ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ අනෙක් කණ්ඩායම්වලට විශාල ආදර්ශයක්

22453
©Times Hindustan Times

ඉයන් චැපල් යනු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායකයෙකි. ඔහු මේ වන විට විස්තර විචාරකයෙකු ලෙස ඉමහත් කීර්තියක් අත්කරගෙන තිබේ. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලියැවෙන ඔහුගේ තීරු ලිපි ක්‍රීඩාලෝලීන් අතර ඉතාම ජනප්‍රිය ය. 

මධ්‍යස්ථ මතධාරියකු මෙන්ම තමන් අදහන අදහස වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින්නෙකු ලෙස ඉයන් චැපල් ප්‍රසිද්ධිය. ලෙහෙසියෙන් කෙනෙකු ප්‍රශංසාවට ලක් නොකරන අයෙකු ලෙස ප්‍රසිද්ධ අවංකව තම අදහස් ප්‍රකාශ කරන ඉයන් චැපල් පසුගිය දා නිමාව දුටු ශ්‍රී ලංකා – එංගලන්ත තරගය ගැන ඔහුගේ නවතම තීරු ලිපියේ විස්තර කරන්නේ මෙසේය.

ඉන්දියාවේ වේගපන්දු යවන්නන් නැහැ

1970 වසරේ ඉන්දියාවේ බොම්බාය නගරයේ ……..

“මෙවර ලෝක කුසලානයේ ප්‍රහාරාත්මකම මෙන්ම බලගතුම පිතිකරු බලඇණිය ලෙස සැලකෙන එංගලන්තය මෙල්ල කරමින් ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණය තරගාවලියට නැවත ජීවය ලබා දුන්නා කිවහොත් වැරදි නැහැ.

ලෝක කුසලානයේ එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ නැගී සිටීම සිදු වන තෙක් සීමිත පන්දුවාර ක්‍රීඩාවේ කීර්තිමත් ලෝක කුසලානය කණ්ඩායම් හතරක සිව්කොන් සටනක් බවට පෙනෙන්නට තිබුණා. එතෙක් එංගලන්තය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය අතරින් අති දක්ෂයා කවරෙක්දැයි තෝරාගැනීමටයි සිදුව තිබුණේ. නමුත් ශ්‍රී ලංකාව ඉහල ලකුණු සංඛ්‍යාවක් වාර්තා නොවූ ඉතාම තියුණු, උද්වේගකර තරගයක දී ඒ සියල්ල උඩුයටිකුරු කළා.

©ESPNcricinfo

දස්කම් අතර නොමැති බටහිර ඉන්දීය කොදෙව්වන්, පාකිස්තානය, සහ මෑතක දී අසාර්ථකත්වයක් පෙන්නුම් කළ දකුණු අප්‍රිකානුවන් ලෝක කුසලානයේ තරගකාරීත්වය තරමක් දුරට සොරාගනිමින් සිටි මොහොතක ශ්‍රී ලංකාව ඒ සියල්ල වෙනස් කළා.

මා හැමදාම විශ්වාස කළ දෙයක් ටෙස්ට් තරග හෝ එක්දින තරග වේවා කණ්ඩායම් වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කරන තරග ක්‍රීඩාවට යහපතක් ඇති කරන්නේ නැති බව. ක්‍රිකට් ක්‍රීඩාවේ උද්‍යෝගය රඳවා ගැනීමට විශාල වශයෙන් පිතිකරුවන්ගේ පාලනයට නතු වූ තරග පමණක් අවශ්‍ය නැති බව ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ජයග්‍රහණය කළ තරගයෙන් මනාව ඔප්පු වුනා.

සීමිත පන්දුවාර තරග පිත්තත් පන්දුවත් අතර සමබරතාවය රැක ගනිමින් ඉදිරියට ගෙන යා යුතු ආකාරය ගැන බලධාරීන් ඇත්තෙන්ම මීට වඩා අවධානයක් යොමු කළ යුතුයි. තරගයක පන්දුවාර සංඛ්‍යාව හෝ කාලය වැඩි වන අවස්ථාවක කණ්ඩායම් දෙකක ඇති පරස්පරතා මතුවීමට ඇති ඉඩ කඩ වැඩියි. ලෝක කුසලාන තරගාවලිය පුරාවට ඇෆ්ගනිස්තානු කණ්ඩායමෙන් අප දුටුවේ එයයි.

එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව යන ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ බලවත්ම රටවල් තුන ලෝක කුසලාන සටනේ ඉදිරියෙන්ම සිටිනවා. එය පුදුමයට කාරණාවක් නෙවෙයි. ආර්ථික වශයෙන් මෙන්ම යටිතල පහසුකම් අතින් ඉහත කී රටවල් තුනම සෙස්සන්ට වඩා ඉදිරියෙන් ඉන්නේ. අනෙක් අතට නවසීලන්ත කණ්ඩායම හොඳ උදාහරණයක් තමන් සතු සීමිත සම්පත් ප්‍රමාණයෙන් දිගින් දිගටම ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ බලවතෙකු ලෙස ඉන්නේ කෙසේ ද යන කාරණාවට.

ශ්‍රී ලංකාව සතුව ඉතාම උසස් ක්‍රිකට් සංස්කෘතියක් තිබෙන රටක්. අතරින් පතර හෝ ඔවුන් ලෝකයට එය ඔප්පු කර පෙන්වනවා. 

මොහොමඩ් ෂමිගේ කඩුලු ත්‍රිත්වයේ රහස

ඇෆ්ගනිස්තානය ඉදිරියේ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ …….

ඉහත කණ්ඩායම් හතරෙන් සමබරම කණ්ඩායම ලෙස මා සලකන්නේ ඉන්දියානු කණ්ඩායමයි. එංගලන්තය කොතැනක දී හෝ අසාර්ථක වේ යැයි මට සිතෙන්නේ ඔවුන් සත්කාරක කණ්ඩායම නිසා අමතර පීඩනයක් ඔවුන්ට ඇති නිසායි. ඕස්ට්‍රේලියානුවන්ගේ තත්ත්වය මීට වෙනස්. ඔවුන් ඩේවිඩ් වෝනර්, ඒරොන් ෆින්ච් හෝ ස්ටීව් ස්මිත්ගේ පිතිහරඹය මත සහ මිචෙල් ස්ටාක්, පැට් කමින්ස්ගේ පන්දු යැවීම මතයි වැඩිපුර යැපෙන්නේ.  නවසීලන්තය සතුව තරු ඝනයේ ක්‍රීඩකයින් නැහැ. නමුත් ඔවුන් සතුව කේන් විලියම්සන් සහ ට්‍රෙන්ට් බෝල්ට් සිටිනවා. ඊට අමතරව නවසීලන්තය ඉතාම ධෛර්යය සම්පන්න කණ්ඩායමක්.

ඉන්දියානුවන්ට මොහොමඩ් ෂමි එක් කරගන්නට පුළුවන් නම් එය සෑහෙන වටිනවා. නමුත් එමගින් ඔවුන්ගේ පිතිකරණ ලැයිස්තුවේ බර තරමක් දුරට අඩාල වන්නට පුළුවන්. විශාල ලකුණු වාර්තා වන මෙවන් කාලයක එය තරමක අවදානමක් වන්නට පුළුවන්.

එමෙන්ම ආබාධවලට ලක්වූ ක්‍රීඩකයින් වෙනුවෙන් වඩාත් සුදුසුම ආදේශක සිටින්නේත් ඉන්දියානුවන්ටයි. ශිකර් ධවාන් ආබාධයකට ලක්වූ විට අවසන් ක්‍රීඩකයින් එකොළොස් දෙනා අතරට එන්නේ ලොකේෂ් රාහුල්. ඔහුත් ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක්. එමෙන්ම විජේ ශංකර් වැන්නෙක් ඉන්දියානු කණ්ඩායමේ පන්දු බලඇණියට ගෙන එන්නේ විවිධත්වයක්.

මිචෙල් ස්ටාක් හෝ පැට් කමින්ස් දෙදෙනාගෙන් කෙනෙකු ආබාධයකට ලක් වුවහොත් ඕස්ට්‍රේලියානුවන් දැඩි අසීරු තත්ත්වයකට පත් වෙනවා

©The Economic Times

ශ්‍රී ලංකාව එංගලන්තය සමග තරගය විශිෂ්ට ආකාරයෙන් ජය ගත්තත් තවමත් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය යන කණ්ඩායම්වලට අවසන් පූර්ව තරඟවලට යෑමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. 

ඉන්දියානු කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වේවි කියා මා විශ්වාස කරනවා. ඔවුන් ඉදිරියේ ඇත්තේ සාපේක්ෂව තරමක ලෙහෙසි තරග කිහිපයක්. නමුත් ඕස්ට්‍රේලියානුවන්ට සහ ඉංග්‍රීසි ජාතිකයින්ට ඉදිරියේ තිබෙන තරග ලෙහෙසි පහසු ඒවා නොවෙයි.

ලෝක කුසලාන තරගාවලියේ ජීවගුණය සහ තරගකාරීත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව තරගාවලියේ ප්‍රබල කණ්ඩායමකට එරෙහිව ලැබූ ජය අතිශයින්ම වැදගත්. ශ්‍රී ලංකාවේ නැගී සිටීම බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තාන සහ දකුණු අප්‍රිකානුවන්ට තම තරගකාරීත්වය මුවහත් කරගැනීමට උත්තේජනයක් ඇති කරනු ඇති බව මගේ බලාපොරොත්තුවයි.

Cricinfo ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<