හේමන්ත දේවප්‍රියට නව තනතුරක්

299
Hemantha Devapriya appointed as Head Coach for Sri Lanka Women’s Team

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (25) පැවැති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ප්‍රකාශ කරන ලදි.

පසුගිය ලිපි: “මට විශ්වාසයි අපේ කණ්ඩායම සිම්බාබ්වේදී හොඳින් දක්ෂතා දක්වනවා කියලා” – හේරත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගත තත්ත්වය පිළිබඳ සාකච්ඡාවට ලක්වූ මෙම මාධ්‍ය හමුවේ දී  හේමන්ත දේවප්‍රිය මහතාගේ දක්ෂතා, සුදුසුකම් පිළිබඳව හා ඔහුට ඇති අත්දැකීම් ප්‍රමාණය සලකා බලා ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරීමට තීරණය කල බව සදහන් විය. දේවප්‍රිය මහතාට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ අනුමැතිය ඇති තෙවන පංතියේ පුහුණුකරු සුදුසුකම් මට්ටමක්ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිකුත් කල දෙවන පංතියේ පුහුණුකරු මට්ටමක්ද සපුරා ඇති අතර එම මහතා පුහුණුකරු ධූරයේ වසර 15ක අත්දැකීම් සමුදායකින් ද සමන්විත වේ.

දේවප්‍රිය මහතා මීට පෙර බ්ලුම් ෆීල්ඩ්, ෆින්ගාරා, එන්. සී. සී සහ කොළඹ ක්‍රිකට් සමාජය යන කණ්ඩායම් හි ප්‍රධාන පුහුණුකරු ලෙස තම සේවය එම කණ්ඩායම් වලට සාර්ථකව ලබාදී ඇත.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එදිරිව කඩුලු රකින්නෙකු හා පිතිකරුවෙකු ලෙස වර්ෂ 1980දී තම මංගල තරගයට සහභාගි වූ මේ මහතා ගාලු පිටියේදී ලකුණු 81ක් ලබා ගන්නා ලදි.  අනතුරුව වර්ෂ 1981දී පැවැත්වූ එංගලන්ත තරගාවලියේ දී අර්ධ ශතක ලාභියෙක් වන දේවප්‍රිය මහතා පළමු පෙළ තරඟ 70කදී ලකුණු 1761ක් ලබාගෙන ඇති අතර, අර්ධ ශතක 10ක් ඔහුගේ නම ඉදිරියෙන් සටහන්ව තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩිකා ඕෂදී වීරසිංහ සහය පුහුණුකාරිනී ලෙස පත්කර ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට