මරික්කාර් කලකිරීම නිසා ඉල්ලා අස්වෙයි

490
Inthi Marikar

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ඉහළ දස්කම් කළමනාකරු ලෙස කටයුතු කළ ඉන්ති මරික්කාර් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට තවත් ඉතිරිව ඇත්තේ දින 90කටත් අඩු කාලයක් වන අතර 2016 දී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ඉහළ දස්කම් කළමනාකරුවෙකු පත් වූයේ පැහැදිලිවම සත් සාමාජික ආකෘතිය ප්‍රධාන කරගෙනය.   

රග්බි ආකෘතිය සංශෝධනය කරන්නට සාකච්ඡා

අවසාන වතාවට අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ආකෘතිය වෙනස් වූයේ 2014…

ඉන්ති මරික්කාර් මහතාගේ අනුදැනුම යටතේ ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම ආසියානු සත් සාමාජික තරගාවලියේ තෙවන ස්ථානයට තරගාවලිය නිමා කළ අතර ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායමේ දක්ෂතා දිනෙන් දින ඉහළ දැමීමට ඔහුගේ වැඩපිළිවෙළ හේතු විය.  

කනිෂ්ඨ සත් සාමාජික කණ්ඩායමට ඔහු දියත් කළ වැඩපිළිවෙළවල් ද ඉතා ධනාත්මක වූ අතර  2016 ආසියානු කනිෂ්ඨ ශූරතාවය ද 2017 වයස අවුරුදු 20න් පහළ අනුශූරයින් බවට පත් වීමට ද ශ්‍රී ලංකා කනිෂ්ඨ සත් සාමාජික ක්‍රීඩකයෝ සමත් විය.

සත් සාමාජික කණ්ඩායම් ඉදිරියට රැගෙන යෑම සඳහා නිසි වැඩපිළිවෙළක් නොමැති වීම නිසා කලකිරීමට පත් ඒ මහතා මෙසේ අදහස් දැක්විය. “ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ වැඩසටහන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් පසු නැවතී තිබෙනවා, ආසියානු ක්‍රීඩා උළෙලට තව ඇත්තේ දවස් 90කටත් අඩු කාලයක් වුනත් තවමත් කිසිම සූදානමක් නැහැ.”

ප්‍රබල කණ්ඩායමක් සත් සාමාජික තරගාවලියෙන් ඉවතට

කොළඹ රග්බි පාපන්දු ක්‍රීඩා සමාජය හෙවත් CR & FC ක්‍රීඩා සමාජය 2018 ඩයලොග් අන්තර්..

“කාන්තා වැඩසටහනත් දැන් මාස කිහිපයක සිට පැවැත්වෙන්නේ නැහැ.”

ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම 2018 වසර ඉතා ඉහළ දක්ෂතා සමඟින් ආරම්භ කළ අතර බෝර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය. ඉන් පසුව ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ද පෙර වසරවලට වඩා සාර්ථක වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ආසියානු ක්‍රීඩා උළෙල මේ වසරේ අගෝස්තු මාසයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා මේ වසරේ දී සත් සාමාජික රග්බි ඉසව්ව ද ඇතුළත් වනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<