙලෙස යලිත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ  පූර්ණ සාමාජිකත්ව බලතල හිමි වූයේ මාස 9ක පමණ කාලයකින් පසුවයි. නිසි වේලාවට නිලවරණය පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවට මෙතෙක් හිමිව තිබුණේ අන්තර්ජාතික  ක්‍රිකට් කවුන්සලය තුළ නිරීක්ෂණ මට්ටම පමණයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<