උදානට තෙවැනි තරගය අහිමි වෙයි

99

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඉසුරු උදාන ඉන්දීය තරග සංචාරයේ ඉතිරි තරග සඳහා සහභාගි නොවන බව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පවසා සිටියා. 

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (07) පැවති තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය. 

වැඩිපුර වැරදි කළ ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්!

වැසි දියට සේදී ගිය ඉන්දු – ශ්‍රී ලංකා පළමු T20 තරගයෙන් අනතුරුව කණ්ඩායම් දෙක අද (07…

ශ්‍රී ලංකා ඉන්දීය දෙවන විස්සයි විස්ස තරගයේ සිව්වැනි පන්දුවාරයේ දී පන්දු ‍රැකීමක් අතරතුර ඉසුරු උදාන යම් ආබාධයකට ලක්වූ අතර ඔහු ඉන් අනතුරුව තරගයේ එක් පන්දුවක් හෝ යැවීමට නොපැමිණියේය. 

“මම ඔහුව විවේකාගාරයේ දී බැලුවා. ඔහු ගොඩක් වේදනාවෙන් හිටියේ. මම තවමත් ඔහුගේ ආබාධය ගැන දන්නේ නෑ. මම හිතන්නේ අපිට ඔහුව බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා එක්කරගැනීමට පුළුවන් වේවි. මම හිතන්නේ ඒකත් ඔහුට හදිස්සි කිරීමක් වේවි. “

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන විස්සයි විස්ස තරගය පරාජය වූයේ කඩුලු 7කිනි. ඉසුරු උදානගේ ඉවත් වීමත් සමඟින් එම පුරප්පාඩුව පිරවීම සඳහා ලසිත් මාලිංග විසින් දසුන් ශානක හා ධනංජය ද සිල්වා යොදා ගනු ලැබිණි. 

“අපි හිතපු දේවල් අපිට ලැබුණේ නෑ. පිතිකරුවන් අපි බලාපොරොත්තු වුන ලකුණුවලට අපිව අරන් ගියේ නෑ. කවුරුහරි 70ක් 80ක් ගත්තා නම් අපිට ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න තිබුණා. ඒක තමයි මේ නවක ක්‍රීඩකයන්ට වටින්නේ. අපිට ලොකු වෙනස්කම් කීපයක් කරන්න වෙනවා. තරගයක් ජයග්‍රහණය කරන එකේ ඉදන්ම අපි සැලසුම් කරන්න ඕනේ.” 

මෙම විස්සයි විස්ස තරගය මිකී ආතර්ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු විස්සයි විස්ස තරගය වන අතර එළඹෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා ඔහුට විශේෂ කාර්‍යභාරයන් රැසක් පැවරී ඇත. 2020 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී මෙම වර්ෂය අවසානයේ දී ආරම්භ වීමට නියමිතය. 

ස්ටොක්ස්ගේ මැජික් දස්කම් සමඟ එංගලන්තය එකට එක කරයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර කේප්….

“අපිට ගොඩක් හොඳ නවක ක්‍රීඩකයන් ඉන්නවා. අපිට තවත් මාස 8ක කාලයක් තියනවා. ඒක ලොකු අභියෝගයක් වේවි. ඒත් මම එළඹෙන ලෝක කුසලාන තරගාවලිය ගැනත් හිතලා සැලසුම් සකස් කරනවා. ඒ වෙද්දී මේ ක්‍රීඩකයන් ගොඩක් පළපුරුදු ක්‍රීඩකයන් වේවි.”

ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි විස්ස තරගාවලිය තරග 3කින් සමන්විත වන අතර ඉන්දීය කණ්ඩායම මේ වන විට 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටී. පළමු තරගය වර්ෂාව නිසා අත්හැර දැමූ අතර අවසන් තරගය පූනේ හිදී එළඹෙන 10 වන සිකුරාදා පැවැත්වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<