රග්බි පිටියට වෙනසක් ගේන මොකක්ද මේ සුපිරි වටය?

327

සුවහසක් වූ ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාලෝලීන් මහත් උනන්දුවකින් සහ ඇල්මකින් සෑම වර්ෂයක් පාසාම දැඩි කුතුහලයකින් යුතුව නෙත් යොමා බලා සිටින ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලිය මෙවර සිය සාම්ප්‍රදායික තරග ආකෘතියෙන් ඔබ්බට යමින් ප්‍රේක්ෂකයන් සහ ක්‍රීඩකයින් හට නැවුම් අත්දැකීමක පහස විඳ ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසා දී තිබේ.

ඒ අනුව මෙවර තරග වාරයේ සති 14ක තරග කාලසීමාව අවසානයත් සමඟම සුපිරි වටය යනුවෙන් නව තරග අත්දැකීමක්  සති දෙකක කාලයක් පුරාවට ඔබ හමුවේ ගෙන ඒමට ශ්‍රී ලංකා රග්බි බලාපොරොත්තුවෙන් පසුවේ.

පොලිස් පරදා, මහනුවර පසුකර හැව්ලොක් ලකුණු සටහනේ පළමු ස්ථානයට

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියේ දෙවන වටයේ තවත් තරගයක් අද (3) ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර පැවැත්වුණු අතර ලකුණු 35-26ක්…

මෙය ඇසු සැණින් බොහෝ දෙනාගේ සිත් තුල නැගෙන පැනය නම් සුපිරි වටයේ තරග රටාව ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි.

2012/13 තරග වාරය කේන්ද්‍රකර කරගනිමින් නව මුහුණුවරකින් ආරම්භ වූ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය එම කාලපරිච්ඡේදයේ සිට මේ දක්වා පැවැත්වූයේ ප්‍රධාන අදියර දෙකක් මූලික කරගනිමිනි.

ඒ අනුව සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සියල්ලන්ම සමගින් තරග දෙකක දී එකිනෙකා මුණගැසිය යුතු අතර එම තරග ද්විත්වයෙන් එක් තරගයක් සත්කාරකත්වය දරමින් ද අනෙක් තරගය ආගන්තුක පාර්ශවය වශයෙන් ද තරග වැදීමට එම කණ්ඩායම් වලට සිදු විය. සති 14ක කාලසීමාවක් පුරාවට තරග 14ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථානය අත්පත් කරගන්නා කණ්ඩායම එම වසරේ ලීග් ශූරයින් ලෙසින් අභිසෙස් ලැබීය.

මහනුවර අභිමානය නැවතත් බිඳ වැටේ

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ පස්වැනි සතියේ තරග ආරම්භ කරමින් මහනුවර ක්‍රීඩා සමාජය හා CH&FC ක්‍රීඩා සමාජය එකිනෙකා මුණගැසුණේ…

මෙවර තරග වාරයේ සුවිශේෂීත්වය වන්නේ දෙවන අදියරේ හත්වැනි සතියේ නිමාව සටහන් වීමත් සමඟම ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිය ආධිපත්‍යය පතුරවාලූ කණ්ඩායම් හතර කුසලාන ශූරතාවලිය සඳහා ද, සෙසු කණ්ඩායම් හතර පලිහ ශූරතාවලිය වෙනුවෙන් ද සටන් වැදීමට නියමිතයි.

ප්‍රබල මහනුවර කණ්ඩායමට එරෙහිව වාර්තා කළ පෙරළිකාර ජයග්‍රහණයේ සතුට සමරන CH ක්‍රීඩකයින්

ඒ අනුව සුපිරි වටය කුසලාන ශූරතාවලිය සඳහා දින නියම වී ඇති ආකාරය පිළිබඳ විස්තර පහත දැක්වේ.

සුපිරි වටයේ කුසලාන ශූරතාවලිය – පළමු සතියේ තරග කාලසටහන

  • තරග #57 පෙබරවාරි 23 වැනිදා – පළවැනි ස්ථානය සහ 4 වැනි ස්ථානය අතර
  • තරග #58 පෙබරවාරි 24 වැනිදා – දෙවන ස්ථානය සහ 3 වැනි ස්ථානය

සුපිරි වටයේ කුසලාන ශූරතාවලිය – දෙවන සතියේ තරග කාලසටහන

  • මාර්තු 2 වැනිදා – තරග #57 සහ තරග #58 ජයග්‍රාහී කණ්ඩායම් ද්විත්වය අතර
  • මාර්තු 3 වැනිදා – තරග #57 සහ තරග #58 පරාජිත කණ්ඩායම් ද්විත්වය අතර

මෙම තරග ක්‍රියාත්මක කරන ක්‍රීඩා පිටිය තීරණය කිරීම පිළිබඳ අවසන් තීන්දුව ගැනීමේ වරම ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම රැඳෙන කණ්ඩායම් දෙකට හිමි වන අතර සුපිරි වටයේ දෙවන සතියේ තරග සඳහා ද එම නීතිය එලෙසින්ම වලංගු වේ.

දොළොස්වන සතියේ නිමාවත් සමඟ ප්‍රසාද ලකුණු පුවරුව දිස් වූ ආකාරය

සුපිරි වටයේ සති දෙක සහ පිළිමළුන් පිටු දැකීමේ තරග ආකෘතිය අතර කිසිදු සබඳතාවක් නොමැති අතර ලීග් තරගාවලියේ උණුසුම තවත් සති දෙකක කාලයක් ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒම මෙහි ඒකායන බලාපොරොත්තුව වන බව තරගාවලි සංවිධායකවරුන් සිය අදහස් පළකොට තිබුණි. මෙවර ශූරයා තේරීමේ ක්‍රියාවලියේ දී මෙම තරගවල අවසන් ප්‍රතිඵල ද ගණනය වන බව ඔබ සැවොම මතකයේ තබාගත යුතු කරුණකි.

මහනුවර අභිමානය නැවතත් බිඳ වැටේ

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ පස්වැනි සතියේ තරග ආරම්භ කරමින් මහනුවර ක්‍රීඩා සමාජය හා CH&FC ක්‍රීඩා සමාජය එකිනෙකා මුණගැසුණේ….

පලිහ ශූරතාව සඳහා වන තරග සියල්ලම පාහේ කුසලාන ශූරතාව හා සමාන මුහුණුවරකින් පැවැත්වෙන අතර එම තරගවල කාලසටහන පහත දැක්වේ.

සුපිරි වටයේ පලිහ ශූරතාවලිය – පළමු සතියේ තරග කාලසටහන

  • තරග #61 පෙබරවාරි 22 වැනිදා – 4 වැනි ස්ථානය සහ 8 වැනි ස්ථානය
  • තරග #62 පෙබරවාරි 23 වැනිදා – 5 වැනි සහ 6 වැනි ස්ථානය

සුපිරි වටයේ පලිහ ශූරතාවලිය – දෙවන සතියේ තරග කාලසටහන

  • තරග #63 මාර්තු 1 වැනිදා – තරග #61 සහ #62 ජයග්‍රාහී කණ්ඩායම් යුගලය අතර
  • තරග #64 මාර්තු 3 වැනිදා – තරග #61 සහ #62 පරාජිත කණ්ඩායම් යුගලය අතර

දැනට තමන් සහභාගී වූ තරග 12න් 11ක් ජය ගනිමින් ප්‍රබල හැව්ලොක් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයෙහි පසුවන අතර ගිය වසරේ කිරුළෙහි හිමිකරුවන් වන මහනුවර ක්‍රීඩා සමාජය  හැව්ලොක් කණ්ඩායමට පමණක් දෙවැනි වෙමින් සහභාගී වූ තරග 12න් 10ක ජය තමන් සතු කර ගැනීමට සමත් වූ අතර ලකුණු ඔවුන් ලකුණු සටහනේ දෙවන ස්ථානය රැඳී සිටී.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<