හේරත් සහ ලක්මාල් ටෙස්ට් තරග දෙකකට පමණයි

2086

ශ්‍රී ලංකා කණ්ඩයම ටෙස්ට් තරග තුනක් සඳහා ලබන මස කොදෙව් දූපත් හි සංචාරයක නිරත වන අතර සුපිරි ක්‍රීඩක රංගන හේරත් එම ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා පමණක් සහභාගී කර ගැනීමට නියමිත බව වාර්තා වේ.

හතළිස් වියැති මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාට නිසි විවේකය ලබා දෙමින් ඔහුගේ ක්‍රීඩා දිවිය ආබාධවලින් තොරව තවත් දිගු කර ගැනීමට පසුගිය වසරේ සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ක්‍රමවේදය භාවිතා කරයි. ඒ අනුව බාබඩෝස් හි දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස ක්‍රියාත්මක වන තෙවන හා අවසාන ටෙස්ට් තරගයට රංගන ඇතුළත් නොවනු ඇත.

අවසන් සංචිතයේ දිමුත් වෙනුවට උඩවත්තට ටෙස්ට් වරම්

ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව එළඹෙන ජුනි මාසයේ යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩයමේ කොදෙව් සංචාරය

“රංගන බොහෝ විට ටෙස්ට් තරග දෙකකට පමණක් සහභාගී වෙයි, ඔහු පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරාට පසුව අපි බලනවා ඉන්පසුව මොකද කරන්නේ කියලා, බොහෝ විට රංගන රෝස පන්දු දිවා රාත්‍රී ටෙස්ට් තරගයට සහභාගී නොවේවි, මොකද වේගපන්දු යවන්නන් රෝස බෝලයෙන් වාසි ලබා ගන්නා නිසා. සෑම ඉනිමකම පන්දුවාර තිහ බැගින් යවන්න රංගනට අපහසුයි, ඒ නිසා ඔහුව නිසි පරිදි කළමනාකරණය කරන්න ඕන.” යැයි තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්‍රෝයි අදහස් දැක්විය.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වන සුරංග ලක්මාල් හට පාදයේ ආබාධයක් හේතුවෙන් සුපිරි පළාත් තරගාවලිය අහිමි වූ අතර ආබාධය සුව වූ පසු ඔහු ද කොදෙව් සංචාරයට එක්වන අතර ලක්මාල්ව දීර්ඝ කාලීනව ක්‍රීඩා කරවීමේ අරමුණින් ඔහුව ද ටෙස්ට් තරග දෙකක් පමණක් ක්‍රීඩා කරවන බව තේරීම් කමිටු ප්‍රධානි ප්‍රකාශ කළේය.

“සුරංගත් ටෙස්ට් තරග දෙකක් පමණක් ක්‍රීඩා කරාවි, අපිට ඔහුව ආරක්ෂා කරන්න ඕන, අපි ක්‍රීඩකයින් 17ක් සංචාරයට රැගෙන යන්නේ මේ අරමුණ මත. දිවා රාත්‍රී තරගයට අමතර වේගපන්දු යවන්නන් දෙදෙනෙක් යොදා ගැනීම අපේ අරමුණයි.”

තවදුරටත් අදහස් දැක්වූ ග්‍රැහැම් ලැබ්‍රෝයි ප්‍රකාශ කර සිටියේ 2017 වසරේ සාර්ථකම පිතිකරු වූ දිමුත් කරුණාරත්න සංචිතයෙන් ඉවත් කිරීම ඉතා අපහසු තීරණයක් වූ බවත්, ඇඟිල්ලේ ආබාධයෙන් පසු ඔහුට දෙවන ටෙස්ට් තරගයට සහභාගී වීමට හැකි යැයි වෛද්‍යවරුන් පැවසුවත් ශාරීරික සුවතාවයට මූලිකත්වය දෙමින් ඔහුව මෙම සංචාරයට සහභාගී කර නොගැනීමට තීරණය කළ බවත්ය.  

ටෙස්ට් ක්‍රිකට් පිටියේ නවකයින් තිදෙනා

ක්‍රිකට් ලෝකය අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය ටෙස්ට් තරග සඳහා පිළිගැනීමට සූදානමෙන් සිටින මේ

“දිමුත්ගේ ආබාධය අවිනිශ්චිත වුනා, වෛද්‍ය කණ්ඩයම් ඔහුව දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරවීම සඳහා සුදුසු යැයි කීවත් අපි ඔහුගේ ශාරීරික සුවතාවය අනතුරේ දාන්න කැමති වුනේ නැහැ, තරගාවලියට තවත් ඇත්තේ සති හයයි, දිමුත්ට එතරම් පුහුණුවක් ලබා ගැනීමට ලැබුනෙත් නැහැ, එම නිසා හදිස්සි නොවී, පසුව තිබෙන දකුණු අප්‍රිකානු තරගාවලියට නැවුම් ලෙස දිමුත්ව සහභාගී කරවීමයි අපේ අරමුණ.”

දිමුත්ට කොදෙව් සංචාරය අහිමි වන ලකුණු

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ආබාධයකට .

ශරීර සුවතාව ඇගයීමෙන් පසුව ඇන්ජෙලෝ මැතිව්ස් නැවත කණ්ඩායමට එක්වන අතර සුරංග ලක්මාල් ද එවැනි ශාරීරික සුවතා ඇගයීමකට ලක්වීමට නියමිතයි. කෙසේ වෙතත් ලබ්‍රෝයි මහතා ප්‍රකාශ කර සිටියේ මෙම ඇගයීම් සාමාන්‍ය දෛනික ඇගයීම් බවයි.

“ඔවුන් තරග සඳහා සුදුසුයි යැයි වෛද්‍යවරුන් නම් කර තිබුනත් තරග තත්වයන් තුල දී ඔවුන් ක්‍රීඩා කරන ආකාරය අපි බලන්න ඕන, සුපිරි පළාත් තරගාවලියේ තරග කිහිපයක් ඇරුණු කොට පසුගිය මාස කිහිපයේ ඔවුන් වැඩිය ක්‍රීඩා කර නැහැ, අපි මේ දිනවල තරග තත්වයන් පිළිබඳ පරීක්ෂණ තරග/ පුහුණුවීම් පවත්වනවා, ඒවා සමත් වුනොත් ඔවුන්ට ගැටලුවක් නැහැ”

Herath and Lakmal will only play two Tests ලිපියේ පරිවර්තනයකි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<