ඩයලොග් කනිෂ්ඨ දැල්පන්දු කිරුළ කුරුණෑගලට

100

ඩයලොග් කනිෂ්ඨ පාසල් දැල්පන්දු තරගාවලිය පසුගියදා නිමාවට පත්විය. ඒ තරගාවලියේ ශූරතාවය කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට හිමිකර දෙමිනි. 

දැල්පන්දු ඉතිහාසයේ පළමු වතාවට ඉහළ කාර්‍ය සාධනයට නව අංශයක්

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය ………..

අවසන් තරගයේ දී ඔවුන් Kandy Blues කණ්ඩායම පරාජය කිරීමට සමත් විය. අවසන් ලකුණු තත්ත්වය දැක්වූයේ ලකුණු 32-19ක් ලෙසිනි. තරගය කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. 

අවසන් තරගයේ පළමු කාර්තුව නිමා වන විට ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ලකුණු 4ක පරතරයක් තබා ගැනීමට සමත් වූ අතර එම කණ්ඩායමේ ගෝල විදින්නියන්ගේ දක්ෂතාවයක් කැපී පෙනෙන්නට විය. 

Kandy Blues කණ්ඩායම තම ප්‍රතිවාදීන්ට කිසිදු අභියෝගයක් එල්ල කිරීමට සමත් වන ආකාරයක් දක්නට නොලැබුණි. තරගයේ දෙවන අර්ධය නිමා වූයේ ලකුණු 16-09ක් ලෙස කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට පෙරමුණ හිමිකර දෙමිනි. 

මහනුවර කණ්ඩායම දෙවන අර්ධයේ දී තරමක අභියෝගාත්මක ක්‍රීඩා රටාවකට අවතීර්ණ වුවද නොනවතින කුරුණෑගල ලකුණු රැස්කිරීම හමුවේ ඔවුන්ගේ ප්‍රහාරය එතරම් සාර්ථක වූයේ නැත. 

කුරුණෑගල කණ්ඩායම ප්‍රබල ලෙස තම ආරක්ෂක වලල්ල ගොඩනගාගෙන සිටි අතර එය බිඳ හෙලීම මහනුවර කණ්ඩායමට තරමක අභියෝගයක් විය. කෙසේ වෙතත් තරගය නිමා වන විට කුරුණෑගල කණ්ඩායම තම ජයග්‍රහණය තහවුරු කරගෙන සිටියහ. 

ලකුණු ලබා ගැනීම

  • පළමු කාර්තුව: කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය 8 – 4 Kandy Blues කණ්ඩායම 
  • දෙවන කාර්තුව: කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය 8 – 5 Kandy Blues කණ්ඩායම 
  • තුන්වැනි කාර්තුව: කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය 9 – 3 Kandy Blues කණ්ඩායම 
  • සිව්වැනි කාර්තුව: කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය 7 – 7 Kandy Blues කණ්ඩායම 

අවසන් ලකුණු තත්ත්වය: කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය 32 – 19 Kandy Blues කණ්ඩායම 

පළමු වටය

තරගාවලියේ පළමු වටය සඳහා කණ්ඩායම් 34ක් එක්ව සිටි අතර එහි තරග කාණ්ඩ 4ක් යටතේ පැවැත්විය. එක් එක් කාණ්ඩවල මුල් ස්ථාන 4 දිනා ගන්නා කණ්ඩායම් අවසන් 16 දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය. 

පළමු වටයේ කණ්ඩායම්

 Teams – Round 1

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය D කාණ්ඩය
කෑගල්ල B කෑගල්ල A විසාකා විද්‍යාලය යාපනය
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය – කුරුණෑගල  කළුතර B HFC කාන්තා විද්‍යාලය SL Schools AKBV
Playground A Red පුත්තලම  මහවැලි කුරුණෑගල A HFC
Playground B Blue කුරුණෑගල B ක්‍රීඩා සමාජය  ගම්පහ නුවරඑළිය 
මාතලේ කිලිනොච්චිය  ගාල්ල A බදුල්ල 
මොනරාගල  රත්නපුර  මන්නාරම වව්නියාව
පොලොන්නරුව  මහනුවර B FTZ A FTZ B
Kandy Blue කොළඹ PGS කොළඹ A ගේට්වේ අනුරාධපුර 
ගාල්ල B කළුතර බාලිකා විද්‍යාලය 

වසර අවසානයේ දැල්පන්දු කැලැන්ඩරයට තරගාවලි දෙකක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ………

අවසන් තරගය දක්වා ආ ගමන් මඟ

තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වැදුණු කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය එම කාණ්ඩයේ ප්‍රථමයා ලෙස මූලික වටය නිමා කළහ. ඔවුන් 16 දෙනාගේ වටයේ පුත්තලම කණ්ඩායම පරාජය කළ අතර ඉන් අනතුරුව කොළඹ A කණ්ඩායම හා Colombo Net Fire කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ අවසන් තරගය දක්වා පැමිණීමට සමත් විය. 

අනෙක් පසින් Kandy Blues කණ්ඩායම තරගාවලියේ B කාණ්ඩයෙන් තරග වැදුණු අතර මූලික වටයෙන් අනතුරුව ඔවුන් බදුල්ල කණ්ඩායම, කුරුණෑගල A කණ්ඩායම හා කළුතර කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගය දක්වා පැමිණීමට සමත් විය. 

තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා වන තරගය කළුතර කණ්ඩායම හා Colombo Net Fire කණ්ඩායම අතර පැවැත්විය. එම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර අවසානයේ දී කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය එම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 37-33ක් ලෙසිනි. 

  • පළමු කාර්තුව: ශ්‍රී ලංකා පාසල් කළුතර කණ්ඩායම 9 – 9 Colombo Net Fire කණ්ඩායම 
  • දෙවන කාර්තුව: ශ්‍රී ලංකා පාසල් කළුතර කණ්ඩායම 12 – 6 Colombo Net Fire කණ්ඩායම 
  • තුන්වැනි කාර්තුව: ශ්‍රී ලංකා පාසල් කළුතර කණ්ඩායම 6 – 9 Colombo Net Fire කණ්ඩායම 
  • සිව්වැනි කාර්තුව: ශ්‍රී ලංකා පාසල් කළුතර කණ්ඩායම 10 – 9 Colombo Net Fire කණ්ඩායම 

අවසන් ලකුණු තත්ත්වය: ශ්‍රී ලංකා පාසල් කළුතර කණ්ඩායම 37 – 33 Colombo Net Fire කණ්ඩායම 

ඩයලොග් ආසිආටා ආයතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ පැවති මෙම තරගාවලියේ දී විශේෂ කුසලතා හා ඇගයීම් කීපයක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය කටයුතු කර තිබුණි.

අවසන් කණ්ඩායම් 16 අතරට පිවිසි සියලු කණ්ඩායම්වල පුහුණුකරුවන්ට සහතික පත් ප්‍රධානය කළ අතර තරගාවලියේ මුල් ස්ථාන තුන දිනා ගත් පාසල්වල පුහුණුකරුවන්ට ද විශේෂ කුසලාන පිරිනැමීමට ඩයලොග් ආසිආටා ආයතනය කටයුතු කර තිබුණි.

  • දැල්පන්දු රැජින – හිරුණි මෙත්මා දයාවංශ (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)
  • දක්ෂතම පන්දු විදින්නිය – උත්පලා සංජිනී රත්නායක (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)
  • දක්ෂතම පන්දු රකින්නිය – සෙක්මි දනංජී (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)
  • දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව – ෆයිසා ෆරෝස් (Kandy Blues)

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<