ශ්‍රී ලංකා කණ්ඩායමට නිල ස්මාර්ට්ෆෝන් සහකරුවෙක්

242
SL CRICKET TEAM

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සහයෝගිතාවකට එළඹී ඇත. මෙම නිල ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි සහ කාන්තා යන කණ්ඩායම්  දෙක සඳහාම සැපයෙන අතර එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස තරග සඳහා මෙම සත්කාරකත්වය ක්‍රියාත්මක වෙයි.

අසේලගෙන් චන්දිමාල්ට පොරොන්දුවක්

අසේල ගුණරත්න ඉනිම අවසන් කරන්නෙකු වශයෙන් දක්වන දක්‍ෂතාවය නැවතත් අද (18) අවසන් වූ සිම්බාබ්වේ…

මෙම අනුග්‍රාහකත්වය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා Huawei අනුග්‍රාහකත්වය දැක්වෙන ක්‍රිකට් නිල ඇඳුම Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් සහ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු යන මහත්වරුන් විසින්  ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද  සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත පිරිනැමීම පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී සිදුකෙරුණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්  කණ්ඩායමේ එක්දින තරග නායක උපුල් තරංග, ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්  සහ රංගන හේරත් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ද එක්ව සිටියහ.

මෙම අනුග්‍රාහකත්වය පිරිනැමීම  පිළිබඳව අදහස් දැක්වූ Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් මහතා සඳහන් කළේ  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරු  බවට පත්වීමට හැකිවීම Huawei සමාගම ලද ගෞරවනීය අවස්ථාවක් වන බවයි. මෙම සහයෝගීත්වය සමඟ Huawei හි සන්නාම වටිනාකම දිවයිනේ සෑම ප්‍රදේශකම පාහේ ව්‍යාප්ත කිරීමට අවස්ථාව හිමි වන බවත් සිය සන්නාමයේ තේමාව වන “Make it Possible” යන්න ඒ ඔස්සේ තහවුරු වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සමීප වීමට ලද හොඳම අවස්ථාවක් ලෙස මෙම අනුග්‍රාහකත්වය සලකන  බව ද හෙතෙම මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

Huawei ඉතා කෙටි කලක් තුළ ජනප්‍රියත්වයට පත්වූ සන්නාමයක් වන අතර Huawei හි ජාත්‍යන්තර සන්නාම තානාපතිවරයා වශයෙන් ලෝ ප්‍රකට පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී කටයුතු කළේය.

Huawei ලොව ප්‍රමුඛ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා විවිධ අවස්ථාවල අනුග්‍රහය දක්වා ඇති ජාත්‍යන්තර සමාගමකි. ආසෙනල් පාපන්දු සමාජය, AC Milan, සහ IPL ක්‍රිකට් තරගාවලියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබා දීම ඉන් කිහිපයකි. මීට අමතරව ඇමරිකාවේ ප්‍රථම ක්‍රීඩා සමාජය වන Washington Redskins NFL කණ්ඩායම සමඟ ද Huawei අත්වැල් බැඳගෙන සිටින අතර  වසර 2012 සිට NRL හි Canberra Raider  කණ්ඩායම වෙත ද Huawei සිය දායකත්වය ලබා දී තිබේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට