“ICC ලොක්කන් තිදෙනාගේ ආධිපත්‍ය” නිමයි

4697
CC big three

ලෝක ක්‍රිකට් අධිකාරිත්වය දරන අන්තර්ජාතික ක්‍රිකට් (ICC) කවුන්සිලයේ සාමාජිකයින් විසින්, මෙතෙක් ක්‍රියාත්මක වූ මහා ක්‍රිකට් රාජ්‍යයන් තුනට (Big three) පැවති විශේෂ වරප්‍රසාද සංශෝධනය කරන්නැයි පවසමින් කවුන්සිලය වෙත යොමු කෙරුණු ප්‍රතිපත්ති මාලාව ඊයේ (27) වැඩි ඡන්දයෙන් සම්මත විය. මෙසේ ICC ආදායමෙන් අති විශාල කොටසක් පරිහරණය කරමින් වැඩි වරප්‍රසාද ලද “මහා ක්‍රිකට් රාජ්‍යයන් 3” වන්නේ ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවයි.

ගාල්ල අවසන් සටනට ගෙන ගිය සදීරගේ ශතකය

21 හැවිරිදි යොවුන් පිතිකරු සදීර සමරවික්‍රම වාර්තා කළ විශිෂ්ට ශතකය හේතුවෙන් සුපිරි පළාත් සීමිත පන්දුවාර..

ඩුබායි හි පිහිටුවා ඇති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන ශාඛාව තුළ දී පසුගිය දා (27) පැවති ඡන්දයක දී මෙසේ සිදු විය. එබැවින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන අනෙකුත් රාජ්‍යයන් වලට ද සාධාරණ මුදල් ප්‍රමාණයක් බෙදාහැර ඒ සියලු පාර්ශව වලට බලය විමධ්‍යගත කිරීම අරමුණු වේ.

2014 වසරේ දී හඳුන්වා දුන් “මහා ක්‍රිකට් රාජ්‍යයන්” පිළිබඳ නීතිය මඟින් ඉන්දියානු, එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩල වලට ICC ආදායමෙන් වැඩි ප්‍රමාණයක් සහ වැඩි බලයක් හිමි වූ අතර එය සංශෝධනය කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කෙරුණේ 2017 පෙබරවාරි මාසයේ දී යි. ඊට එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සහය පල කළ අතර ඉන්දියාව පමණක් විරුද්ධ විය. මේ සංශෝධනය ප්‍රකාරව එළඹෙන වසර 8 තුළ දී ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇ.ඩො.මිලියන 277ක මුදලක් අහිමි වන බව වාර්තා වේ.

“මෙහි මූලික වාර්තාව 13-1ක වැඩි ඡන්දයෙන් සම්මත වුන අතර සංශෝධිත වාර්තාව 12-2ක වැඩි ඡන්දයෙන් සම්මත විය.” ICC නිවේදනයේ එසේ සඳහන් විය.

දැනට ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ක්‍රියාත්මක නොවන පකිස්තානය තුළ නැවතත් ජාත්‍යන්තර තරග පැවැත්වීමටද ICC අවධානය යොමු වී තිබේ. කෙසේ වෙතත් සංශෝධනය දෙවන වර කියවීමේ දී තනි වූ ඉන්දියාව වෙනුවෙන් සහාය පල කළේ පසුගිය වසරට පෙරාතුව ඔවුන්ගේම අඩම්තේට්ටම් වලට ලක්වූ ශ්‍රී ලංකාව වීම ද කැපීපෙනිණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට