හිරුණි නැවතත් මැරතන්වලින් දස්කම් දක්වයි

177

2018 ඉන්දියානාපොලිස් අනුස්මරණීය මැරතන් තරගයේ කාන්තා අංශයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ හිරුණි විජයරත්න සමත් විය. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින හිරුණි, ශ්‍රී ලංකාවේ කාන්තා මැරතන් ඉසව්වේ වාර්තා ලාභිනිය ද වේ.

අරුණ, රන්දී, අමිල සහ නදීෂා සම්මාන දිනයි

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන ලද ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ 30 වන අදියර ඔක්තෝබර් 26 සිට දින තුනක්….

විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවතී ඉන්දියානාපොලිස් මැරතන් ඉසව්වේ දී බොහෝ පිරිමි තරගකරුවන් ද අභිබවමින් 39 වැනි ස්ථානය (සමස්ත) හිරුණි විසින් හිමිකර ගැනීමත් සුවිශේෂී කරුණකි.

මෙහි දී ඉසව්ව නිමා කිරීම සඳහා පැ2:38:34ක කාලයක් හිරුණිට ගත වූ අතර එය ඇයගේ දෙවැනි හොඳම කාලය සහ ශ්‍රී ලංකාවේ කාන්තා මැරතන් හි හොඳම දෙවැනි කාලය ද වේ. පැ2:36:35 වන හිරුණිගේ හොඳම කාලය ඇය විසින් හූස්ටන් මැරතන් තරගයේ දී වාර්තා කළ අතර එය ශ්‍රී ලංකාවේ කාන්තා මැරතන් ඉසව්වේ ජාතික වාර්තාව ද වේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ දී පැවති චිකාගෝ මැරතන් තරගයේ දී ඉසව්ව අවසන් කිරීමට හිරුණිට නොහැකි විය. එහි දී ඉසව්වේ අර්ධයක දුරක් පමණක් හිරුණි විසින් නිමා කළ අතර ඒ සඳහා ඇයට පැ:1:18:07ක කාලයක් ගතවිය. ඒ අනුව ඉන්දියානාපොලිස් තරගයේ දී ඇය විසින් විශිෂ්ට සටන්කාමීත්වයක් පෙන්නුම් කරමින් ඇයගේම වාර්තාවට අභියෝගයක් එල්ල කර තිබේ.

ඉන්දියානාපොලිස් තරගයේ අවසාන මීටර 10000 වන තෙක්ම හිරුණි විසින් පෙරමුණ ගෙන සිටියත්, අවසාන මීටර 10000 දී ලෝරි නෝවෙල්ස් විසින් හිරුණිව අභිබවමින් තරගයේ පෙරමුණ ගත් අතර ලෝරි විසින් කාන්තා අංශයේ ජය හිමිකර ගත්තේ පැ2:37:50ක කාලයක් වාර්තා කරමිනි. වයස අවුරුදු 25-29 කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකරගත් තරගකාරිය වූයේ ද හිරුණිය.

ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ ඇයගේ මුහුණු පොතේ සටහනක් තැබීමට ද හිරුණි අමතක නොකළාය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<