බෝල්ට්ගේ පුහුණුකරු සමඟ පුහුණුවකට හිමාෂ එ්ෂාන් ජැමෙයිකාවට

1012
Himasha Eshan went Jamaica for a training program

පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළීමට සමත් වූ කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන් මාස 6ක පුහුණුවක් සඳහා පසුගියදා ජැමෙයිකාව බලා පිටත්ව ගියේය.

එ් ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළ පැලඳ සිටින කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට්ගේ පුහුණුකරු වන ග්ලේන් මිල්ස් යටතේ පුහුණුවීම සඳහායි.

හෙල්ලත් අරන් ඔලිම්පික් යන සුගත්ගේ සැලැස්ම එළියට

“ජාතික හෙල්ල විසි කිරීමේ සැණකෙළිය” නම් සිව් අවුරුදු මලල ක්‍රීඩා වැඩසටහනක් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (6) කොළඹ දී පැවැත්විය.

මාස 6ක පුහුණුවක් සඳහා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය මඟින් හිමාෂ හට ශිෂ්‍යත්වයක් හිමි වූ අතර ඔහු ලබන අගෝස්තු මාසය දක්වා ජැමෙයිකාවේ රැදී සිටීමට නියමිතයි.

එළඹෙන ජුනි මස 1 වැනිදා සිට 4 වැනිදා දක්වා ඉන්දියාවේ රන්චි හිදී පැවැත්වීමට නියමිත ආසියානු ශූරතාවලියට සහභාගී වීම සඳහා හිමාෂ නැවතත් පැමිණීමට නියමිත අතර ජුලි මස 23 වැනිදාට ප්‍රථම අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලන ලෝක ශූරතා තරගාවලියේදී මීටර් 100 ඉසව්ව නියෝජනය කිරීම සඳහා පරිසාධන මට්ටම වන තත්පර 10.12ක දක්ෂතාවයක් සපුරා ගැනීමට ද හිමාෂ ඒෂාන්ට සිදුවේ.

ශ්‍රී ලංකාව තුළ පුහුණුවීම් සඳහා නිසියාකාර ක්‍රීඩා පිටියක් නොමැතිි අවස්ථාවක මෙවැනි ශිෂ්‍යත්වයක් ලැබීම පිළිබඳ ඉතා සතුටට පත් වන බව හිමාෂ ඒෂාන්ගේ පවසයි.

මේ වන විට බලාපොරොත්තු තැබිය හැකි මට්ටමේ දක්ෂතා දක්වන ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදේශ පුහුණුවීම් සඳහා යොමු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස හිමාෂ ඒෂාන් සහ ඔහුගේ පුහුණුකරු මීට ඉහත දී ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණ ද, ඒ තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකිවූ අතර තරග නොපැවැත්වුණු කාල සීමාව තුළ නුවරඑළියේ දී පුහුණුවීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය මුදල් ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට