ගුවන් හමුදාවට අලුත් අනුග්‍රාහකයෙක්

78

හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පුද්) සමාගම එළඹෙන තරග වාරය වෙනුවෙන් ගුවන් හමුදා රග්බි කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ අත්වැල් බැඳ ගනී.

මැට් ලීගේ කර මතට තවත් ජාතික සංචිතයක්!

ශ්‍රී ලංකා ජාතික සංචිතය, ජාතික සත් සාමාජික සංචිතය හා ශ්‍රී ලංකා නාවික හමුදා සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස…..

ශ්‍රී ලංකාවෙ රග්බි ක්‍රීඩකයින්ගේ දක්ෂතා නංවාලීම සහ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ උන්නතිය උදෙසා “හච්” සමාගම ශ්‍රී ලංකා ගුවන් හමුදාව රග්බි ක්‍රීඩා සමාජයේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස ලබන තරග වාරය වෙනුවෙන් ක්‍රියා කිරීමට තීරණය කර ඇත.

ඔලිම්පික් සිහින පොදිබැඳන් ශ්‍රී ලංකාව කොරියාවට!

2020 ඔලිම්පික් සඳහා වන සුදුස්සන් තේරීමේ තරග වෙනුවෙන් සහභාගි වන ශ්‍රී ලංකා ජාතික සංචිතය නම් කර තිබෙනවා.

පසුගිය තරග වාරයේ දී එතරම් ඉහළ දස්කම් දක්වන්නට ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට නොහැකි වුවත් එළඹෙන තරග වාරයේ දී ඔවුන්ගේ කණ්ඩායමෙන් ඉහළ පෙළේ දස්කම් බලාගැනීමට හැකිවනවා නොඅනුමානයි.

එළඹෙන තරග වාරයේ දස්කම් පෑමට සූදානම් වන ගුවන් හමුදා භටයින් ගැන තවත් තොරතුරු පහතින්.

නව නියමුවෙක් සමඟ ගුවන් හමුදාව ඉගිළෙන්නට සූදානම්!

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ වීම සඳහා තවත් ඇත්තේ සති කිහිපයක් පමණි. පසුගිය වසරේ දී….

කණ්ඩායම් 16කගේ සහභාගීත්වයෙන් එළඹෙන සති කිහිපය තුළ ආරම්භ වීමට නියමිත ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දී පසුගිය වර්ෂයේ ශූරයින් වන මහනුවර ක්‍රීඩා සමාජය මෙවරත් ඉතා හොඳින් දස්කම් දක්වන්නට සූදානමින් සිටින අතර පසුගිය වසරේ දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එතරම් දක්ෂතා දැක්වීමට නොහැකි වුවත්, නව පුහුණුකරුවෙක්, නව කණ්ඩායමක් හා නව මුහුණුවරකින් යුතුව එළඹෙන තරග වාරයට අවතීර්ණ වීමට සූදානමින් සිටියි.

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය එළඹෙන 29 වැනි දින ආරම්භ වීමට නියමිත අතර ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ පළමු තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ දෙසැම්බර් පළමුවැනි දිනයේ දී ය. ඒ මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ය.

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සජීව විකාශය, ඡායාරූප, පුවත් සහ සියලුම තොරතුරු දැනගන්න, රැඳී සිටින්න ThePapare.com සමගින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<