ඉතිහාසයේ වැඩිම මාධ්‍ය ආවරණය ක්‍රිකට් ලෝක කුසලානයට

274
Getty Images

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ විකාශන කටයුතු පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති අතර මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලොව පුරා විසිරී සිටින ක්‍රිකට් ලෝලීන්ට අතිශය පුළුල් මාධ්‍ය ආවරණයක් ඔස්සේ සමීප කිරීමට නියමිතය.

ලෝක කුසලානයේ විස්තර කථනයට ශ්‍රී ලංකාවෙන් සුපිරි වැඩ්ඩෙක්

එළඹෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විස්තර කථනයට එක්වන විස්තර විචාරකයින් 24……

රූපවාහිනි, ගුවන් විදුලි වැනි ඩිජිටල් මාධ්‍ය ඔස්සේ මෙන්ම සිනමා ශාලා, ප්‍රවෘත්ති සහ එළිමහන් තිර ඔස්සේ අවසරලත් මාධ්‍ය විකාශකයන් මඟින් ලොව පුරා බෙදාහැරෙනු ඇත.

එහිදී වර්තමානයේ පවතින ඉහළම තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ සජීව විකාශයන් සහ කෙටි වීඩියෝ පට ඔස්සේ ලෝක කුසලාන අත්දැකීම ලොව පුරා විසිරී සිටින මාධ්‍ය විකාශකයන් මඟින් රටවල් 200 ක පමණ විකාශය කිරීමට නියමිතය. “Star Sports නාලිකාව” මඟින් භාෂා 7කින් ලෝක කුසලාන අත්දැකීම තම ප්‍රේක්ෂකයන්ට බෙදා හරිනු ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ගෝලීය විකාශන අයිතිය උසුලන Star Sports නාලිකාව විසින් මෙම විකාශයන්හී මූලිකත්වය දරයි. ඔවුන් ලොව පුරා රටවල් 200ක සජීවීව සිදුකෙරෙන විකාශන කටයුතු වල මුල්තැන ගනු ඇත.

මෙම තරගාවලිය ඉන්දියාවේ පමණක් ප්‍රාන්ත භාෂා 7කින් විකාශය කිරීමට නියමිතය. ඒ සඳහා හින්දි, දමිල, තෙලිඟු, කන්නඩා, බංග්ලා සහ මරාති භාෂා ඇතුළත් වන අතර තෝරාගත් තරග 12ක් පමණක් මලයාලම් භාෂාවෙන් Asianet Plus නාලිකාව ඔස්සේ විකාශය කෙරේ. මේ සඳහා විස්තර විචාරකයින් 50 දෙනෙකු පමණ සහභාගී වීමද විශේෂත්වයකි. තවද Star Sports නාලිකාව විසින් ICC TV නාලිකාව මඟින් නිෂ්පාදිත සියලු තරග ඉංග්‍රීසි බසින් විකාශය කෙරේ.  

2019 ලෝක කුසලාන තරගාවලිය Star Sports නාලිකාව විසින් ඉන්දියාවේ සහ ඉන්දීය උප මහාද්වීපයට අයත් රටවල් වලද, Sky Sports නාලිකාව විසින් එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ ද, SuperSport නාලිකාව විසින් දකුණු අප්‍රිකාවේ සහ අනෙකුත් අප්‍රිකානු රටවල් වලද, OSN නාලිකාව විසින් මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල් වලද, Fox Sports Australia සහ Channel 9 මඟින් ඕස්ට්‍රේලියාවේද,  Willow TV මඟින් ඇමරිකා එක්සත් ජනපදයේද, Sky TV සහ Prime නාලිකා මඟින් නවසීලන්තයේද, Ten Sports සහ PTV මඟින් පාකිස්තානයේද, ESPN නාලිකාව විසින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලද, Gazi TV, Maasranga සහ BTV නාලිකා මඟින් බංග්ලාදේශයේද, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මඟින් ශ්‍රී ලංකාවේද, Fox Network Group මඟින් චීනයේ සහ පෙරදිග ආසියානු රටවල් වලද, Digicel මඟින් ආසියා පැසිෆික් රටවල් වලද, Radio Television Afghanistan මඟින් ඇෆ්ගනිස්තානයේද, Yupp TV නාලිකාව මඟින් යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේද විකාශනයන් සිදුකරනු ලබයි.

දිමුත්, අවිශ්ක, කුසල් ශ්‍රී ලංකාව ශක්තිමත් කරයි

එඩින්බර්ග් ග්‍රෑන්ග් ක්‍රිකට් ක්‍රීඩා සමාජ පිටියේ දී අද (21) පැවැත්වෙන ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර….

Sky Sports නාලිකාව මඟින් සියලුම තරග Sky Sports Cricket වෙතින් විකාශය කිරීමට නියමිත අතර ඒ සඳහා ඔවුන් තම නාලිකාව “Cricket World Cup” යන නමින් නම් කිරීමටද නියමිතය. ඒ අනුව මැයි 30 වනදා සිට මෙලෙස විකාශන කටයුතු ආරම්භ කරනු ඇත. සෑම තරගයකින්ම පැය 3කට පසු තරගයේ විශේෂ අවස්ථාවන් Channel 4 ඔස්සේද විකාශය කිරීමට Sky Sports නාලිකාව පියවර ගෙන ඇත.

ලොව ප්‍රථම වතාවට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ලෝලීන් සඳහා ලෝක කුසලානය විකාශය කිරීමට Radio Television Afghanisthan නාලිකාව කටයුතු කර ඇත. ඇෆ්ගනිස්තානය මෙවර ලෝක කුසලානයට පළමු වරට සහභාගී වේ. මෙම විකාශය ඇෆ්ගනිස්තානයේ 60% පමණ ප්‍රමාණයක් ආවරණය කරන අතර මිලියන 20ක ජනතාවකට ලෝක කුසලාන තරගාවලිය සජීවීව නැරඹීමට එමඟින් අවස්ථාව හිමිවේ.

කැනඩාවේ Willow TV මඟින් ලෝක කුසලානය සඳහාම නාලිකාවක් ආරම්භ කර ඇති අතර එමඟින් මිලියන 4ක ජනතාවකට ලෝක කුසලාන තරගාවලියේ  සජීව අත්දැකීම් බෙදාහැරෙනු ඇත. සියලු කේබල් රූපවාහිනි සහ චන්ද්‍රිකා රූපවාහිනි මඟින් මෙලෙස විකාශන කටයුතු සිදුකරයි.

මේ අතර චීනයේ විකාශනය වන Fox Sports නාලිකාව මඟින් තරග 25ක් සජීවීව විකාශය කරන අතර තරග 9ක් ප්‍රමාදවී විකාශය කිරීමට නියමිතය. Fox Sports නාලිකාව විකාශය වන සෙසු දකුණු ආසියානු රටවල් වල (බෲනෙයි, කාම්බෝජය, නැගෙනහිර ටිමෝරය, ඉන්දුනීසියාව, මැකාවු, මොංගෝලියාව, මියන්මාරය, පැපුවා නිව්ගිනියාව, පිලිපීනය, දකුණු කොරියාව, තායිලන්තය සහ වියට්නාමය) තරගාවලියේ විශේෂ අවස්ථාවන් සෑම දිනකම විකාශය කරනු ඇත. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැදගත් අවස්ථාවන් නැවත විකාශයක් ද දිනපතා විකාශය කිරීමට නියමිත වන්නේ එරට වේලාවෙන් රාත්‍රී 10 ටය.

දකුණු ඇමරිකා රටවල් වලට ESPN විසින් යෙදවුම් 3 ක් මඟින් සජීවීව ලෝක කුසලානය නැරඹීමට අවස්ථාව හිමිවී ඇත. ESPN South, ESPN North සහ ESPN Brazil යන මෘදුකාංග App Store ඔස්සේ බාගත කිරීමෙන් එලෙස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹිය හැක.

එංගලන්ත ලෝක කුසලාන අවසන් සංචිතයේ ප්‍රබල වෙනස්කම් කිහිපයක්

වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්, දඟපන්දු යවන ක්‍රීඩක ලියම් ඩෝසන් හා පිතිකරුවෙකු වන ජේම්ස්….

ඕස්ට්‍රේලියානු නාලිකාවක් වන 9GEM මඟින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ක්‍රීඩා කරන තරග සියල්ල සමඟින් තරග 21ක් විකාශය කිරීමට නියමිත අතර එයට අවසන් පූර්ව වටය සහ අවසන් තරගයද ඇතුළත් වේ. Fox Sports Australia නාලිකාව මඟින් පුහුණු තරගද ඇතුළත්ව සියලු තරග විකාශය කිරීමට නියමිතය.

Fox Sports Australia නාලිකාවට අමතරව Star Sports නාලිකාව විසින් ඉන්දියාවේ සහ ඉන්දීය උප මහාද්වීපයට අයත් රටවල් වලද, Sky Sports නාලිකාව විසින් එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේද, SuperSport නාලිකාව විසින් දකුණු අප්‍රිකාවේ සහ අනෙකුත් අප්‍රිකානු රටවල් වලද, Sky TV  නාලිකාව විසින් නවසීලන්තයේද, Ten Sports නාලිකාව විසින් පාකිස්තානයේද සියලු පුහුණු තරග සජීවීව විකාශය කිරීමට නියමිතය. එම පුහුණු තරග මැයි මස 24 වනදා ආරම්භ වේ.

මිලියන 300ක පමණ ක්‍රීඩා ලෝලීන් පිරිසක් සිටින ඉන්දියාවේ සහ එම උප මහාද්වීපයට අයත් රටවල් වලට විකාශන කටයුතු සිදුකරන්නේ Star Sports නාලිකාව මඟිනි. වාර්තා පිහිටුවීමට සමත් Star Sports’ Hotstar platform මඟින් සජීව ඩිජිටල් විකාශයක් අත්විඳීමට එම ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදාවේ.

තරගාවලිය පුරාවටම සෑම තරගයක් පාසාම එහි විශේෂ අවස්ථා (Highlights) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් නිල වශයෙන් නිකුත් කරන අතර එමඟින් ලොව පුරා විසිරී සිටින ක්‍රීඩා ලෝලීන්ට නැරඹීමේ අවස්ථාව හිමිවේ.

ලෝකයේ රටවල් 200ක් නියෝජනය කරමින් ඩිජිටල් මාධ්‍ය ආයතන 12ක් පමණ සජීව ක්‍රිකට් අත්දැකීම තරග විකාශයන්, මාධ්‍ය සාකච්ඡා, පූර්ව තරග දර්ශන, තරගාවලියේ විශේෂ අවස්ථා සමඟින් ක්‍රීඩා ලෝලීන් වෙත ස්මාර්ට් ජංගම දුරකතන යෙදවුම් මඟින් සමීප කිරීමටද නියමිතය. ඒ සඳහා මෘදුකාංග යෙදවුම්, වෙබ් අඩවි සහ ජංගම දුරකතන ඉලක්ක කරගත් අනෙකුත් ඩිජිටල් ක්‍රමෝපායන් සූදානම්ව ඇත.  

එම ඩිජිටල් මාධ්‍ය විකාශයන් සිදුකිරීම සඳහා බලපත්‍ර සහිත වෙබ් අඩවි සහ මෘදුකාංග යෙදවුම් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර ඇත. ඒ අනුව BBC (එක්සත් ‍රාජධානිය සහ අයර්ලන්තය), ESPNcricinfo (එක්සත් රාජධානිය, අයර්ලන්තය, ආසියාව සහ ඕස්ට්‍රේලියාව), Hotstar (ඉන්දියාව), Cricbuzz (ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව), cricingif (පාකිස්තානය), ThePapare.com powered by Dialog (ශ්‍රී ලංකාව), SKY (නවසීලන්තය), Bongo (බංග්ලාදේශය සහ ගිනිකොණ ආසියාව), Cricket Gateway (ගිනිකොණ ආසියාව සහ ඕස්ට්‍රේලියාව), OSN (මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව), Bolt (ගිනිකොණ ආසියාව), Channel 2 (අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, එක්සත් රාජධානිය, අයර්ලන්තය, යුරෝපය, ගිනිකොණ ආසියාව සහ ඕස්ට්‍රේලියාව) යන වෙබ් අඩවි හා මෘදුකාංග යෙදවුම් වෙත නිල විකාශන අයිතිය ලැබී ඇත.

ලෝක කුසලානයෙන් පසු ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන පුහුුණුකරු ඉවත් වෙයිද?

ඇෆ්ගනි ස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණූකරු ලෙස කටයුතු කරන ෆිල් සිමන්ස්….

Channel 2 නාලිකාව සහ ඉන්දීය ක්‍රීඩා නාලිකාවන් එක්ව සිදුකරන විකාශනයන් මඟින් පන්දුවෙන් පන්දුව ඉංග්‍රීසි විස්තර විචාරයන් සමඟින් ශ්‍රව්‍ය ආවරණයක් සජීවීව ලබාදෙනු ඇත.

ලොව පුරා සිටින ගුවන් විදුලි ශ්‍රාවකයන් වෙනුවෙන් විකාශය අයිතිය ලැබී ඇත්තේ පහත සඳහන් ගුවන් විදුලි නාලිකාවන් වලටය. Radio 4, Gold FM, BBC TMS, 5live & Asian Network (එක්සත් ‍රාජධානිය), Macquarie Media, ABC & Croc Media (ඕස්ට්‍රේලියාව), Radio Sport New Zealand (නවසීලන්තය), SABC (දකුණු අප්‍රිකාව), Sitha FM (ශ්‍රී ලංකාව), Hum FM (පාකිස්තානය), Bangladesh Betar (බංග්ලාදේශය).

මෙවර ලෝක කුසලාන තරගාවලියේ නිල ප්‍රවෘත්ති විකාශය සඳහා Perform සහ SNTV ප්‍රවෘත්ති නාලිකා වලට අවසර ලැබී ඇත. ඔවුන් තරගාවලියේ සියලු තරග ආවරණය කරන අතර Reuters සහ AFP නාලිකාවන් විසින් තෝරාගත් තරග කිහිපයක් පමණක් ආවරණය කරනු ඇත. ඒ සඳහා අවසන් පූර්ව වටය සහ අවසන් තරගය ඇතුළත් වේ. මෙම නාලිකාවන් විසින් තත්පර 90ක ප්‍රවෘත්ති වීඩියෝවක් විකාශය කරනු ඇත. එම ප්‍රවෘත්තීන් ක්‍රිකට් ක්‍රීඩාව එතරම් ප්‍රචලිත නොවන තුර්කිය, කුවේට්, අයිස්ලන්තය වැනි රටවල් වලටද විකාශය වේ.

ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් සිනමා ශාලා වල ක්‍රිකට් තරග විකාශය කිරීමට තීරණය කර ඇත. ඉන්දියාවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ බහරේනයේ මෙලෙස තරග විකාශය කරනු ඇත. ඒ අනුව ඉන්දියාවේ INOX, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ බහරේනයේ Novo සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Reel යන සිනමා ශාලා වල මෙලෙස තෝරාගත් තරග කීපයක් විකාශය කෙරේ. වැඩි විස්තර එම සිනමා ශාලා වල වෙබ් අඩවි වලින් ලබාගත හැක.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය Global Eagle Entertainment (GEE) ආයතනය සමඟ පැවති එකඟතාවය තවමත් පවත්වාගෙන සිටින අතර එමඟින් ප්‍රධාන පෙළේ නෞකා වල විකාශය වන OceanPrime නාලිකාව ඔස්සේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සජීවීව විකාශය කිරීමට නියමිතය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විකාශන සහ ඩිජිටල් මාධ්‍ය ප්‍රධානි ආර්ටි ඩබාස් මහතා මෙවර ලෝක කුසලාන විකාශන කටයුතු පිළිබඳව මෙලෙස තම අදහස් පැවසීය

“මාධ්‍ය ආවරණයේ විශේෂතා සමඟින් මෙවර ලෝක කුසලාන තරගාවලිය ඉතිහාසයේ වැඩිම මාධ්‍ය ආවරණයක් සහිත තරගාවලිය බවට පත්ව තිබෙනවා. හැම මහාද්වීපයකම සිටින හැම ජන කොටසක්ම ආවරණය වෙන විදිහට අපි මෙවර ලෝක කුසලානය විකාශය කරනවා. මේ විදිහට ක්‍රම කීපයකින් විශාල ආවරණයක් ලබාදීම මඟින් ක්‍රිකට් වෙත යොමුවන ප්‍රවනතාවය වැඩිවෙයි කියලා අපිට විශ්වාසයි. තරගාවලිය සමඟ එක්වීම මඟින් ක්‍රිකට් වලට අවශ්‍ය ජනප්‍රියතාවය වසරින් වසර වැඩිවේවි. කෙටියෙන් කියනවා නම් අපි ලෝකය එක්ක සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ කරනවා. දැනට සිටින ක්‍රීඩා ලෝලීන් අතර වගේම නව පරම්පරාව අතරත් ක්‍රීඩාව වඩා හොඳින් ජනප්‍රිය කිරීම අපේ අරමුණයි.”

වසර 4කට වරක් උදාවන ලෝක ක්‍රිකට් වසන්තය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 10ක කාලයක් පමණි. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග වාර්තා සහ අනෙකුත් සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com මෙවර ලෝක කුසලානයේ නිල වෙබ් අඩවියක් ලෙස සියලු කටයුතු සූදානම් කර ඇත. තරග 48කින් සමන්විත වන මෙවර ලෝක කුසලානයේ උණුසුම් පුවත් සියල්ල එසැණින් දැනගැනීමට අප සමඟ රැදී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<