විනය විරෝධී ලෙස හැසිරුණු වැන්ඩර්සේට දැඩි දඬුවම්

434
Vandersay

නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර විනය විරෝධී ලෙස හැසිරීම නිසා නැවත දිවයිනට හරවා එවුණු ජෙෆ්රි වැන්ඩර්සේ හට සියලු ආකෘතිවලට බලපාන සේ වසරක අත්හිටවූ තරග තහනමක් පනවා තිබේ.

මැදපෙළ අසාර්ථක වෙද්දී දනංජයගෙන් පැන් පොදක්

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය /p>

වැන්ඩර්සේ හා තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් දෙවන ටෙස්ට් තරගයේ අවසාන දිනය නිමාවීමත් සමඟ සාන්ත ලුසියා හි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති අතර පසුදින උදයේ වැන්ඩර්සේ සිය කාමරයේ නොසිටීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සාන්ත ලුසියා පොලිසිය වෙත පැමිණිල්ලක් ද කර තිබුණි.   

කෙසේ වුවත් පැය කිහිපයකට පසු ඔහු නැවත ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයට පැමිණ ඇති අතර නිදහසට කරුණු ලෙස ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට පවසා ඇත්තේ අනෙක් ක්‍රීඩකයින් තිදෙනා ඔහුව තනිවම සමාජ ශාලාවේ දමා ආ බවත් රාත්‍රියේ ඔහු අතරමන් වූ බවත්ය.

ඒ පිළිබඳව පැවති පරීක්ෂණයේ දී වැන්ඩර්සේ සිය වරද පිළිගෙන ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට සිය වාර්ෂික ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් ද වසරක සියලුම ක්‍රිකට් ආකෘති වලට වසරක අත්හිටවූ තහනමක් ද පනවා තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<