ආසියා කුසලාන සහ 20-20 ලෝක කුසලාන සංචිතය නම් කෙරේ

615
දික්වැල්ල සහ ජයසූරිය ලෝක කුසලාන 20-20 තරඟාවලිය ට. රංගන හේරත් නැවතත් කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව විසින්, බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන 20-20 තරඟාවලිය සහ ඉන්දියාවේ පැවැත්වවීට නියමිත ICC 20-20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත ශක්තිමත් කණ්ඩායමක් නම් කර තිබේ. 

වේගපන්දු යවන කී්‍රඩක ලසිත් මාලිංග විසින් කණ්ඩායමට නායකත්වය දෙනු ලබන අතර, තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ උප නායකත්වය දරණු ඇත. 2014 වර්ෂයේ ලැබූ ජයග්‍රහණයන් සමග මේ වනවිට 20-20 ලෝක කුසලානයේ මෙන්ම ආසියානු කුසලාන තරඟාවලියේ ශූරයන් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

වසර දෙකකට පෙර ලෝක කුසලානය දිනාගත් ජයග්‍රාහී කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් 8 දෙනෙකු මෙවර කණ්ඩායමට ඇතුළත්ව සිටී. නව කණ්ඩායම් සාමාජිකයින් වන්නේ, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, දුෂ්‍මන්ත චමීර, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, ශෙහාන් ජයසූරීය සහ ජෙෆ්රි වැන්ඩර්සේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම අත්දැකීම් අඩු කී්‍රඩකයින් සමඟ මෑතකදී ඉන්දියාව සමඟ පැවතී 20-20 තරඟාවලිය, 2 ට 1 ක් ලෙස සහ නවසීලන්තය සමඟ පැවතී 20-20 තරගාවලිය 2 ට 0 ක් ලෙස පරාජය වීම හේතුවෙන් මේ වනවිට ජාත්‍යන්තර 20-20 ශ්‍රේණිගත කිරීම්වලට  අනුව 5වන ස්ථානයට පත්ව ඇත.

ආබාධයන්ට ලක් වීමෙන් පෙබරවාරී මුල පැවතී ඉන්දියානූ සංචාරය අහිමි වූ ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත් සහ නුවන් කුලසේකර කණ්ඩායමට නම් කර ඇත. 37 වියැති රංගන හේරත් අවසන් වරට 20-20 ජාත්‍යන්තර තරගයකට සහභාගී වූයේ, ශ්‍රී ලංකාව 20-20 ලෝක කුසලානය දිනාගත් 2014 වසරේ අප්‍රේල් 6 වැනි දාය.
පසුගියදා ඉන්දියාව සමඟ පැවතී 20-20 තරඟාවලියේ එතරම් පිත්තෙන් දස්කම් නොදැක්වූ කඩුළු රකින පිතිකරුවෙකු වන නිරෝෂන් දික්වැල්ල ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවකු ලෙස සහ අතිරේක කඩුළු රකින්නකු ලෙස සංචිතයට කැඳවා තිබේ. ළහිරු තිරිමාන්න සහ ධනුෂ්ක ගුණතිලක ට ඉහළින් තුන් ඉරියව් පිතිකරුවකු වන ශෙහාන් ජයසූරීය සංචිතයට කැඳවා තිබේ.

තේරීම් කමිටුව විසින් දඟපන්දු යවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්නට අමතරව දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රී වැන්ඩර්සේ තේරාගෙන ඇති අතර වේගපපන්දු යවන තුන් ඉරියව් කී්‍රඩකයින් වන තිසර පෙරේරා සහ දසුන් ශානක ද සංචිතයට ඇතුළත් කර තිබේ.

20-20 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීම සඳහා රටවල් අටක්, රටවල් හතරකින් යුත් කණ්ඩායම් දෙකක් යටතේ පළමු වටයේ තරඟවලට සහභාගී වන අතර, එයින් ජයගන්නා කණ්ඩායම් දෙක සුපරි 10 වටයේ තරඟාවලියට එක්වන රටවල් අට අතරට එක් වී තරඟ වදිනු ලබන අතර, තරඟාවලිය රවටල් 5 කින් යුත් කණ්ඩායම් දෙකක් යටතේ තරඟ වදිනු ඇත. සුපරි 10 වටයේ කණ්ඩායම් දෙකෙන් පළමු හා දෙවැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, අවසන් මහා තරඟය, ඉන්දියාවේ ඊඩ්න් ගාඩ්න් කී්‍රඩාංගනයේ දී පැවැත්වේ.

ශී්‍ර ලංකා කණ්ඩායම මාර්තු මස 17 වනදා කොල්කටා නුවරදී සිය පළමු තරඟය සදහා සහභාගී වීමට නියමිතය. ඉන්පසුව මාර්තු මස 20 වනදා පැවැත්වෙන දෙවන අභියෝගාත්මක තරඟය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වේ. ඉන් දින හයකට පසු ශ්‍රී ලංකාව සහ එන්ගලන්තය අතර තරඟය නව දිල්ලියේදී පැවැත්වෙන අතර මාර්තු මස 28 වනදා දකුණු අප්‍රිකාව සමඟ තරඟයට මුහුණ දීමට නියමිතය.

ආසියා කුසලාන සහ 20-20 ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා සංචිතය

ලසිත් මාලිංග (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), දිනේෂ් චන්දිමාල්, ටී.එම් දිප්ෂාන්, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, දසුන් ශානක, රංගන හේරත්, දුෂ්මන්ත චමීර, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, ජෙෆ්රි වැන්ඩසේ